In partnership with

Webinar Series: Running Agents in Customer Work

Every AI vendor reports a resolution rate. No two calculate it the same way, and none of them tell you whether the replies were actually good.

Running Agents in Customer Work is four 30-minute sessions for the leaders who have to make agentic AI work in support, success, and ops. Session 4 gets into how to score quality at volume without reading every transcript, and the questions to ask a vendor about what their resolution math leaves out.

Four Tuesdays, Oct. 13 through Nov. 3, 10 a.m. PT. Register today, one sign-up covers all four.

BTC $83,344 ට ගිහින් $82,938 ට close. Range එකේ උඩට

SL Trading Academy Daily Crypto Brief
2026 ඔක්තෝබර් 21, බදාදා

සුභ බදාදාවක්!

ඊයේ උදේ BTC $81,081 ට ගියා. ඒ Glassnode කියපු $81K buy wall එක. එතනින් ආපහු ආවා.

රෑ 7 ට, US market open වුණ වෙලාවේ, BTC පැයක් ඇතුළත $83,344 ට ගියා. අද උදේ 5.30 close එක $82,938, දවසට +1.3%. දැන් $82.6K–$83K අතර.

ETH ඊයේ close $2,447, +1.7%. High $2,475. දැන් $2,445 ගාව.

මුලින්ම එක correction එකක්. ඊයේ අපි ලිව්වා සඳුදා BTC ETF වලින් $138.5M ක් ගියා කියලා. ඒක IBIT number එක එන්න කලින් data. IBIT එකට සඳුදා +$665.2M ආවා. ඒ නිසා සඳුදා total එක +$526.7M, inflow එකක්. වැරැද්දට සමාවෙන්න.

අද කෙටියෙන්

  • BTC ඊයේ low $81,081, high $83,344, close $82,938 (+1.3%).

  • සඳුදා BTC ETF +$526.7M (IBIT +$665.2M). ETH ETF −$103.3M.

  • US 10-year yield 5.12%, −3bp. Housing data දුර්වල වුණාම yields පහළට.

  • US housing starts −5.2%, 1.221M. Pending home sales −7.3%, 2001 ඉඳන් අඩුම.

  • Dow +1.0%, S&P 500 +0.3%, Nasdaq flat. Netflix after hours −5% විතර.

  • Brent ඊයේ $108.79. අද Asia එකේ ආපහු $110. Hormuz එකේ tankers දෙකක් mines වල වැදුණා.

  • අද Asia: Korea +4%, Nikkei +1.3%.

  • අද රෑ: Meta සහ Tesla results (බ්‍රහස්පතින්දා පාන්දර 1.30 ට විතර).

Market dashboard

BTC

$82,938 (අද උදේ 5.30 close) · ඊයේ +1.3% · සතියේ open එකට +1.1%

ETH

$2,447 (අද උදේ 5.30 close) · ඊයේ +1.7%

Funding / open interest

BTC futures OI +2.1%, $53.86B, ඔක්. 8 ට පස්සේ ඉහළම (CoinGlass, ඊයේ)

BTC ETF flow

සඳුදා +$526.7M · ඊයේ −$6.7M (IBIT තවම නෑ)

ETH ETF flow

සඳුදා −$103.3M · ඊයේ +$6.9M (ETHA තවම නෑ)

Stablecoins

— (අද data එක ගන්න බැරි වුණා)

Fed (ඔක්. 28)

— (අලුත් % එකක් ගන්න බැරි වුණා)

Fear & Greed

— (අද data එක ගන්න බැරි වුණා)

US 10Y · Brent · Gold

5.12% · $108.79 · $4,143 (ඊයේ close)

Dashboard එකෙන් පේන දේ: BTC range එකෙන් උඩට close වුණා. සඳුදා ETF inflow එක ලොකුයි. Yields ටිකක් පහළට. ඒත් OI ත් උඩ ගිහින්, ඒ කියන්නේ leverage ත් වැඩි වෙනවා. Oil ආපහු $110 ගාව.

BTC: $81K ඉඳන් $83.3K ට

ඊයේ BTC දවස පටන් ගත්තේ $81.8K ට. උදේ Asia stocks වැටෙනකොට $81,081 ට ගියා. දවල් පුරා $81.2K–$81.8K.

