Nobody's coming to approve your idea
People assume that real businesses get built by other people with more resources. It's how great ideas get stuck in notes apps and conversations.
But you don't need six months and a developer's salary to validate your concept. You just need a weekend. Describe what you want to exist and Lovable builds it: a real site, a real product, ready to accept real payments from real customers. Not a mockup to show people. An actual thing they can use.
You don't need anyone's sign-off to get started. Take $5 off your first month.
Discount of $5 applies to first month of any paid plan. You need to sign up via this webpage in order to claim the discount. The discount applies to new and returning users without an active paid plan. Terms apply.
BTC $84K ට උඩින් close වුණා. Meta results වලින් පස්සේ අද උදේ dip එකක්
SL Trading Academy Daily Crypto Brief
2026 ඔක්තෝබර් 22, බ්රහස්පතින්දා

සුභ බ්රහස්පතින්දාවක්!
ඊයේ BTC හොඳ දවසක්. රෑ 9.30 ට විතර $84,856 ට ගියා. අද උදේ 5.30 close එක $84,025, දවසට +1.3%.
ඒ close එක ඔක්තෝබර් monthly open එකට ($83,556) උඩින්. ඒ කියන්නේ මේ වෙලාවේ BTC ඔක්තෝබර් මාසෙට කොළ පාටින්.
ඒත් අද උදේ 6.30 ට පස්සේ BTC පැය දෙකක් ඇතුළත $84.3K ඉඳන් $82,750 ට වැටුණා. දැන් $82.8K විතර.
ETH ඊයේ $2,524 ට ගියා, close $2,472 (+1.0%). දැන් $2,437 ගාව.
Meta සහ Tesla results අද පාන්දර ආවා. Meta revenue එක බලාපොරොත්තු වුණාට වඩා හොඳයි. ඒත් AI වියදම තවත් වැඩි කරනවා. Tesla වියදම අඩු කළා. US futures අද උදේ පහළට.
අද කෙටියෙන්
BTC ඊයේ high $84,856, close $84,025 (+1.3%). අද උදේ low $82,750.
BTC ETF අඟහරුවාදා final +$23.2M. බදාදා +$289.8M (partial, IBIT තවම නෑ).
Meta revenue $64.6B, +26%. 2026 AI capex $135B–$145B දක්වා. Shares after hours +3% විතර.
Tesla EPS beat, revenue ටිකක් අඩුයි. 2026 capex $20B විතර දක්වා අඩු කළා.
Nasdaq futures −0.7%. Lam Research after hours −6% ට වඩා.
US 10-year yield 5.13%. Fed hold chance 81%–88%.
Brent ඊයේ $110 ට උඩට ගියා. US, Saudi Arabia එකේ non-emergency staff ලා එළියට ගන්නවා.
අද සවස 6.00: US jobless claims.
Market dashboard

BTC | $84,025 (අද උදේ 5.30 close) · ඊයේ +1.3% · සතියේ open එකට +2.5% |
ETH | $2,472 (අද උදේ 5.30 close) · ඊයේ +1.0% |
Liquidations | ඊයේ 24h $243M, එයින් 77% shorts (CoinGlass, Bitcoin.com) |
BTC ETF flow | අඟහරුවාදා +$23.2M (final) · බදාදා +$289.8M (partial, IBIT තවම නෑ) |
ETH ETF flow | අඟහරුවාදා −$26.1M · බදාදා +$44.2M (partial, ETHA තවම නෑ) |
Stablecoins | — (අද data එක ගන්න බැරි වුණා) |
Fed hold chance (ඔක්. 28) | 81% (CME FedWatch) · 88% (Kalshi) |
Fear & Greed | — (අද data එක ගන්න බැරි වුණා) |
US 10Y · Brent · Gold | 5.13% · $108.82 · $4,150 (ඊයේ close) |
Dashboard එකෙන් පේන දේ: ඊයේ BTC rally එකට shorts liquidate වීම ලොකු හේතුවක්. ETF flows positive. Fed hike බය අඩුයි. ඒත් අද උදේ futures පහළට, oil $110 ගාව, Middle East news බරයි.
BTC: $84,856 ට, ඊට පස්සේ අද උදේ dip එක
ඊයේ උදේ BTC $82.5K–$82.9K ගාව. දවල් ඉඳන් උඩට. US market open වුණාට පස්සේ $84K පැන්නා.
