In partnership with

10x your site engagement before peak season hits.

Get Gladly live in your Shopify store before peak season. No dev work required. 

When holiday traffic spikes, shoppers still get answers and product recommendations anytime, without waiting on your team. 

Expiry දවස: BTC $61K ට උඩින්, ඒත් ETF selling නවතින්නේ නෑ

SL Trading Academy Daily Crypto Brief
2026 නොවැම්බර් 27, සිකුරාදා

සුභ සිකුරාදාවක්!

ඊයේ US Thanksgiving. US stocks සහ ETFs වහලා, crypto විතරයි trade වුණේ.

BTC දවස පුරාම round number එකට උඩින් හිටියා. ඊයේ රෑ පොඩි dip එකක් ආවත් hold කළා.

අද උදේ 7.30–8.30 අතර (SL) BTC තවත් up වුනා, $61,818 ට. සඳුදා Nvidia spike එකෙන් පස්සේ ඉහළම මට්ටම.

අද දවල් 1.30 ට (SL) Deribit මාසික options expiry. අද US markets භාග දවසක්.

අද කෙටියෙන්

  • BTC ETFs බදාදා −$453M. පිට පිට හත්වෙනි outflow දවස (SoSoValue, Farside).

  • නොවැම්බර් BTC ETF outflows $5.39B, record මාසය. ජූනි record එක $4.51B (SoSoValue via CoinDesk).

  • ඊයේ BTC short liquidations $100M කට වඩා. Longs $22M විතරයි (CoinGlass via Bitcoin.com).

  • Bounce එක වැඩිපුරම perp shorts cover කරපු එකෙන්, spot buying වලින් නෙවෙයි කියලා Talos (Coincu via Pluang).

  • දෙසැම්බර් 9 Fed hike එක market එක දැන් සම්පූර්ණයෙන්ම වගේ price කරලා (CME FedWatch via The Crypto Desk).

  • Crypto Fear & Greed 11, extreme fear (The Crypto Desk, බ්‍රහස්පතින්දා).

  • USTR එක economies 14 කට අලුත් tariffs ගැන සලකා බලනවා (Bitcoin.com, Decrypt via The Crypto Desk).

Market dashboard

BTC

$60,496 (අද උදේ 5.30 close) · බ්‍රහස්පතින්දා +0.2% · range $59,842–$61,527

ETH

$1,688 (අද උදේ 5.30 close) · බ්‍රහස්පතින්දා −0.2% · range $1,666–$1,728

BTC ETF flow

බදාදා −$453.1M (SoSoValue) · IBIT −$329.7M (Farside) · බ්‍රහස්පතින්දා වහලා

නොවැම්බර් ETF

BTC −$5.39B · ETH −$1.30B (නොවැ. 25 වෙනකම්, SoSoValue via CoinDesk)

Options expiry

BTC $7B විතර · put/call 0.89 · අද දවල් 1.30 (Deribit via CoinDesk)

Fed (දෙසැ. 9)

25bp hike probability 94% (CME FedWatch via The Crypto Desk)

Fear & Greed

11 · extreme fear

Funding / OI

— (අද data එක ගන්න බැරි වුණා)

BTC: Thanksgiving එකේ $60K hold කළා

ඊයේ BTC range එක $59.8K සිට $61.5K. දවසේ high එක පාන්දර, low එක රෑ 8.30–9.30 අතර (SL).

Low එක ඊට ටිකක් පහළට wick එකක් විතරයි. Close එක ආපහු උඩින්.

ඊයේ shorts ලොකුවට liquidate වුණා. Bounce එක perp market එකේ shorts cover කරපු එකෙන් ආවා, spot buyers ලාගෙන් නෙවෙයි කියලා Talos කියනවා.

මේකේ තේරුම: Short squeeze bounce එකක් spot buying නැතුව දිගටම යන්නේ කලාතුරකින්. ඒත් BTC hold කළා. US funds නැති දවසක selling අඩුයි.

ETF: හත්වෙනි outflow දවස

බදාදා BTC ETFs ආයෙත් outflow. ඒකෙන් IBIT එකම 70% කට වඩා (Farside).

අඟහරුවාදාට වඩා ලොකුයි. ඒ කියන්නේ "outflows පොඩි වෙනවා" කියපු trend එක එක දවසකින් නැවතුණා.

නොවැම්බර් BTC ETF outflows දැන් ETFs පටන් ගත්ත 2024 ජනවාරියෙන් පස්සේ ලොකුම මාසය (SoSoValue via CoinDesk). Ether ETFs වලිනුත් මේ මාසේ $1.3B විතර එළියට.

මේකේ තේරුම: Institutions තවමත් විකුණනවා. ඊයේ ETFs වහලා තිබුණ නිසා ඒ pressure එක නෑ. අද භාග දවසක්. ඊළඟ ඇත්ත figure එක සඳුදා.

අද දවල්: ලොකු options expiry එක

අද දවල් 1.30 ට (SL) Deribit එකේ මාසික BTC options expire වෙනවා. Open positions වලින් හතරෙන් එකක් විතර (CoinDesk).

