Avoid costly scams with Coveron security
Romance scams, sextortion, fake tech support, malware, phishing… criminals use dozens of tactics to steal your identity and money. A single breach exposes your personal data to fraudsters worldwide.
Coveron provides comprehensive identity theft protection that works before damage happens. Our advanced monitoring detects suspicious activity instantly, alerts you with clear guidance, and connects you with dedicated 24/7 case managers.
Whether it's credit card fraud, stolen accounts, or legal recovery support, Coveron has you covered with:
Up to $1M to cover identity theft recovery costs.
Up to $10K for losses from online scams.
Up to $50K to cover eligible costs, including payments made in response to the threats.
Stop reacting to fraud. One scam can cost you everything - protect yourself now. The first 100 users get 20% off with code beehiivenewsletter or by clicking this link.
30-day money-back guarantee. Terms and conditions apply.
අද රෑ jobs report. BTC තාමත් $82K–$85K range එක ඇතුළේ
SL Trading Academy Daily Crypto Brief
2026 ඔක්තෝබර් 2, සිකුරාදා

සුභ සිකුරාදාවක්!
ඊයේ crypto market එකේ ලොකු දෙයක් වුණේ නෑ. Bitcoin මුළු දවසම තිබුණේ $84K ගාව. අද උදේත් $84.1K විතර. ETH $2,700 ගාව.
හැබැයි bond market එකේ කතාව වෙනස්. US 10-year yield එක 5.33% ට ගියා. 2002 අප්‍රේල් වලින් පස්සේ ඉහළම මට්ටම.
අද හවස 6 ට US September jobs report එක එනවා. මේ සතියේ අන්තිම ලොකු event එක ඒක.
අද කෙටියෙන්
BTC $84.1K විතර. තවමත් $82K–$85K range එක ඇතුළේ.
US 10-year yield 5.33%. 30-year yield 5.67%. දෙකම 2002 න් පස්සේ ඉහළම.
Bitcoin ETF වලට September මාසයේ $2.65B. ETH ETF වලට $832M.
Citigroup BTC target එක $82K ඉඳන් $113K ට වැඩි කළා.
BTC dominance 58.9%, දවස් තුනක් දිගටම උඩට.
Gold $4,210 ගාව. Bitget එකේ අන්තිම withdrawals අද දවල් 1.30 ට.
අද රෑ jobs report: බලන්න ඕන මොනවද?
අද ලංකාවේ වෙලාවෙන් හවස 6 ට US September jobs report එක එනවා.
Economists ලා බලාපොරොත්තු වෙන්නේ jobs 98,000 ක් විතර. August එකේ ආවේ 162,000 යි. Unemployment rate එක 4.1% වගේ තියෙයි කියලා හිතනවා. පඩි මාසෙට 0.3% කින් වැඩි වෙයි කියලාත් බලාපොරොත්තුව.
ඔක්තෝබර් 28 Fed hike එකක් එයි කියන chance එක දැන් 40% ට අඩුයි. සතියකට කලින් ඒක 70% විතර.
Jobs number එක බලාපොරොත්තු වුණාට වඩා ගොඩක් strong වුණොත්, පඩිත් වේගයෙන් වැඩි වුණොත්, ඒ chance එක ආපහු උඩ යන්න පුළුවන්. Weak වුණොත් hike එක ගැන කතාව තවත් අඩු වෙන්න පුළුවන්.
August number එකත් මේ report එකේදී revise වෙන්න පුළුවන්. සමහර economists ලා හිතන්නේ August එකේ 162,000 ටිකක් වැඩියෙන් පෙන්නුවා කියලා. ඒ නිසා September number එක විතරක් නෙවෙයි, August revision එකත් බලන්න ඕන.
Data එක එන වෙලාවට BTC දෙපැත්තටම ඉක්මන් moves එන එක සාමාන්‍යයි. බදාදා PCE වෙලාවේ වුණේත් ඒකමයි. පැයක් ඇතුළත $85.6K ට ගිහින්, පැය කීපයකින් ආපහු ආවා.
Yields 2002 න් පස්සේ ඉහළම තැන
ඊයේ US 10-year yield එක 5.33% ට ගියා. 30-year yield 5.67%. දෙකම 2002 න් පස්සේ ඉහළම මට්ටම.
බදාදා PCE inflation අඩුවෙන් ආවත්, yields පහළට ආවේ නෑ. ඒකට එක හේතුවක් oil. ඊයේ Brent oil 2.6% කින් වැඩි වෙලා $100 පැන්නා. Middle East tensions එක්ක, චීනයේ refineries සමහරක් fuel exports නවත්තපු නිසා.
Oil වැඩි වෙනකොට inflation අඩු වෙයිද කියන සැකය ආයෙත් එනවා. ඒ නිසා bonds වලට ඉල්ලන පොලිය වැඩි වෙනවා.
Bitcoin වලට මේක වැදගත් වෙන්නේ ඇයි? US government bonds වලින් වැඩි අවදානමක් නැතුව 5.3% ක පොලියක් ගන්න පුළුවන් නම්, ලොකු investors ලාට පොලියක් නොදෙන Bitcoin වගේ assets වලට සල්ලි දාන්න තියෙන කැමැත්ත අඩු වෙනවා.
Gold නම් ඊයේ 0.6% කින් වැඩි වෙලා $4,210 ගාව. සඳුදා මාස දෙකක අඩුම තැනට ගිහින් ටිකක් ආපහු ඇවිත්.
ETF සල්ලි සහ Citi target එක

