AI research, explained in one morning email
Most of what shapes AI next year is sitting in a research paper today. Keeping up with them is a full-time job, and the abstracts don't help.
TLDR AI is the newsletter that does the translating. Each morning you get the handful of papers worth knowing about, curated by Anthropic and ex-Google engineers, with a plain-English summary of what they found and why it matters.
You come away smarter about AI research in the time it takes to finish your coffee.
Free, and delivered to 1.1M+ inboxes every morning.
Binance withdrawals ආයෙත් පටන් ගත්තා. BTC $78K ට උඩින්
SL Trading Academy Daily Crypto Brief
2026 නොවැම්බර් 2, සඳුදා

සුභ සඳුදාවක්!
ඊයේ Binance withdrawals ආයෙත් පටන් ගත්තා. අපේ වෙලාවෙන් දවල් 11.30 ට පටන් අරන්, සවස 6.06 වෙද්දී පළවෙනි phase එකේ networks 15 ම open.
පළවෙනි පැය 9.5 ට users ලා $4.65B withdraw කළා. Deposits $1.01B. Net outflow $3.64B, Binance assets වලින් 2.1% යි (Binance, Bloomingbit). පස්සේ withdrawals අඩු වෙලා stable වෙනවා කියලා Binance කියනවා.
BTC ඊයේ quiet ව උඩට ගියා. අද උදේ 5.30 close $78,231, දවසට +1.0%. ඒක තමයි weekly close එකත්. සතියට −2.3%.
අද උදේ $78,517 ට ගියා. දැන් $78.3K විතර (උදේ 7.30).
ETH close $2,272 (+0.9%). අද උදේ $2,295 ට ගිහින් දැන් $2,290.
මේ සතිය macro පැත්තෙන් බරයි. අද රෑ ISM, අඟහරුවාදා US midterm elections, සිකුරාදා jobs report.
අද කෙටියෙන්
Binance withdrawals ආයෙත් open. පළවෙනි දවසේ net outflow $3.64B (assets වලින් 2.1%).
Binance කියන විදියට හොරකම් වුණ assets වලින් 95% ආපහු පුරවලා. Proof of reserves report එක අඟහරුවාදා.
FBI hack එක North Korea සම්බන්ධ TraderTraitor group එකට attribute කළා (Reuters).
BTC weekly close $78,231. සතියට −2.3%. සතිය පටන් ගත්තේ $80,053 න්.
USDT සහ USDC market cap සිකුරාදා ඉඳන් $1.2B විතර අඩු වුණා (CoinMarketCap, Reuters).
අද රෑ 8.30: ISM Manufacturing, expected 54.7.
සිකුරාදා රෑ 7.00: Jobs report. Expected +55K, unemployment 4.2%.
දෙසැම්බර් Fed hike chance 75%–85% අතර (sources අනුව වෙනස්).
Market dashboard

BTC | $78,231 (අද උදේ 5.30 close) · ඊයේ +1.0% · සතියට −2.3% |
ETH | $2,272 (අද උදේ 5.30 close) · ඊයේ +0.9% |
Binance flows | Withdrawals $4.65B · deposits $1.01B · net −$3.64B (ඊයේ, පැය 9.5) |
BTC ETF flow | සිකුරාදා −$643.2M · ගිය සතියට −$202M විතර |
ETH ETF flow | සිකුරාදා −$156M |
Stablecoins | USDT + USDC −$1.2B විතර, සිකුරාදා ඉඳන් (CoinMarketCap) |
Funding / OI / Fear & Greed | — (weekend data එක ගන්න බැරි වුණා) |
US 10Y · Brent · Gold · DXY | 4.94% · $113.43 · $3,898.90 · 101.94 |
Dashboard එකෙන් පේන දේ: Binance withdrawals ආවට පස්සේ ලොකු panic එකක් පේන්නේ නෑ. $3.64B ලොකු ගානක්, ඒත් Binance ගේ assets වලින් 2.1% යි. BTC ඒ දවසේම උඩට ගියා. ඒත් ETF outflows සහ stablecoin supply අඩු වීම තවම බලන්න ඕන.