ලොකු puts තියෙන්නේ $60K, $58K, $50K, $40K strikes වල කියලා Deribit CCO Jean-David Pequignot කිව්වා (CoinDesk). ඔක්තෝබර් expiry එකේ ලොකුම bets calls වල. මේ පාර puts.

Price එක දැන් ඒ ලොකුම put strike එකට උඩින්.

මේකේ තේරුම: Expiry එකට කලින් hedges නිසා price එක ලොකු strikes ගාව තියාගන්න pressure එකක් එන්න පුළුවන්. Expiry එකෙන් පස්සේ ඒ hedges අයින් වෙනවා. ඊට පස්සේ moves ලොකු වෙන්න පුළුවන්.

Fed: දෙසැම්බර් hike එක සම්පූර්ණයෙන්ම price කරලා

PCE එකෙන් පස්සේ CME FedWatch දෙසැම්බර් 9 hike එකට 98% ට ගියා, දවස අගදී 94% ට (The Crypto Desk).

ඊට කලින් ලොකු data දෙකක්: දෙසැම්බර් 4 jobs report, දෙසැම්බර් 10 CPI (BLS).

මේකේ තේරුම: Hike එක දැනටමත් price කරලා. Market එක දැන් බලන්නේ ඊට පස්සේ තවත් hikes තියෙනවද කියන එක. Jobs report එක ශක්තිමත් නම් ඒ බය වැඩි වෙනවා.

අද සහ ඊළඟ සතිය (SL time)

  • අද දවල් 1.30: Deribit මාසික options expiry.

  • අද රෑ 11.30: US stocks භාග දවස ඉවරයි.

  • සඳුදා උදේ 5.30: BTC weekly close.

  • අඟහරුවාදා උදේ 5.30: නොවැම්බර් monthly close. (ඊයේ newsletter එකේ "සඳුදා" කිව්වා. හරි වෙලාව අඟහරුවාදා උදේ.)

  • අඟහරුවාදා රෑ 8.30: US JOLTS (job openings). Fed Governor Bowman testimony එකත් ඒ දවසේ.

  • ලබන සිකුරාදා රෑ 7.00: US jobs report (නොවැම්බර්).

Altcoin පැත්තෙන්

ETH ඊයේ පොඩ්ඩක් පහළට close කළා. අද උදේ BTC එක්කම up වුනා, ඊයේ high එකට ටිකක් උඩින්.

ETH ගිය දවස් කිහිපයේම $1,700 ගාව යටට උඩට. පැහැදිලි direction එකක් තවම නෑ.

අද risk rule එක: Expiry දවස, US භාග දවස, ඊට පස්සේ weekend එක. Liquidity තුනීයි. Expiry වෙලාවේ (දවල් 1.30) wicks දෙපැත්තටම එන්න පුළුවන්. Stop එකක් නැතුව leverage එපා.

අද Takeaway එක

BTC Thanksgiving එකේ round number එක hold කරලා අද උදේ තවත් up වුනා. Order book එකේ buyers බරයි.

ඒත් bounce එක shorts cover කරපු එකෙන්. ETFs තවම විකුණනවා. අද expiry එකෙන් පස්සේ, weekend එකේ සහ monthly close එකේ, price එක round number එකට උඩින් ඉන්නවද කියන එක තමයි වැදගත්.

අද Premium එකේ

ඊයේ plan එකේ result: Scenario B. Range එක ඇතුළේ close. අද උදේ Scenario A trigger එකට උඩින් spike එකක්, ඒත් ඒක close එකක් නෙවෙයි.

අද premium එකේ:

  • Scorecard (බ්‍රහස්පතින්දා): zones, walls, liquidations.

  • $63K sell wall එකට මොකද වුණේ. Price එක ඒ ගාවටවත් ගියේ නෑ.

  • Order book එක දැන් buy පැත්තට ලොකුවට බර. ඒකේ තේරුම.

  • ලොකුම long cluster එක කොහෙද.

  • Expiry, weekend සහ monthly close plan එක.

🔒 Scenario C: BTC $5█,███ ට පහළ daily close → longs $1██M flush, ඊළඟ $5█K crowd (orders 7██)

Premium readers ලාට මේ ඔක්කොම පහළින් 👇

logo

Premium plan එක කියවන්න SLTA Premium reader කෙනෙක් වෙන්න

හැම දවසකම "මෙහෙම වුණොත්, මේ zones බලන්න" scenario plan එක, source එකත් එක්ක key levels, options සහ whale data, සහ ඊයේ plan එකේ හරි වැරදි දෙකම. Buy/sell calls නෑ. Educational purposes සඳහා පමණි.

Upgrade

Already a subscriber? Sign in

Premium එකේ හැම දවසකම:

  • Scenario plan: CPI, Fed, ETF flows වලට අනුව BTC, ETH, gold zones
  • Key levels: හැම level එකකටම source එකක් (liquidations, cost basis, weekly/monthly opens)
  • Options data: expiries, max pain, implied volatility
  • Whale watch: exchange flows සහ ලොකු wallet moves, තහවුරු කරපු ඒවා විතරයි
  • Scorecard: ඊයේ plan එකේ හරි, වැරදි දෙකම, හංගන්නේ නෑ