September මාසය පුරා Bitcoin ETF වලට $2.65B ක් ආවා. Ethereum ETF වලට $832M, Solana ETF වලට $272M, XRP ETF වලට $121M.
හැබැයි මාසෙ අන්තිම දවසේ (බදාදා) Bitcoin ETF වලින් $149M ක් එළියට ගියා. ඊයේ දවසේ number එක තවම සම්පූර්ණ නෑ. BlackRock IBIT data එක තවම ඇවිත් නෑ. ඒ අතරේ Fidelity FBTC එකෙන් ආයෙත් $61M ක් විතර එළියට ගිහින්. සම්පූර්ණ number එක අපි සඳුදා newsletter එකේ දාන්නම්.
ඊයේ Citigroup එයාලගේ 12-month Bitcoin target එක $82K ඉඳන් $113K ට වැඩි කළා. ETH target එක $2,240 ඉඳන් $3,028 ට. ETF inflows ආපහු එන එකයි, macro පැත්තෙන් ලැබෙන support එකයි තමයි එයාලා දෙන හේතු.
මේක bank එකක forecast එකක් විතරයි. ඒ වගේ targets නිතරම වෙනස් වෙනවා. Citi ගේම කලින් target එක $82K යි. ඒ නිසා මේක trade එකකට හේතුවක් කරගන්න එපා. ලොකු institutions ලා crypto ගැන හිතන විදිය වෙනස් වෙනවා කියන එකට තියෙන ලකුණක් විදියට විතරක් ගන්න.
Altcoin පැත්තෙන්
ඊයේ altcoins ටිකක් දුර්වලයි. CoinDesk 20 index එක 0.2% කින් අඩු වුණා. SOL 1.4% කින්, XRP 1% කින් පහළට. ETH නම් පොඩ්ඩක් උඩ ගිහින් $2,700 ගාව.
Bitcoin dominance එක 58.5% ඉඳන් 58.7%, ඊට පස්සේ 58.9% ට දවස් තුනක් දිගටම උඩ ගියා. ඒ කියන්නේ මේ දවස්වල market එකේ සල්ලි Bitcoin පැත්තේ තියාගන්නවා. Altcoins වලට අලුතෙන් සල්ලි යන්නේ නෑ.
September ETF numbers දිහා බැලුවම, ETH, SOL, XRP ETF වලටත් සල්ලි ආවා. හැබැයි Bitcoin ETF වලට ආපු $2.65B එක්ක බැලුවම ඒවා පොඩි ගාණක්.
තව දෙයක්. Q3 එකේ crypto hacks වලින් $1.26B ක් නැති වුණා කියලා CoinDesk වාර්තා කරනවා. Bitget එකෙන් හොරකම් කළ $388M ත් ඒ ගාණට අයිතියි. Altcoins සහ DeFi වල සල්ලි තියාගන්න අය security ගැන දෙපාරක් හිතන්න ඕන කියන එක මේ quarter එකෙන් පේනවා.
Bitget: අද අන්තිම phase එක
Bitget එකේ අනිත් tokens, fiat සහ P2P withdrawals අද ලංකාවේ වෙලාවෙන් දවල් 1.30 ට පටන් ගන්නවා. BTC, ETH, USDT දැනටමත් open.
Hack එකට පස්සේ withdrawals ඔක්කොම ආපහු open වෙන්නේ අද. මුල් පැය කීපයේ withdrawals වලට ටිකක් වෙලා යන්න පුළුවන්. Official app එකෙන් විතරක් කරන්න. මුලින් පොඩි ගාණක් යවලා බලන්න.
BTC levels සහ weekend එක

BTC තවමත් $82K–$85K range එක ඇතුළේ. බදාදා $85.6K ට ගිහින් ආපහු හැරුණා.
Binance එකේ $85K–$85.5K ගාව sell orders සතියක් ඇතුළත තුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ නිසා ඒ zone එක තවමත් range එකේ උඩ සීමාව.
පහළින් $82K–$83K zone එක මේ දවස්වල කීප පාරක් test වෙලා hold කළා.
අද රෑ jobs report එකට පස්සේ weekend එක එනවා. Weekend එකේ volume අඩු නිසා ඉක්මන් moves එන්න පුළුවන්. Range එකෙන් එළියට ගියා කියලා පේනවා නම්, මම නම් daily candle එක close වෙනකම් ඉවසනවා.
අද Takeaway එක
මේ සතියේ inflation අඩුවෙන් ආවා. Fed hike chance එක 70% ඉඳන් 40% ට අඩුවට වැටුණා. Citi target එක වැඩි කළා.
ඒත් BTC තවමත් ඉන්නේ සතියකට කලින් හිටපු $82K–$85K range එකේමයි. Yields 2002 මට්ටමේ තියෙනකම් හොඳ news ආවත් range එකෙන් එළියට යන එක ලේසි නෑ.
— SL Trading Academy
මෙම newsletter එක educational සහ informational purposes සඳහා පමණි. Financial advice හෝ buy/sell signal එකක් නොවේ.