US market open වුණාම Dow ලොකුවට උඩ ගියා. 3M හොඳ results දුන්නා. ඒ වෙලාවේ BTC $82K ඉඳන් $83,344 ට ගියා. CoinGlass data වලට අනුව ඒ පැයේ crypto market එකේ shorts $125M ක් liquidate වුණා. Short sellers ලාට position වහන්න වුණාම price එක ඉක්මනට උඩ යනවා.

ඊට පස්සේ $82.1K ට ආපහු ආවා. රෑ ආයෙත් $83K ට ගියා. Close $82,938.

Material Indicators co-founder Keith Alan කියන්නේ 21-day moving average එක ($83,230) දැන් resistance කියලා. BTC ඊයේ ඒකට උඩින් ගියා, ඒත් ඒකට උඩින් close වුණේ නෑ.

Correction: සඳුදා ETF flows

ඊයේ newsletter එකේ අපි සඳුදා BTC ETF flow එක −$138.5M කියලා ලිව්වා. ඒක FBTC (−$83.6M) සහ GBTC (−$54.9M) විතරයි. IBIT number එක එතකොට ඇවිත් තිබුණේ නෑ.

IBIT එකට සඳුදා +$665.2M ආවා. Total +$526.7M. සති දෙකක outflows වලින් පස්සේ ලොකු inflow දවසක්.

අපි ඊයේ "ETF outflows තවමත්" කියලා ලිව්වා. ඒක වැරදියි. මෙතැන් ඉඳන් IBIT නැති දවසක ETF number එකක් "partial" කියලා පැහැදිලිව ලියනවා, ඒකෙන් ප්‍රතිඵල කියන්නේ නෑ.

ETH පැත්තෙන් සඳුදා −$103.3M. ETHA −$95.4M. ETH ETF වලින් සල්ලි යන එක තවමත්.

10-year yield සහ housing

ඊයේ 10-year yield 5.12%, −3bp. 2-year yield 4.79%, +2bp.

Yields පහළ ගියේ housing data නිසා:

  • Housing starts: 1.221M. Expected 1.305M. −5.2%. මාස තුනක් පිට පිට අඩු වෙලා.

  • Building permits: 1.400M. Expected 1.385M. ටිකක් හොඳයි.

  • Pending home sales: −7.3%. 2001 දී මේ data එක පටන් ගත්ත දවසේ ඉඳන් අඩුම තැන.

Yields 5% ට උඩින් තියෙනකොට ගෙවල් ණය ගන්න එක අමාරුයි. Economy එකේ දුර්වල පැත්තක් පේනවා. ඒ නිසා bonds වලට demand ආවා, yields ටිකක් පහළට.

අපේ yields levels: 5.00% සහ 5.30%. දැන් 5.12%, දෙකේම මැද. ඊයේ BTC උඩ ගියේ yields නිසා කියන්න බෑ. Move එක ආවේ stocks open වෙලා shorts liquidate වුණ වෙලාවේ.

Stocks, Netflix සහ oil

ඊයේ Dow +1.02%, 52,496. S&P 500 +0.28%. Nasdaq −0.02%. Small caps (Russell 2000) +1.65%. Tech වලින් සල්ලි අරන් අනිත් stocks වලට දැම්මා.

Netflix: EPS $0.87, expected $0.82. Revenue $12.87B, expected ප්‍රමාණයමයි. ඒත් ඊළඟ quarter එකට revenue forecast එක $13.4B, expected $13.5B. ඒ නිසා shares after hours −5% විතර.

ඒත් අද උදේ US futures +0.3%. Netflix drop එක market එකට ලොකුවට බලපෑවේ නෑ.

Oil: Brent ඊයේ $108.79 ට close වුණා. Iran talks ගැන බලාපොරොත්තු එක්ක දවස අගදී oil පහළට. ඒත් Iran Revolutionary Guard කිව්වා Hormuz එකේ tankers දෙකක් mines වල වැදුණා කියලා. අද Asia එකේ Brent ආපහු $110.03, +1.1%.

අද උදේ Asia: Korea +4%, Nikkei +1.3%, MSCI Asia ex-Japan +1.5%. S&P 500 companies 13% ක් results දාලා. ඒවායින් 86% ක් expectations ට වඩා හොඳයි (LSEG).

අද සහ හෙට (SL time)

  • අද පාන්දර 5.30: Akedo (AKE) unlock, $63.4M විතර.

  • අද: CoinShares bitcoin සහ ether ETF එක liquidate වෙන නිසා trading නවත්වනවා.