Bitcoin.com එකේ CoinGlass data වලට අනුව ඊයේ රෑ 9 වෙනකොට පැය 24 ට crypto liquidations $243M. එයින් $188M shorts. BTC liquidations $78M, ඒකෙන් 94% ක් විතර shorts. Price එක උඩ යනකොට shorts ලාට position වහන්න වෙනවා. ඒක තවත් buying.
ගිය සතියේ BTC $84,062–$84,262 zone එකේ හතර පාරක් reject වුණා. ඊයේ ඒ zone එකට උඩින් $84,856 ට ගියා. ඒත් close එක $84,025, zone එකට ටිකක් පහළින්.
Close එක ඔක්තෝබර් monthly open එකට ($83,556) උඩින්. සතියේ open එකට ($82,007) +2.5%.
අද උදේ: 6.30 ට පස්සේ BTC $84.3K ඉඳන් $82,750 ට ආවා, පැය දෙකක් ඇතුළත −1.8%. ඒ වෙලාවේම US Nasdaq futures −0.7%, Asia එකේ chip stocks (Samsung, SK Hynix) පහළට. ඒ dip එකට specific crypto news එකක් අපිට හම්බ වුණේ නෑ.
Meta සහ Tesla: "Mixed" results
Meta: - Revenue $64.6B, +26%. Expected $63.2B. - Q4 revenue forecast $73B–$76B. - 2026 capex (AI data centers වලට කරන වියදම) $135B–$145B. කලින් $130B–$145B. පහළ සීමාව වැඩි කළා. - GAAP EPS $3.83. Litigation වියදමක් නිසා අඩුයි. ඒක නැතුව $7.40. - Shares after hours +3% විතර.
Tesla: - EPS $0.48, expectations ට වඩා ටිකක් හොඳයි (Teslarati). - Revenue $28.05B, expected $28.34B. ටිකක් අඩුයි. - Free cash flow +$1.53B. Market එක negative එකක් බලාපොරොත්තු වුණේ. - 2026 capex $20B විතර දක්වා අඩු කළා. කලින් $25B ට වඩා (Bloomberg). - Shares after hours ටිකක් පහළට.
අනිත් ඒවා: Lam Research after hours −6% ට වඩා, forecast එක දුර්වලයි. IBM +3% විතර.
Market එකේ ප්රතිචාරය: Bloomberg කියන්නේ results mixed නිසා මේ සතියේ AI rebound එක දිගටම යයිද කියන ප්රශ්නය ආයෙත් ආවා කියලා. Meta ආදායම හොඳයි, ඒත් AI වියදම තවත් වැඩි කරනවා. Market එක මේ සතියේ බය වුණේ හරියටම ඒ වියදම ගැන.
ඊයේ US close: Nasdaq +1.05%, S&P 500 +0.58%, Dow +0.69%. අද උදේ Nasdaq 100 futures −0.7%, S&P 500 futures −0.5%.
Yields, Fed සහ oil
10-year yield: ඊයේ 5.13%, +1bp. අද Asia එකේ 5.11%. 2-year 4.81%. අපේ levels 5.00% සහ 5.30%. තවම මැද.
Fed: ඔක්. 28 rates hold කරන්න chance එක CME FedWatch අනුව 81%, Kalshi අනුව 88%. ඒ කියන්නේ hike එකක් market එක දැනට බලාපොරොත්තු වෙන්නේ අඩුවෙන්.
Oil: Brent ඊයේ $110 ට උඩට ගිහින් $108.82 ට close වුණා. අද Asia එකේ +1.3%, ආපහු $110 ට උඩින්.
Middle East news බරයි. US State Department, Saudi Arabia එකේ non-emergency staff ලා එළියට යන්න කියලා order කළා, Houthi තර්ජන නිසා. New York Times report කළා US සහ Israel, US midterm elections වලින් පස්සේ Iran එකට ආයෙත් පහර දෙන්න plans හදලා තියෙනවා කියලා. Iran foreign minister කිව්වේ Washington එක්ක progress එකක් බලාපොරොත්තු වෙන්න හේතු අඩුයි කියලා.
Gold: අද උදේ spot gold $4,114, −0.6%.
