මුලින්ම පහලින් තියෙන්නෙ අද edition එකට sponsor කරන company එක. ඔයා AI සම්බන්දව interest නම් click කරලා බලන්න

In partnership with

Monetize your company's operational data for $100k to $3 million

Few know it, but AI labs now let you monetize your company’s operational data. And they're spending $15 billion this year on it. 

Your workflows, documentation, processes, and internal convos like Slack are extremely valuable and they're paying anywhere from $100k to $3 million for it per company.

You might think that sounds scary, but all the data is anonymized before, so no PII is sent over. Bezel (Y combinator backed) helps you partner with a lab that wants to license your data specifically if you have more than 20 employees and have existed longer than a year.

BTC $80,790 ට ගිහින් $81,307 ට close. AI බය ආයෙත්

SL Trading Academy Daily Crypto Brief
2026 ඔක්තෝබර් 23, සිකුරාදා

සුභ සිකුරාදාවක්!

ඊයේ BTC දවස පුරාම පහළට. $84K ඉඳන් රෑ 9.30 ට විතර $80,790 ට ගියා. අද උදේ 5.30 close එක $81,307, දවසට −3.2%.

ඒ close එක Meta night එකේ confirmation එක. BTC ආපහු පරණ range එක ($80,400–$82,831) ඇතුළට ආවා. දැන් $81.8K විතර.

ETH ඊයේ −3.5%, close $2,386. Low $2,357. දැන් $2,410 ගාව.

Meta results වලින් පස්සේ AI ගැන බය ආයෙත් ආවා. Meta shares −8%, Nasdaq −2.6%. Bonds වලට සල්ලි දිව්වා. US 10-year yield 5% ට පහළට. ඒත් මේ වැටීම BTC ට උදව් කළේ නෑ.

අද කෙටියෙන්

  • BTC ඊයේ high $84,305, low $80,790, close $81,307 (−3.2%).

  • BTC ETF බදාදා final +$524.8M. සඳුදා ඉඳන් දවස් 3 ට $1.07B. ඊයේ partial −$381.5M (IBIT තවම නෑ).

  • Meta −8%: AI වියදම නිසා අවුරුදු 10 කට පස්සේ මුල්ම cash outflow quarter එක.

  • Nasdaq −2.6%, S&P 500 −1.2%, Dow flat.

  • 10-year yield −20bp විතර, 4.96%. 2023 මාර්තු ට පස්සේ ලොකුම එක දවසේ වැටීම.

  • ඔක්තෝබර් Fed hike chance එක 0% ට කිට්ටුයි (CME FedWatch).

  • Brent $114 ට ගියා, මාස පහක ඉහළම. Saudi Arabia එකේ Houthi පහර.

  • Jobless claims 194K. Expected 200K.

  • අද රෑ 7.15: US flash PMI. ඊට පස්සේ weekend එක.

Market dashboard

BTC

$81,307 (අද උදේ 5.30 close) · ඊයේ −3.2% · සතියේ open එකට −0.9%

ETH

$2,386 (අද උදේ 5.30 close) · ඊයේ −3.5%

Liquidations

24h $431M. ඊයේ දවල් වෙනකොට පැය 12 ට $222M න් $210M longs (CoinGlass, CoinDesk)

BTC ETF flow

බදාදා +$524.8M (final) · ඊයේ −$381.5M (partial, IBIT තවම නෑ)

ETH ETF flow

බදාදා +$14.9M (final) · ඊයේ −$17.9M (partial, ETHA තවම නෑ)

Stablecoins

— (අද data එක ගන්න බැරි වුණා)

Fed hike chance (ඔක්. 28)

0% ට කිට්ටුයි (CME FedWatch, ඊයේ)

Fear & Greed

— (අද data එක ගන්න බැරි වුණා)

US 10Y · Brent · Gold

4.96% (අද Asia) · $114 (ඊයේ high) · $4,022

Dashboard එකෙන් පේන දේ: Fed hike බය අඩු වුණා, yields ලොකුවට පහළට. සාමාන්‍යයෙන් ඒක BTC ට හොඳයි. ඒත් ඊයේ yields වැටුණේ tech stocks වලින් සල්ලි දුවපු නිසා. BTC ඒ එක්ක පහළට ගියා. Oil $114, ඒක තවත් බරක්.

BTC: $84K ඉඳන් $80.8K ට

ඊයේ උදේ BTC $83K–$84.3K. දවල් 11.30 ට පස්සේ $82.5K ට පහළට. US market open වුණාට පස්සේ තවත් පහළට. රෑ 9.30 ට විතර low එක $80,790.

CoinDesk එකේ CoinGlass data වලට අනුව පැය 24 ට liquidations $431M. බදාදා BTC $85K ට කිට්ටු වෙනකොට shorts $173M. ඊට පස්සේ පැය 12 ට liquidate වුණ $222M න් $210M longs. ඒ කියන්නේ දෙපැත්තේම traders ලාට පාඩු.