  • අද: US 20-year bond auction.

  • බ්‍රහස්පතින්දා පාන්දර 1.30 ට විතර: Meta (EPS expected $6.35) සහ Tesla (EPS expected $0.21). ඒ එක්කම Texas Instruments, Lam Research, IBM, SAP.

  • Meta call පාන්දර 2.00, Tesla call පාන්දර 3.00.

  • බ්‍රහස්පතින්දා සවස 6.00: Jobless claims. Expected 200K, කලින් 199K.

Altcoin පැත්තෙන්

ETH ඊයේ +1.7%, BTC වලට වඩා ටිකක් වැඩියි. $2,475 ට ගියා, ඒත් ගිය සිකුරාදා high එකට ($2,491) පහළින් නැවතුණා.

ETH ETF outflows තවම නතර වෙලා නෑ. සඳුදා −$103.3M. ඒ නිසා ETH rally එකට ETF support එකක් තවම නෑ.

ඊයේ LayerZero (ZRO) unlock එක ($44M විතර) වුණා.

අද risk rule එක: Meta සහ Tesla results එන්නේ අපේ පාන්දර 1.30 ට. ඒ වෙලාවට spreads ලොකු වෙනවා, liquidity අඩුයි. Price එක දෙපැත්තටම ඉක්මනට යන්න පුළුවන්. Results එනකොට leverage position එකක් තියෙනවා නම්, ඔයාට දරාගන්න පුළුවන් loss එක කොච්චරද කියලා කලින්ම තීරණය කරන්න.

අද Takeaway එක

BTC $81K wall එකෙන් ආපහු ඇවිත් range එකට උඩින් close වුණා. සඳුදා ETF inflow එක ලොකුයි.

ඒත් close එක A trigger එකට $107 ක් විතරයි උඩින්. අද රෑ Meta සහ Tesla results. මේ break එක ඇත්තද කියලා ඒ results වලින් පස්සේ close එකෙන් පේයි.

අද Premium එකේ

ඊයේ plan එකේ result: Scenario A trigger වුණා. BTC $82,938 ට close වුණා, A trigger එකට ($82,831) $107 කින් උඩින්. $81K wall එක hold කළා (low $81,081). Combination 2 ("wall එක hold කරලා $82,831 ආපහු ගන්නවා") හරියටම වුණා. ඒත් ඊයේ අපි "ETF inflows නෑ" කිව්වේ IBIT නැති data එකෙන්. IBIT +$665.2M ආවාම සඳුදා total එක +$526.7M. ඒක අපේ වැරැද්ද.

අද premium එකේ:

  • ඊයේ scorecard: A trigger එක, $81K wall එක, ETF වැරැද්ද.

  • BTC key levels 13 ක්, 21-day moving average එක ($83,230) එක්ක.

  • Meta ට කලින් සහ පස්සේ: A hold වුණොත් සහ fail වුණොත්, combinations හතරක්.

  • Whale watch: OI ඔක්. 8 ට පස්සේ ඉහළම. Shorts $125M liquidate වුණා. Bitfinex warning එක.

🔒 Scenario A: ඊළඟ zones $8█,███, $8█,███, ඊට පස්සේ $8█,███–$8█,███. වැරදියි කියලා පේන්නේ $8█,███ ට පහළ close එකක්

Premium readers ලාට මේ ඔක්කොම පහළින් 👇

logo

Premium plan එක කියවන්න SLTA Premium reader කෙනෙක් වෙන්න

හැම දවසකම "මෙහෙම වුණොත්, මේ zones බලන්න" scenario plan එක, source එකත් එක්ක key levels, options සහ whale data, සහ ඊයේ plan එකේ හරි වැරදි දෙකම. Buy/sell calls නෑ. Educational purposes සඳහා පමණි.

Upgrade

Premium එකේ හැම දවසකම:

  • Scenario plan: CPI, Fed, ETF flows වලට අනුව BTC, ETH, gold zones
  • Key levels: හැම level එකකටම source එකක් (liquidations, cost basis, weekly/monthly opens)
  • Options data: expiries, max pain, implied volatility
  • Whale watch: exchange flows සහ ලොකු wallet moves, තහවුරු කරපු ඒවා විතරයි
  • Scorecard: ඊයේ plan එකේ හරි, වැරදි දෙකම, හංගන්නේ නෑ