Up to $1M in identity theft recovery

If identity theft happens, Coveron doesn't leave you alone. Get dedicated case managers, legal support, and up to $1M in recovery assistance. We handle the mess so you don't have to.

One scam can cost you everything - protect yourself now. The first 100 users get 20% off with code beehiivenewsletter.

30-day money-back guarantee. Terms and conditions apply.

ගිය සතියේ $75K, මේ සතියේ $87K. Bitcoin එකට මොකද වුණේ?

SL Trading Academy Daily Crypto Brief
2026 සැප්තැම්බර් 23, බදාදා

සුභ දවසක්!

ගිය සතිය මතකද? Fed එක rates වැඩි කළා. CLARITY Act එක Senate එකේ වැටුණා. Bitcoin $75K ළඟටම බැස්සා. ඒ වෙලාවේ ගොඩක් අය හිතුවේ මේක තව පහළට යයි කියලා.

සතියක් යනකොට BTC $87K ගාවට ඇවිත්.

මේ පාර pump එක හිස් එකක් නෙවෙයි. පිටිපස්සේ ETF සල්ලි තියෙනවා. සඳුදා ETF වලට $1 billion විතර ආවා. මේ අවුරුද්දේ ලොකුම දවස ඒක. ඊයේ තවත් $700M ට වැඩියෙන් ආවා.

හැබැයි Fed පැත්ත තවම ලිහිල් වෙලා නෑ. ඒ ගැනත් පහළින් කතා කරමු.

අද Market එක කෙටියෙන්

  • Bitcoin දැනට $86.5K විතර. සඳුදා $87K ට ගියා. January එකෙන් පස්සේ වැඩිම මිල ඒක.

  • BTC ETF වලට සඳුදා $999M, ඊයේ $715M. දවස් හතරකට එකතුව $2.3B විතර.

  • ETH $2,770 විතර. ETH ETF වලටත් දවස් තුනක් දිගටම සල්ලි ආවා.

  • සඳුදා liquidations $1B විතර. ගොඩක්ම shorts.

  • Brent oil $100 ට පහළට ඇවිත්. ඊයේ $97–98 පැත්තේ.

  • US 10-year yield 5% ට ගොඩක් ළඟයි.

  • Saylorගේ Strategy ආයෙත් BTC 950ක් ගත්තා.

ETF සල්ලි ආපහු ඇවිත්

ගිය සතියේ Fed meeting එකයි CLARITY vote එකයි එක ළඟ ආපු දවස් දෙකේ ETF වලින් $750M විතර එළියට ගියා. ඒ වෙලාවේ කට්ටිය බය වෙලා හිටියේ.

ඊට පස්සේ දවස් හතරේම සල්ලි ආපහු ආවා. මුලින් $160M, ඊට පස්සේ $433M, සඳුදා $999M, ඊයේ $715M. දවසින් දවස ගාණ ලොකු වුණු විදිය තමයි බලන්න ඕන. සඳුදා එක ETF එකකින්වත් සල්ලි එළියට ගියේ නෑ.

BlackRock IBIT එකට දවස් දෙකේම $350M ට වැඩියෙන් ආවා. Fidelity FBTC එකටත් දවසකට $240M–$260M අතර ආවා.

තව පොඩි කතාවක් තියෙනවා. ETF වල BTC ගත්ත අයගේ සාමාන්‍ය මිල $81.7K විතර කියලා The Block කියනවා. ඒ කියන්නේ January එකෙන් පස්සේ මුල් වතාවට සාමාන්‍ය ETF investor ලාභෙන් ඉන්නේ. Loss එකේ ඉන්න කෙනාගේ ඔළුවේ තියෙන්නේ "මගේ මිලට ආපු ගමන් විකුණලා යනවා" කියන එක. ලාභෙන් ඉන්න කෙනාට එහෙම හදිස්සියක් නෑ.

ඒත් දවස් හතරක් කියන්නේ trend එකක් නෙවෙයි. ඊළඟ සති දෙක තුනත් මෙහෙම යනවද කියලා බලන්න වෙනවා.

හැම pump එකම real buying නෙවෙයි

සඳුදා BTC $82K පැන්නා විතරයි, shorts එකින් එක burn වෙන්න පටන් ගත්තා. දවසක් ඇතුළත $1B විතර liquidate වුණා. ඒකෙන් $840M ට වැඩිය shorts. Price එක එච්චර ඉක්මනට උඩට විසි වුණේ ඒකත් එක්ක.

Short squeeze එකක් හරියට gas එක පුරවලා නැති වාහනේකට push එකක් දුන්නා වගේ. ටික දුරක් යනවා. ඊට එහාට යන්න නම් ඇත්ත buyersලා ඕන. මේ පාර හොඳ දේ, squeeze එකට පස්සෙත් ETF සල්ලි දිගටම ආපු එක.

ඊයේ ඉඳලා BTC $85K–$87K අතරේ පැද්දෙනවා. එච්චර ලොකු jump එකකට පස්සේ ඒක පුදුම දෙයක් නෙවෙයි.

