In partnership with

Invest in Popsmith, the Future of Popcorn

Popsmith is reimagining popcorn for a new generation.

With more than 100,000 customers, $20M+ in lifetime revenue, and retail partnerships with Williams Sonoma, Costco, and Sur La Table, Popsmith is building a premium brand in one of America’s most iconic snack categories.

Revenue is projected to reach $9M in 2026, with a nationwide Williams Sonoma rollout coming this holiday season.

Now, for a limited time, you can own a piece of the company and participate in what comes next.

See the Popsmith investment opportunity.

Bitcoin $87K ඉඳන් $84Kට. Yield 5% පැන්නාම market එකට මොකද වුණේ?

SL Trading Academy Daily Crypto Brief
2026 සැප්තැම්බර් 24, බ්‍රහස්පතින්දා

සුභ දවසක්!

ඊයේ newsletter එකේ අපි කතා කළා, BTC ආයෙත් පහළට ආවොත් $82K–$84K පැත්තේ buyersලා ඉන්නවද කියලා බලන්න ඕන කියලා.

හිතුවට වඩා ඉක්මනට ඒ test එක ආවා.

ඊයේ උදේ BTC $87K ගාව තිබුණා. America එකේ market එක open වෙලා ටික වෙලාවකින් $83.5K විතර වෙනකම් වැටුණා. දැනට තියෙන්නේ $84K ගාව.

මේ පාර කාරණේ crypto එක ඇතුළේ නෙවෙයි. US bond market එකේ. 10-year yield එක 5% පැනලා 2007න් පස්සේ වැඩිම තැනට ගියා.

හැබැයි එක දෙයක් වෙනස් වුණේ නෑ. ETF වලට ඊයෙත් සල්ලි ආවා. දිගටම පස්වෙනි දවස.

අද Market එක කෙටියෙන්

  • Bitcoin දැනට $84K විතර. පැය 24 range එක $83.5K–$87.2K.

  • ETH $2,670 විතර. ඊයේ $2,780 ගාව තිබිලා පහළට ආවා.

  • BTC ETF වලට ඊයේ $347M. දවස් පහක් දිගටම inflow, එකතුව $2.65B විතර.

  • ETH ETF ඊයේ flat වගේ, $2.5M විතරයි.

  • US 10-year yield 5.1% වගේ. 2007න් පස්සේ වැඩිම close එක.

  • Fed Oct 28 hike එකක් කියන chance එක 70%ට වැඩියි.

  • Crypto liquidations $440M විතර. මේ පාර ගොඩක්ම longs.

  • Brent oil ආයෙත් $100 ගාවට ආවා.

Yield 5% පැන්නේ ඇයි?

ඊයේ US එකේ PMI data ආවා. ඒ කියන්නේ companies වල business activity කොහොමද කියලා මනින survey එක.

ඒක ගොඩක් strong. Composite number එක 58.4යි. අවුරුදු පහකට වඩා කාලෙකින් එහෙම number එකක් ආවේ නෑ. Company වල input costs, ඒ කියන්නේ fuel, transport, වැටුප් වගේ වියදම් අවුරුදු හතරකින් වේගෙන්ම වැඩි වුණා.

Economy එක strong වීම හොඳයි. හැබැයි inflation එක දැනටමත් වැඩි වෙලාවක ඒක Fed එකට ඇහෙන්නේ "තව rates වැඩි කරන්න ඕන" කියලා.

ඒ මදිවට Fed Governor Michael Barr ඊයේ කිව්වා තව rate adjustments ඕන වෙයි කියලා. ඊට පස්සේ October 28 meeting එකේ hike එකක් එයි කියන chance එක market එක 70%ට වැඩියෙන් price කරන්න පටන් ගත්තා. ගිය සතියේ ඒක 50-50 වගේ තිබුණේ.

එතකොට 10-year yield 5.1% ගාවට ගියා. 5-year yield එකත් 2007න් පස්සේ මුල් වතාවට 5% touch කළා.

Bond එකකින් කිසි risk එකක් නැතුව 5% ලැබෙනකොට, Bitcoin වගේ interest එකක් නොදෙන asset එකක් අල්ලගෙන ඉන්න සමහර අයට අමාරු වෙනවා. ඊයේ Nasdaq එකත් 1%ට වඩා වැටුණා.

සඳුදා shorts. ඊයේ longs.

මේ සතියේ market එක දෙපැත්තෙන්ම ගැහුවා.

