Crypto Brief Glossary

Newsletter එකේ එන English terms වල තේරුම මෙතන තියෙනවා. හැම term එකකටම තියෙන්නේ කෙටි තේරුමක් සහ "ඇයි වැදගත්" කියන එක.

මේ page එක අලුත් terms එකතු වෙනකොට update කරනවා.


Price සහ chart

Daily close. Bitcoin daily candle එක ඉවර වෙන වෙලාව. UTC 00:00, ලංකාවේ වෙලාවෙන් උදේ 5.30. ඇයි වැදගත්: දවස ඇතුළේ එන ඉක්මන් moves (wicks) වලට වඩා close එක විශ්වාස කරන්න පුළුවන්.

Wick. Candle එකේ ඉක්මනට ගිහින් ආපහු ආපු කොටස. ඇයි වැදගත්: Wick එකක් level එකක් "කැඩුවා" කියලා ගන්න බෑ. Close එක බලන්න.

Support / Resistance. Price එක කලින් නැවතුණු, හැරුණු මට්ටම්. Support පහළින්, resistance උඩින්.

Weekly / Monthly open. සතියේ (සඳුදා 5.30) සහ මාසයේ (1 වෙනිදා 5.30) මුල් price එක. ඇයි වැදගත්: ගොඩක් traders ලා මේ levels බලනවා. Price එක ඒවාට උඩින්ද පහළින්ද කියන එක trend එකේ පොඩි ලකුණක්.

CME gap. US CME exchange එකේ Bitcoin futures සිකුරාදා රෑ වහලා සඳුදා open කරනවා. ඒ අතරේ price එක move වුණොත් chart එකේ "gap" එකක් ඉතුරු වෙනවා. ඇයි වැදගත්: සමහර වෙලාවට price එක ආපහු ගිහින් ඒ gap එක පුරවනවා. හැම වෙලාවෙම නෙවෙයි.


ETF සල්ලි

Spot Bitcoin ETF. US stock market එකේ Bitcoin වලට ආයෝජනය කරන funds. BlackRock IBIT, Fidelity FBTC වගේ.

Inflow / Outflow. ETF වලට අලුතෙන් එන සල්ලි (inflow), එළියට යන සල්ලි (outflow). ඇයි වැදගත්: ලොකු institutional buyers ලා මොකද කරන්නේ කියන එකේ හොඳම දෛනික ලකුණ. හැබැයි එක දවසක් trend එකක් නෙවෙයි.

"Number එක සම්පූර්ණ නෑ". BlackRock IBIT data එක ගොඩක් වෙලාවට ප්‍රමාද වෙලා එනවා. ඒ data නැතුව දවසේ total එක දාන්නේ නෑ.


Leverage සහ futures

Leverage. ණයට ගත්ත සල්ලි එක්ක trade කිරීම. 10x කියන්නේ $100 කින් $1,000 ක position එකක්. ඇයි වැදගත්: ලාභයත් පාඩුවත් දෙකම ලොකු වෙනවා.

Long / Short. Price එක උඩ යයි කියලා trade එකක් (long). පහළ යයි කියලා (short).

Liquidation. Leverage position එකක පාඩුව ලොකු වුණාම exchange එක ඒක බලෙන් වහනවා. ඇයි වැදගත්: ලොකු liquidations එකපාර ආවම price move එක තවත් වේගවත් වෙනවා. ඔක්තෝබර් 8 දවසකට $1.1B ක් liquidate වුණා.

Liquidation clusters / heatmap. ගොඩක් leveraged positions liquidate වෙන price levels පෙන්නන map එක. ඇයි වැදගත්: Price එක ගොඩක් වෙලාවට ඒ levels දිහාට ඇදිලා යනවා.

Open interest (OI). Futures market එකේ තවම open වෙලා තියෙන මුළු positions ප්‍රමාණය. ඇයි වැදගත්: Price එක උඩ යනකොට OI එකත් වේගයෙන් වැඩි වෙනවා නම්, ඒ move එක leverage එකෙන් ආපු එකක්. එතකොට ආපහු වැටෙන්න ඉඩ වැඩියි.

Funding rate. Perpetual futures වල longs සහ shorts අතර ගෙවන පොඩි fee එක. Positive නම් longs, shorts ලාට ගෙවනවා. ඇයි වැදගත්: Funding එක ගොඩක් ඉහළ නම් ගොඩක් දෙනෙක් එකම පැත්තට (long) leverage දාලා. ඒක crowded trade එකක්.


Options

Options expiry. Options contracts ඉවර වෙන දවස. Deribit monthly expiry එක මාසයේ අන්තිම සිකුරාදා, ලංකාවේ වෙලාවෙන් දවල් 1.30. ඇයි වැදගත්: ලොකු expiry එකකට කිට්ටුව price එක අමුතු විදියට move වෙන්න පුළුවන්.

Max pain. Options ගත්ත ගොඩක් දෙනෙක්ට පාඩුව වැඩිම වෙන expiry price එක. ඇයි වැදගත්: Expiry එකට කිට්ටුව price එක සමහර වෙලාවට ඒ level එකට ඇදිලා යනවා. හැම වෙලාවෙම නෙවෙයි.