මම නම් බලන් ඉන්නේ price එක $82K–$84K පැත්තට ආයෙත් ආවොත් එතනින් අල්ලගන්න කට්ටිය ඉන්නවද කියලා. මේ move එක ඇත්තද නැද්ද කියලා පේන්නේ එතනදී.

$87K දැකලා දැන් පනින එක, විශේෂයෙන්ම leverage දාගෙන, මම නම් කරන්නේ නෑ.

Oil අඩු වුණා. Fed තවම එහෙමමයි

මේ rally එකට ලොකුම උදව්ව දුන්නේ oil. Strait of Hormuz එක ආයෙත් open කරන්න Iran කැමතියි කියලා signals ආවට පස්සේ Brent එක $100 ට උඩ ඉඳලා ඊයේ $97–98 පැත්තට බැස්සා. Oil අඩු වුණාම inflation ගැන තියෙන බය ටිකක් අඩු වෙනවා. Nasdaq එකත් ඊයේ record එකකින් close වුණා.

ඒත් Fed එක අමතක කරන්න බෑ.

සැප්තැම්බර් 16 Fed එක rates 4% දක්වා වැඩි කළා. Chair Kevin Warsh කිව්වේ inflation එක ගොඩක් කාලයක් තිස්සේ ඕනවට වඩා වැඩියි කියලා. Members 19 දෙනාගෙන් 16ක්ම මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් තව hike එකක් බලාපොරොත්තු වෙනවා. ඔක්තෝබර් 28 meeting එකේ තව hike එකක් එයිද කියන එකට market එක දැනට 50-50 වගේ chance එකක් දීලා තියෙනවා.

10-year yield එක 5% ට කිට්ටුයි. අවුරුදු 19ක ඉහළම මට්ටමට ළඟයි. ඒ නිසා ඔක්තෝබර් 14 එන CPI number එක ගොඩක් වැදගත් වෙයි.

Oil ආයෙත් $100 පැන්නොත්, මේ rally එකට බරක් වැටෙන්න පුළුවන්.

Saylor ආපහු buying. Law එක තවම හිරවෙලා

Saylorගේ Strategy සති දෙකක් නිකන් හිටියට පස්සේ ආයෙත් BTC 950ක් ගත්තා. $76M විතර ගියා. සාමාන්‍ය මිල $79,670. දැන් ඒ company එක ළඟ BTC 846,000ක් විතර තියෙනවා. ගත්තේ BTC පහළ තිබුණු සතියේ.

Washington එකේ කතාව ටිකක් පටලැවිලියි. CLARITY Act එකට Senate එකේ votes 60ක් ඕන වුණා. ලැබුණේ 49යි. Stablecoin rewards, ethics rules, developer protections ගැන තිබුණු ප්‍රශ්න විසඳුණේ නෑ.

හැබැයි SEC, CFTC වැඩ නතර කරලා නෑ. SEC එක tokenized US stocks blockchain එකේ trade කරන්න අවුරුදු 5ක exemption එකක් දුන්නා. CFTC එක crypto derivatives rules වලට draft එකක් White House එකට යැව්වා. Strategic Bitcoin Reserve bill එක House committee එකෙන් 28–21 කින් pass වුණා. ඒක committee එක විතරයි. Law එකක් වෙන්න තව ගොඩක් දුර යන්න තියෙනවා.

Law එක වැටුණත් market එක උඩ ගියා. දැනට BTC ට Congress එකට වඩා බලපාන්නේ oil, Fed, ETF සල්ලි.

Xi Jinping අද Washington එනවා. Trump එක්ක දවස් තුනක summit එකක්. Trade, tariffs, AI තමයි කතා කරන්නේ. Crypto එකට කෙලින්ම සම්බන්ධයක් නෑ. හැබැයි market mood එකට බලපාන්න පුළුවන්.

අද Takeaway එක

ගිය සතියේ තිබුණේ bad news විතරයි. Rate hike එකක්, law එක fail වීම, oil $100. ඒ ඔක්කොම මැද්දේ BTC $75K ළඟ නැවතුණා. සතියෙන් $87K ට ආවා. ඒකත් ETF සල්ලි එක්කම.

ඒක පොඩි දෙයක් නෙවෙයි.

ඒත් Fed තවම rates වැඩි කරන mood එකේ. මේ jump එකෙන් කෑල්ලක් ආවේ shorts burn වෙලා.

ඒ නිසා මම නම් දැන් බලන්නේ $87K පනිනවද කියන එකට වඩා, ආයෙත් පහළට ආවොත් $82K–$84K එතන BTC අල්ලගන්නවද කියන එක.

Bad news සතියක් BTC දරාගත්තා. දැන් බලන්න තියෙන්නේ ඒ ලාභෙ අල්ලගෙන ඉන්න පුළුවන්ද කියන එක.

— SL Trading Academy

මෙම newsletter එක educational සහ informational purposes සඳහා පමණි. Financial advice හෝ buy/sell signal එකක් නොවේ.