Binance: withdrawals open, outflows $3.64B
Restart: ඊයේ 06:00 UTC (අපේ දවල් 11.30) ඉඳන් phases වලින්. Bitcoin මුලින්ම. ඊට පස්සේ Ethereum, BNB Chain, XRP, Base, Solana, Tron, Arbitrum, Avalanche, Polygon, Sui ඇතුළු networks. 12:36 UTC (සවස 6.06) වෙද්දී phase one එකේ ඔක්කොම open (Binance).
Outflows: 06:00–15:30 UTC අතර withdrawals $4.649B, deposits $1.01B, net $3.64B. Binance assets $171B න් 2.1% (Binance, Bloomingbit, Reuters).
DefiLlama පෙන්නන්නේ $5.81B. Binance කියන්නේ ඒ number එකේ අලුත් hot wallet එකට ගිය funds ගණන් ගන්නේ නෑ, ඒ නිසා හරි නෑ කියලා. Sources දෙකක් දෙවිදියක් කියනවා.
DefiLlama අනුව net outflows වල ලොකුම කොටස් USDT $1.08B, BTC $912M, USDC $385M (CryptoSlate).
TRM Labs ගේ Ari Redbord කියන්නේ මේක "precautionary" reaction එකක්, capital flight එකක් නෙවෙයි කියලා.
Replenishment: 95% (සෙනසුරාදා 90%). BTC, ETH, USDT, BNB, SOL, USDC, XRP ඇතුළු coins 10 ක් 100% backed. ඉතුරු 5% අඩු liquidity tokens. SAFU fund එකෙන් 50% පාවිච්චි කළා කියලා Yi He කියනවා.
Proof of reserves: සම්පූර්ණ zero-knowledge proof එක අඟහරුවාදා බලාපොරොත්තු වෙනවා. Binance ගේ $5B replacement assets verify කරන්න තව තොරතුරු ඕන කියලා CertiK කිව්වා.
කවුද: FBI සෙනසුරාදා hack එක North Korea සම්බන්ධ TraderTraitor ට attribute කළා (Reuters).
ඊළඟ phases: දිනයක් නෑ. හැම blockchain එකක්ම security checks pass වුණාම.
ඒ කියන්නේ: Binance ගැන ලොකුම uncertainty එක, withdrawals, ඊයේ විසඳුණා. ඊළඟ test එක අඟහරුවාදා proof of reserves report එක.
BTC: ගිය සතිය −2.3%
ගිය සතිය $80,053 න් පටන් ගත්තා. බදාදා Fed එකෙන් පස්සේ $81,715. බ්‍රහස්පතින්දා $81,890. ඒ රෑ hack එක. සිකුරාදා $76,141 low.
සෙනසුරාදා සහ ඉරිදා quiet. ඊයේ $77,370–$78,299 අතර. ඊයේ රෑ (පාන්දර 4.30–5.30) $78K ට උඩට ගියා. Close $78,231.
නොවැම්බර් history: 2016–2025 අතර නොවැම්බර් සාමාන්‍යයෙන් +5.4%. අවුරුදු 10 න් 5 ක් උඩට, 5 ක් පහළට. ඔක්තෝබර් රතු වුණ අවුරුදු දෙකේම (2018, 2025) නොවැම්බරුත් රතු (CryptoTicker). Past data එකක් විතරයි, prediction එකක් නෙවෙයි.
මේ සතිය (SL time)
අද රෑ 8.30: ISM Manufacturing (ඔක්තෝබර්). Expected 54.7, කලින් 54.5.
අද රෑ (පාන්දර 2.30 ට පස්සේ): Apple සහ Palantir results.
අඟහරුවාදා උදේ 9.00: Australia RBA. 4.60% ඉඳන් 4.85% ට hike එකක් expected.
අඟහරුවාදා: US midterm elections. Results එදාම clear නොවෙන්න පුළුවන්. Binance proof of reserves.
අඟහරුවාදා රෑ 8.30: JOLTS. Expected 7.10M, කලින් 7.08M.
බදාදා රෑ 6.45: ADP jobs (කලින් +90K). රෑ 8.30: ISM Services, expected 54.7.
බදාදා: Treasury refunding announcement.
බ්‍රහස්පතින්දා සවස 5.30: Bank of England. 3.75% ඉඳන් 4.00% ට hike එකක් expected. රෑ 7.00: Jobless claims.
සිකුරාදා රෑ 7.00: Jobs report. Payrolls expected +55K (කලින් +29K). Unemployment 4.2%. Wages මාසයට +0.3%.