සඳුදා BTC උඩට යනකොට shorts $840M ට වැඩිය burn වුණා. ඊයේ පහළට එනකොට longs $420M විතර burn වුණා. $86K නැති වුණාට පස්සේ විනාඩි 30ක් ඇතුළත $2,000ක් විතර වැටුණා.

සඳුදා $87K දැකලා leverage දාගෙන පැනපු අය තමයි ඊයේ ගොඩක්ම පිච්චුණේ.

ඒකයි අපි කිව්වේ ලොකු jump එකක් දැකලා late entry ගන්න එක වෙනම risk එකක් කියලා. Price එක හරි වුණත් timing එක වැරදුණොත් leverage එකෙන් account එක යනවා.

ETF සල්ලි තවම එනවා. ඒත් අඩුවෙලා

මේක තමයි අද ඇත්තටම interesting කොටස.

BTC $3K ක් වැටුණු දවසේත් ETF වලට $347M ආවා. BlackRock IBIT එකට $166M, Fidelity FBTC එකට $143M.

හැබැයි ගාණ අඩු වෙන හැටි බලන්න. සඳුදා $999M. අඟහරුවාදා $715M. ඊයේ $347M.

ඒ කියන්නේ buying එක නතර වෙලා නෑ. ඒත් වේගය අඩු වෙලා. ඊළඟ දවස් කීපයේ මේක ආයෙත් වැඩි වෙනවද, outflow එකකට හැරෙනවද කියන එක තමයි බලන්න තියෙන්නේ.

ETH side එකේ නම් ETF flows ඊයේ $2.5M විතරයි. ETH ETF buying එක දැනට හිරවෙලා වගේ.

BTC දැන් ඉන්නේ test zone එකේ

ඊයේ ලිව්වා වගේ, $82K–$84K තමයි මේ move එකේ ඇත්ත test එක. දැන් price එක ඉන්නේ හරියටම එතන.

ගොඩක් analystsලා $82K ගැන කතා කරනවා. BTC ඒකට උඩින් hold කළොත් rally එකේ structure එක තවම හරි. ඒක කැඩුණොත් $78K–$80K පැත්ත ගැනත් හිතන්න වෙයි.

උඩ පැත්තේ $87K තවම resistance එක. ඒකට උඩින් weekly close එකක් නැතුව breakout එක confirm කියන්න බෑ.

මම නම් දැන් බලන් ඉන්නේ ETF flows දිගටම එනවද, $82K hold වෙනවද කියන දෙක එකට වෙනවද කියලා.

Coinbase support කියලා call කරලා $16M ක් ගහපු කෙනාට හිරේ

New York වල Ronald Spektor කියන කෙනාට අවුරුදු 4–12 අතර සිර දඬුවමක් ලැබුණා.

එයා කළේ Coinbase support එකේ කෙනෙක් වගේ users ලට කතා කරලා, "ඔයාගේ account එක hack වෙන්න යනවා, සල්ලි safe wallet එකකට දාන්න" කියලා බය කරපු එක. ඒ wallet එක ඇත්තටම එයාගේ. Users 100ක් විතර ගෙන් $16M ක් විතර ගත්තා.

මේ trick එක ලංකාවෙත් WhatsApp, Telegram හරහා නිතරම වෙනවා. ඇත්ත exchange එකක් කවදාවත් ඔයාට call කරලා සල්ලි වෙන wallet එකකට යවන්න කියන්නේ නෑ. Seed phrase එක අහන්නෙත් නෑ.

අද Takeaway එක

සඳුදා good news. ඊයේ bad news. Price එක $87K ඉඳන් $84Kට ආවා.

හැබැයි මේ පාර BTC වැටුණේ crypto ප්‍රශ්නයක් නිසා නෙවෙයි. Bond yields 5% පැනපු නිසා. ඒ pressure එක මැද්දෙත් ETF වලට සල්ලි ආවා.

ඉතින් දැන් කරන්න තියෙන්නේ panic වෙන එක නෙවෙයි. $82K එතන BTC නවතිනවද කියලා ඉවසලා බලන එක.

Rally එකක් ඇත්තද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ඒක පහළට ආවම. එතනදී buyersලා ඉදිරියට එනවද කියන එකෙන්.

— SL Trading Academy

මෙම newsletter එක educational සහ informational purposes සඳහා පමණි. Financial advice හෝ buy/sell signal එකක් නොවේ.