Put / Call ratio. Downside protection (puts) ගන්න ප්‍රමාණය, upside bets (calls) වලට සාපේක්ෂව. 1 ට උඩ නම් protection ගන්න අය වැඩියි.

Implied volatility (DVOL). Options market එක ඉස්සරහට කොච්චර price move එකක් බලාපොරොත්තු වෙනවද කියන එක. ඉහළ නම් ලොකු moves බලාපොරොත්තු වෙනවා.


On-chain සහ whales

Whale. BTC හරි ETH හරි ගොඩක් තියාගෙන ඉන්න wallet එකක් හරි ආයතනයක් හරි.

Exchange net flow. Exchanges වලට ආපු coins ප්‍රමාණයෙන් එළියට ගිය ප්‍රමාණය අඩු කළාම. ඇයි වැදගත්: Exchanges වලට coins ලොකුවට එනවා නම් විකුණන්න ලෑස්ති වෙනවා වෙන්න පුළුවන්. එළියට යනවා නම් ගොඩක් වෙලාවට hold කරන්න.

"Transfer එකක් sale එකක් නෙවෙයි". Whale කෙනෙක් exchange එකකට coins යැව්වා කියලා ඒවා විකුණුවා කියන්න බෑ. Newsletter එකේ අපි "move කළා" කියනවා, sale එක confirm වෙනකම් "විකුණුවා" කියන්නේ නෑ.

Whale ratio. Exchanges වලට එන deposits වලින් ලොකුම wallets 10 න් එන ප්‍රමාණය. ඉහළ නම් ලොකු holders ලා exchanges වලට coins යවනවා.

Short-term holder cost basis. මාස 5 කට අඩු කාලයක් BTC තියාගෙන ඉන්න අය සාමාන්‍යයෙන් ගෙවපු price එක. ඇයි වැදගත්: Price එක ඒ level එකට කිට්ටු වුණාම ගොඩක් වෙලාවට support හරි resistance හරි විදියට වැඩ කරනවා.

Stablecoin supply. USDT, USDC වගේ dollar-pegged coins වල මුළු ප්‍රමාණය. ඇයි වැදගත්: වැඩි වෙනවා නම් crypto ගන්න ලෑස්ති සල්ලි market එකට එනවා.


Market එක පොදුවේ

BTC dominance. මුළු crypto market එකෙන් Bitcoin වල කොටස %. ඇයි වැදගත්: Dominance උඩ යනවා නම් සල්ලි Bitcoin පැත්තට, altcoins වලින් එළියට.

Altcoins. Bitcoin නොවන අනිත් crypto coins. ETH, SOL, XRP වගේ.

Fear & Greed Index. Market එකේ මනෝභාවය 0–100 අතර. 0 ළඟ බය, 100 ළඟ කෑදරකම.

Token unlock. කලින් lock කරලා තිබ්බ tokens ලොකු ප්‍රමාණයක් එකපාර market එකට එන එක. Sell pressure එකක් එන්න පුළුවන්.


Macro

Fed / FOMC. US central bank එක සහ interest rates තීරණය කරන committee එක.

Rate hike / cut. Interest rates වැඩි කිරීම / අඩු කිරීම. Hikes සාමාන්‍යයෙන් crypto වලට pressure.

Fed minutes. FOMC meeting එකකදී කතා කරපු දේවල් ගැන සති 3 කට පස්සේ එන වාර්තාව.

FedWatch odds. ඊළඟ Fed meeting එකේ rate වෙනසක් වෙන්න market එක දෙන chance එක (CME FedWatch).

CPI / PCE. US inflation මනින data දෙක. CPI මාසෙ මැද, PCE මාසෙ අග.

10-year yield. US government එකේ අවුරුදු 10 bond එකේ පොලිය. ඇයි වැදගත්: මේක උඩ යනකොට Bitcoin වගේ risk assets වලට සල්ලි එන එක අඩු වෙනවා.

DXY. US dollar එක අනිත් ලොකු currencies වලට සාපේක්ෂව කොච්චර ශක්තිමත්ද කියන index එක. Dollar එක ශක්තිමත් වෙනකොට BTC සහ gold වලට pressure.

Brent oil. ලෝක oil price එකේ ප්‍රධාන benchmark එක. ඉහළ oil = inflation බය = yields උඩට.


ලංකාවට විශේෂ

P2P rate. Binance, Bybit වගේ exchanges වල P2P market එකේ USDT එකක් රුපියල් වලින් ගනුදෙනු වෙන price එක.

P2P premium / discount. P2P rate එක Central Bank official dollar rate එකට වඩා කොච්චර වැඩිද අඩුද කියන %. ඇයි වැදගත්: Premium එක ලොකු නම් ලංකාවේ USDT demand එක වැඩියි. P2P ගනුදෙනු වලදී counterparty risk එක මතක තියාගන්න.


Premium scenario plans

Scenario plan. "මෙහෙම වුණොත්, මේ zones බලන්න" කියන conditional plan එක. Prediction එකක් නෙවෙයි. Buy/sell call එකක් නෙවෙයි.

Zone. බලන්න ඕන price area එක. Target එකක් නෙවෙයි.

Scorecard. කලින් plan එකේ හරි, වැරදි, අඩුපාඩු. අපි ඒවා හංගන්නේ නෑ.


මෙම page එක educational purposes සඳහා පමණි. Financial advice නොවේ.