ඊළඟ සතිය: නොවැම්බර් 10 US CPI. නොවැම්බර් 11 MSCI, Strategy index වලින් අයින් කරනවද කියන තීරණය.
Fed speakers හය දෙනෙක් මේ සතියේ කතා කරනවා: Hammack, Barkin, Logan, Williams, Musalem, Bowman (Yardeni). ගිය සතියේ ඔවුන්ගෙන් කීප දෙනෙක් තව hikes ගැන කතා කළා.
Macro: ගිය සතියේ අග
සිකුරාදා Nasdaq −2.86%, S&P 500 −1.82%. 10-year 4.94%. Gold $3,898.90, අවුරුද්දක අඩුම. Brent $113.43. Dollar index 101.94.
මේ සතියේ jobs report එක තමයි දෙසැම්බර් Fed decision එකට ලොකුම data එක. Jobs හොඳට ආවොත් hike chance උඩට, yields උඩට. දුර්වල නම් අනිත් පැත්තට. Barclays කියන්නේ +50K වුණත් දෙසැම්බර් hike එක තවම on the table කියලා (Kiplinger).
Altcoin පැත්තෙන්
ETH weekend එකේ BTC වලට වඩා ටිකක් හොඳයි. අද උදේ $2,295. ඒත් පහුගිය දවස් 30 ට ETH −17.5%, BTC වලට වඩා ගොඩක් දුර්වලයි (CryptoTicker).
BNB $706 විතර. Hack එකට කලින් $744 විතර. Proof of reserves report එක BNB ට වැදගත්.
SOL $95–$96, සතියට −6.6% (Why It Moved).
අද risk rule එක: Binance withdrawals ආයෙත් ආවා කියලා ඔක්කොම funds ආපහු එකපාර එකම exchange එකට දාන්න එපා. Proof of reserves report එක බලලා තීරණය කරන්න. මේ සතියේ elections සහ jobs report එකයි. Data දවස් වල leverage අඩු කරලා ඉන්න.
අද Takeaway එක
Binance withdrawals ආයෙත් ආවා. ඒත් BTC පහළට ගියේ නෑ, $78K ට උඩට ආවා.
Hack shock එක දැන් පසුබිමට යනවා. මේ සතියේ market එක බලන්නේ ආයෙත් macro එක: elections, jobs report, Fed දෙසැම්බර්.

ඊයේ plan එකේ result: Scenario B. Close $78,231, $76,141–$78,635 range එක ඇතුළේ. ඒත් range top එකට $404 ක් විතරයි. Withdrawals combination 1 (restart හරියට) පැත්තට ගියා, ඒත් A confirm වුණේ නෑ.
අද premium එකේ:
Weekend scorecard: B, withdrawals restart, $78,400 test එක.
BTC key levels 14 ක්, 20-day සහ 50-day averages එක්ක.
Midterms සහ jobs week plan එක: Range top කැඩුණොත් සහ fail වුණොත්.
Options සහ whale watch: Binance outflows, ETF, Strategy MSCI decision.
🔒 Scenario C: BTC $7█,███ ට පහළ daily close → ඊළඟ zones $7█,███, $7█,███–$7█,███, ඊට පස්සේ $7█,███
Premium readers ලාට මේ ඔක්කොම පහළින් 👇
Premium plan එක කියවන්න SLTA Premium reader කෙනෙක් වෙන්න
හැම දවසකම "මෙහෙම වුණොත්, මේ zones බලන්න" scenario plan එක, source එකත් එක්ක key levels, options සහ whale data, සහ ඊයේ plan එකේ හරි වැරදි දෙකම. Buy/sell calls නෑ. Educational purposes සඳහා පමණි.
UpgradePremium එකේ හැම දවසකම:
- Scenario plan: CPI, Fed, ETF flows වලට අනුව BTC, ETH, gold zones
- Key levels: හැම level එකකටම source එකක් (liquidations, cost basis, weekly/monthly opens)
- Options data: expiries, max pain, implied volatility
- Whale watch: exchange flows සහ ලොකු wallet moves, තහවුරු කරපු ඒවා විතරයි
- Scorecard: ඊයේ plan එකේ හරි, වැරදි දෙකම, හංගන්නේ නෑ