අද සහ හෙට (SL time)
අද සවස 6.00: US jobless claims. Expected 200K, කලින් 199K.
අද රෑ 7.30: US leading indicators (Conference Board).
හෙට රෑ 7.15: US flash PMI. Manufacturing expected 55.5 (කලින් 55.9). Services expected 57.9 (කලින් 58.8).
හෙට රෑ 7.30: University of Michigan sentiment (final). Preliminary 46.3.
ලබන සතිය: ඔක්. 28 රෑ 11.30 Fed decision. ඔක්. 30 දවල් 1.30 options expiry. ඔක්. 31 Mt. Gox deadline.
Altcoin පැත්තෙන්
ETH ඊයේ $2,524 ට ගියා, ගිය සිකුරාදා high එකට ($2,491) උඩින්. ඒත් close $2,472. අද උදේ $2,437.
ETH ETF: ETHA එකෙන් සඳුදා සහ අඟහරුවාදා දෙදවසට $128M ක් ගියා. බදාදා partial number එක +$44.2M, ETHA නැතුව.
ඊයේ ZEC +11.7%, XRP +4.7% (Motley Fool).
අද risk rule එක: Earnings වගේ ලොකු event එකකින් පස්සේ මුල් පැය කීපයේ move එක දැකලා තීරණ ගන්න එපා. ඊයේ රෑ BTC $84K ට උඩින්, අද උදේ $82.8K. Daily close එක එනකම් ඉන්න.
අද Takeaway එක
BTC ගිය සතියේ හතර පාරක් reject වුණ $84K zone එකට උඩින් ගියා, ඔක්තෝබර් monthly open එකට උඩින් close වුණා.
ඒත් Meta results වලින් පස්සේ AI වියදම ගැන ප්රශ්නය ආයෙත් ආවා. අද උදේ dip එක $82,555 ට $200 ක් විතර කිට්ටුවට ආවා. අද රෑ close එක (හෙට උදේ 5.30) තමයි Meta night එකේ ඇත්ත ප්රතිඵලය.

ඊයේ plan එකේ result: Scenario A hold කළා. Close $84,025, A වැරදියි කියන $82,555 ට ගොඩක් උඩින්. Combination 1 ("A hold + Meta හොඳයි → $83,230 ට උඩ close, ඊට පස්සේ $84K zone එක ලොකු test එක") හරි. $84K zone එක intraday කැඩුණා ($84,856), ඒත් close එක ඊට පහළින්. අඟහරුවාදා partial ETF number එක (−$6.7M) final එකේ +$23.2M. ඒක partial කියලා ලියපු නිසා plan එකට බලපෑවේ නෑ.
අද premium එකේ:
ඊයේ scorecard: A, $84K zone එකේ 5 වෙනි test එක, Meta night එකේ මුල් close එක.
BTC key levels 14 ක්, $85K සහ ඊට උඩ zones එක්ක.
අද close එකට plan එක: අද උදේ dip එක $82,555 ට කිට්ටුයි. දෙපැත්තටම.
Jobless claims සහ Middle East: අද රෑ 6.00 ට කලින් සහ පස්සේ.
🔒 BTC $8█,███ ට උඩින් daily close → ඊළඟ zones $8█,███, $8█,███, ඊට පස්සේ $8█,███–$8█,███
Premium readers ලාට මේ ඔක්කොම පහළින් 👇
Premium plan එක කියවන්න SLTA Premium reader කෙනෙක් වෙන්න
හැම දවසකම "මෙහෙම වුණොත්, මේ zones බලන්න" scenario plan එක, source එකත් එක්ක key levels, options සහ whale data, සහ ඊයේ plan එකේ හරි වැරදි දෙකම. Buy/sell calls නෑ. Educational purposes සඳහා පමණි.
UpgradePremium එකේ හැම දවසකම:
- Scenario plan: CPI, Fed, ETF flows වලට අනුව BTC, ETH, gold zones
- Key levels: හැම level එකකටම source එකක් (liquidations, cost basis, weekly/monthly opens)
- Options data: expiries, max pain, implied volatility
- Whale watch: exchange flows සහ ලොකු wallet moves, තහවුරු කරපු ඒවා විතරයි
- Scorecard: ඊයේ plan එකේ හරි, වැරදි දෙකම, හංගන්නේ නෑ