Close එක $81,307. Glassnode කියපු $81,000–$81,250 buy wall එකට ටිකක් උඩින්. Wall එක intraday $80,790 ට කැඩුණා, ඒත් close එක ඊට උඩින්.

මේ සතියේ open එක $82,007. දැන් BTC ඒකට පහළින්. සඳුදා උදේ 5.30 weekly close එක ඒකට උඩද පහළද කියන එක තමයි සතිය කොළද රතුද කියන්නේ.

Meta −8%: AI බය ආයෙත්

බදාදා රෑ Meta results ආවම shares after hours උඩ ගියා. ඊයේ US market එකේදී ඒක හැරිලා −8% විතර.

Reuters කියන්නේ AI වියදම නිසා Meta අවුරුදු 10 කට වැඩි කාලෙකින් මුල්ම වතාවට cash outflow එකක් පෙන්නුවා කියලා. ඒ කියන්නේ ආදායම හොඳ වුණත්, AI data centers වලට වියදම ඊට වඩා වැඩියි. Tesla −3.1%.

Market එක බය වෙන්නේ මේකයි: AI වලට ඕන කරන ණය සහ සල්ලි ප්‍රමාණය ලොකුයි. ඒකෙන් ආදායම එනකම් කාලයක් යනවා. Reuters මේක "AI bubble" බයක් විදියට විස්තර කරනවා.

ඊයේ US stocks: Nasdaq −2.6%, S&P 500 −1.2%, Dow flat. Crypto stocks: Strategy −5.6%, Coinbase −4% (CoinDesk, open එකට කලින්).

අද උදේ Asia: Nikkei −1.3% (සතියට −5%), Kospi −1.7%. Taiwan market typhoon එකක් නිසා වහලා.

10-year yield: 5% ට පහළට, ඒත් "බය" එකේ

ඔයාලා ඉල්ලපු yields update එක.

ඊයේ US 10-year yield −20bp විතර. Reuters කියන්නේ 2023 මාර්තු ට පස්සේ ලොකුම එක දවසේ වැටීම කියලා. මාසෙකට පස්සේ මුල්ම වතාවට 5% ට පහළට. අද උදේ 4.96%. 2-year yield 4.66%.

ඇයි? Tech stocks වලින් සල්ලි අරන් safe bonds වලට දැම්මා. ඒ එක්කම Fed hike බය අඩු වුණා. CME FedWatch අනුව ඔක්තෝබර් hike chance එක බදාදා 16% ඉඳන් ඊයේ 0% ට කිට්ටුවට ආවා. මේ අවුරුද්දේ තවත් hike එකක් නෑ කියන chance එක 10% ඉඳන් 28% ට.

BTC ට උදව් වුණේ නැත්තේ ඇයි? අපි ගිය සතියේ කතා කළ දේමයි. Yields වැටෙන්නේ ඇයි කියන එක වැදගත්. ඊයේ yields වැටුණේ stocks වලින් බයෙන් සල්ලි දුවපු නිසා. ඒ වෙලාවට BTC ත් "risk asset" එකක් විදියට විකුණනවා.

මේ වැටීම හොඳ පැත්තට හැරෙන්නේ stocks නැවතිලා yields පහළින්ම තියෙනකොට. එතකොට ලාභ ණය සහ අඩු Fed බය risk assets වලට උදව් වෙන්න පුළුවන්.

Oil $114, gold පහළට

Brent ඊයේ $114 ට ගියා, මාස පහක ඉහළම. Oil දවසට +3% ට වඩා. Houthi කණ්ඩායම Saudi Arabia එකට දිගටම පහර දෙනවා. Middle East ගැටුම තවත් පැතිරෙයිද කියන බය.

Oil $110 ට උඩින් තියෙනකොට inflation බය එනවා. ඒත් ඊයේ yields වැටුණා. ඒ කියන්නේ ඊයේ market එකට oil වලට වඩා බලපෑවේ AI බය.

Gold ඊයේ −3% විතර, අද $4,022. Yields වැටෙනකොට gold සාමාන්‍යයෙන් උඩ යනවා. ඊයේ එහෙම වුණේ නෑ. ඒකට පැහැදිලි හේතුවක් අපිට හම්බ වුණේ නෑ. Stocks ලොකුවට වැටෙන දවස් වල සමහර investors ලා cash ගන්න gold විකුණන එක සිද්ධ වෙනවා, ඒත් ඊයේ ඒකද කියලා අපිට confirm කරන්න බෑ.

ETF: දවස් 3 ට $1.07B

සඳුදා +$526.7M, අඟහරුවාදා +$23.2M, බදාදා +$524.8M. දවස් තුනට $1.07B. ඒත් ඊයේ IBIT නැතුව −$381.5M (FBTC −$217.5M, ARKB −$109.4M). IBIT final number එක හෙට.

