Watch the full system run live on Sep 30. Walk away ready to do it yourself.
Most founders have LinkedIn traction with nothing to show for it in the CRM. On Sep 30, Maria Gharib (Mindstream) and Valerie Chapman (Ruth AI) walk through the exact system live.
From AI-assisted content creation to sequenced outreach to booked meeting. You'll leave with a process you can run the same day.
Eligible startups also get the LinkedIn-to-Leads Toolkit: ad credits, Apollo, Captions, and HubSpot's Prospecting Agent.
Bitget withdrawals හෙට ඉඳන් පටන් ගන්නවා. BTC weekend එකේ $84K ට
SL Trading Academy Daily Crypto Brief
2026 සැප්තැම්බර් 27, ඉරිදා

සුභ ඉරිදාවක්!
අද කෙටි edition එකක්. Weekend එක නිසා ETF නෑ, US market එකත් වහලා.
Bitcoin නම් ඊයේ මුළු දවසම $84K වටේ කැරකුණා. පැය 24 range එක $83.8K සිට $84.6K වගේ පොඩි එකක්. ETH $2,690 විතර.
Price එක quiet වුණාට, Bitget එකේ ඔයාගේ සල්ලි තියෙනවා නම් අද ආරංචිය වැදගත්.
අද කෙටියෙන්
BTC $84K විතර. Weekend එකේ ලොකු move එකක් නෑ.
Bitget hack එකේ ගාණ $387.5M දක්වා revise වුණා.
Bitget withdrawals හෙට (සැප්තැම්බර් 28) BTC වලින් පටන් ගන්නවා.
US Fed එක stablecoins වලට අලුත් rules යෝජනා කළා.
ලබන සතියේ: PCE inflation (සැප්තැම්බර් 30), US jobs report (ඔක්තෝබර් 2).
Bitget: හොරකම් කළ ගාණ වැඩි වුණා, withdrawals ආපහු එනවා

ඊයේ අපි කිව්වේ $351.6M කියලා. Bitget දැන් ඒ ගාණ $387.5M දක්වා revise කරලා. මුලින් ගණන් කරද්දී Zcash සහ TRON transfers කීපයක් අමතක වෙලා තිබුණා කියලා තමයි එයාලා කියන්නේ.
Bitget තවමත් කියන්නේ customersලාගේ account balances වෙනස් වෙලා නෑ කියලා. පාඩුව User Protection Fund එකෙන් (BTC 5,500 ක්, $464M ට වැඩියි) දරාගන්නවා. ඊට අමතරව company එක ළඟ $1B ට වඩා වෙනම assets තියෙනවා කියලත් CEO Gracy Chen කිව්වා.
Withdrawals ආපහු එන්නේ මෙහෙමයි (ලංකාවේ වෙලාවෙන්):
සැප්තැම්බර් 28 (සඳුදා) දවල් 1.30: BTC
සැප්තැම්බර් 29 (අඟහරුවාදා) දවල් 1.30: ETH
සැප්තැම්බර් 30 (බදාදා) දවල් 1.30: USDT
ඔක්තෝබර් 2 (සිකුරාදා) දවල් 1.30: අනිත් tokens, fiat සහ P2P
හෙට දවල් 1.00 ට Bitget CEO ගේ live AMA එකකුත් තියෙනවා.
Hack එක කළේ North Korea එකේ hacking groups කියලා Bitget සැක කරනවා. ඒක තවම external security firms තහවුරු කරලා නෑ.
Bitget එකේ සල්ලි තියෙන කෙනෙක් කරන්න ඕන මොනවද?
Panic වෙන්න එපා. පළවෙනි දවසේ withdrawals වලට ලොකු පෝලිමක් එන්න පුළුවන්, පරක්කු වෙන්නත් පුළුවන්.
Bitget එකේ official app එකෙන් සහ official X account එකෙන් විතරක් updates බලන්න. "ඉක්මනට withdraw කරලා දෙන්නම්", "recovery service" කියලා WhatsApp, Telegram වලින් එන messages 100% scam. ඔයාගේ password, 2FA code, seed phrase කාටවත් දෙන්න එපා.
Withdraw කරන්න හිතන් ඉන්නවා නම්, මුලින්ම පොඩි ගාණක් test එකක් විදියට යවලා බලන්න.
Fed එකෙන් stablecoin rules
බ්‍රහස්පතින්දා US Federal Reserve එක GENIUS Act එක යටතේ stablecoin issuersලාට අලුත් rules යෝජනා කළා.
සරලවම, USDT, USDC වගේ dollar stablecoins නිකුත් කරන US companies වලට 1:1 backing තියාගන්න වෙනවා. ඒ කියන්නේ issue කරන හැම $1 කටම, short-term US Treasury bills වගේ ඉක්මනට විකුණන්න පුළුවන් assets වලින් $1 ක් තියාගන්න ඕන. Capital සහ risk management rules එකතු වෙනවා, audits අනිවාර්යයි.
මේක තවම යෝජනාවක් විතරයි. GENIUS Act එක ක්‍රියාත්මක වෙන්න නියමිත 2027 ජනවාරි වලදී.
අපිට මේක වැදගත් වෙන්නේ, ලංකාවේ ගොඩක් අය dollar value එක තියාගන්න USDT පාවිච්චි කරන නිසා. Stablecoins වලට පැහැදිලි rules එන තරමට, ඒවා පිටිපස්සේ ඇත්තටම සල්ලි තියෙනවද කියන විශ්වාසය වැඩි වෙනවා.
ලබන සතියේ බලන්න තියෙන දේවල්
බදාදා, සැප්තැම්බර් 30, ලංකාවේ වෙලාවෙන් හවස 6ට: August PCE inflation. Fed එක වැඩියෙන්ම බලන inflation number එක ඒක. ඔක්තෝබර් 28 Fed hike එකක් එයි කියන chance එක දැනටමත් 70% ගාව. PCE එක වැඩියෙන් ආවොත් ඒක තවත් ශක්තිමත් වෙනවා.
සිකුරාදා, ඔක්තෝබර් 2, ලංකාවේ වෙලාවෙන් හවස 6ට: US September jobs report. August එකේ jobs 162,000 ක් ආවා. මේ පාර බලාපොරොත්තුව 100,000 විතර.
සඳුදා ඉඳන්: ETF flows ආපහු එනවා. ETF වලට දවස් හතක් දිගටම inflow. ඒ streak එක දිගටම යනවද කියන එක සතියේ මුලින්ම බලන්න තියෙන දේ.
BTC එකේ නම් levels ගිය සතියේ වගේමයි. පහළින් $82K–$83K, උඩින් $87K.
Weekend එකේ volume අඩු වෙලාවට ඉක්මන් wicks එන්න පුළුවන්. සඳුදා උදේට කලින් ලොකු move එකක් දැක්කොත්, ඒක දැක්ක ගමන් trade එකක් ගන්න එපා.
අද Takeaway එක
Bitget එකේ coins තියෙන අයට මේ සතිය වැදගත්. Withdrawals ආපහු ආවම, ඔයාගේ coins තියාගන්න හොඳම තැන කොහෙද කියලා හිතලා බලන්න හොඳ වෙලාවක්.
— SL Trading Academy
මෙම newsletter එක educational සහ informational purposes සඳහා පමණි. Financial advice හෝ buy/sell signal එකක් නොවේ.