Bitfinex analysts ලා කියන්නේ spot BTC ETF වල සාමාන්‍ය cost basis එක $84,333 කියලා (Bitcoin.com). ඒ කියන්නේ මේ price එකේදී ETF holders ලා සාමාන්‍යයෙන් පාඩුවෙන්.

අද සහ weekend එක (SL time)

  • අද රෑ 7.15: US flash PMI. Manufacturing expected 55.5 (කලින් 55.9). Services expected 57.9 (කලින් 58.8).

  • අද රෑ 7.30: University of Michigan sentiment (final). Preliminary 46.3.

  • ඉරිදා පාන්දර 5.30: Plasma (XPL) unlock $17.8M විතර, Humanity (H) unlock $15.3M විතර.

  • සඳුදා උදේ 5.30: BTC weekly close. සතියේ open $82,007.

  • ලබන සතිය: ඔක්. 28 (බදාදා) රෑ 11.30 Fed decision. ඔක්. 30 (සිකුරාදා) දවල් 1.30 BTC options expiry. ඔක්. 31 Mt. Gox deadline.

Altcoin පැත්තෙන්

ETH ඊයේ −3.5%, BTC වලට වඩා ටිකක් වැඩියි. $2,408 weekly open එකට පහළින් close. බදාදා ETH ETF +$14.9M, ඒත් ETHA −$29.3M. ETHA එකෙන් සල්ලි යන එක සතිය පුරාම.

ඊයේ XMR +11% (CoinDesk). Arkham එකට අනුව Drift Protocol hack එකේ hacker $122.3M ක ETH ඔක්. 20–21 දී Tornado Cash එකට දැම්මා.

අද risk rule එක: Weekend එකේ volume අඩුයි, oil market වහලා. Middle East news එකක් ආවොත් ඒක මුලින්ම පේන්නේ crypto වල. Weekend එකේ leverage අඩු කරලා තියාගන්න එක පරිස්සම්. Wicks වලට නෙවෙයි, closes වලට තීරණ ගන්න.

අද Takeaway එක

Meta night එකේ BTC $84.9K ට ගියා, ඒත් close එකෙන් ආපහු range එකට. AI බය නිසා stocks වැටුණා, yields 5% ට පහළට ගියා. ඒත් ඒ "බය" වැටීම BTC ට උදව් කළේ නෑ.

ETF වලට දවස් තුනට $1B ට වඩා ආවා. Weekend එකෙන් පස්සේ ප්‍රශ්නය: ඒ spot demand එකද, AI බයද ජයගන්නේ. සඳුදා weekly close එක $82,007 ට උඩද පහළද.

අද Premium එකේ

ඊයේ plan එකේ result: A වැරදියි, Scenario B. Close $81,307, $82,555 ට පහළින්. ඊයේ අපි Meta night එකේ Combination 1 "හරි" කිව්වා, මුල් close එක දැකලා. Confirmation close එකෙන් ඒක වැරදියි. ඒත් yields filter එක හරි: "5.00% ට පහළ + Nasdaq පහළ = බය, BTC ට support නෙවෙයි." ඊයේ හරියටම ඒක වුණා.

අද premium එකේ:

  • ඊයේ scorecard: A fail වුණ හැටි, yields filter එක, $81K wall එක.

  • BTC key levels 14 ක්, ETF cost basis ($84,333) එක්ක.

  • Weekend plan එක: සඳුදා උදේ 5.30 weekly close එකට A/B/C, අද PMI ට කලින් දෙපැත්තටම.

  • Whale watch: Liquidations දෙපැත්තටම, ETF flows, Mt. Gox දවස් 8.

🔒 Weekend Scenario C: BTC $8█,███ ට පහළ daily close → ඊළඟ zones $7█,███, $7█K–$7█K, ඊට පස්සේ $7█K

Premium readers ලාට මේ ඔක්කොම පහළින් 👇

logo

Premium plan එක කියවන්න SLTA Premium reader කෙනෙක් වෙන්න

හැම දවසකම "මෙහෙම වුණොත්, මේ zones බලන්න" scenario plan එක, source එකත් එක්ක key levels, options සහ whale data, සහ ඊයේ plan එකේ හරි වැරදි දෙකම. Buy/sell calls නෑ. Educational purposes සඳහා පමණි.

Upgrade

Premium එකේ හැම දවසකම:

  • Scenario plan: CPI, Fed, ETF flows වලට අනුව BTC, ETH, gold zones
  • Key levels: හැම level එකකටම source එකක් (liquidations, cost basis, weekly/monthly opens)
  • Options data: expiries, max pain, implied volatility
  • Whale watch: exchange flows සහ ලොකු wallet moves, තහවුරු කරපු ඒවා විතරයි
  • Scorecard: ඊයේ plan එකේ හරි, වැරදි දෙකම, හංගන්නේ නෑ