In partnership with

The Popcorn Brand Turning Heads and Raising Capital

What does it look like when a consumer brand starts to break out?

Popsmith generated $5.8M in revenue in 2025 and is projecting $9M in 2026, with more than 100,000 customers and $20M+ in lifetime sales.

The brand has already earned national recognition through Oprah’s Favorite Things and partnerships with Costco, Sur La Table, and Williams Sonoma, where Popsmith is rolling out nationwide this holiday season.

Now Popsmith is raising capital to accelerate its next stage of growth, and individual investors have the opportunity to become shareholders.

CPI hot ආවා. BTC $81.5K ට ආවා, ඒත් $81K zone එක තවම hold කරනවා

SL Trading Academy Daily Crypto Brief
2026 ඔක්තෝබර් 15, බ්‍රහස්පතින්දා

සුභ දවසක්!

ඊයේ CPI එකට කලින් BTC හතරවෙනි පාරටත් $84K ගාවට ගියා. $84,062 ට ගිහින් ආයෙත් හැරුණා.

ඊට පස්සේ හවස 6 ට CPI ආවා. Core inflation බලාපොරොත්තු වුණාට වඩා වැඩියි. BTC $83.4K ඉඳන් $81.3K ට ආවා. අද උදේ 5.30 close එක $81,566. දවසට 1.8% ක් පහළ. දැන් $81.4K විතර.

ETH ට ආයෙත් වැඩිය වැදුණා, 3.1% ක් පහළ. අද පාන්දර $2,401 ට ගියා. ඒ ගිය සතියේ low එක ($2,405) තුන්වෙනි පාරටත් test වුණා. දැන් $2,405 ගාව.

ඉරිදා ඉඳන් BTC තිබුණේ $81K–$84K range එකක. CPI එකෙන් පස්සේ ඒ range එකේ පහළ කෙළවරට ආවා. ඒත් තවම range එකෙන් එළියට ගිහින් නෑ.

අද කෙටියෙන්

  • US core inflation මාසෙට 0.3%, බලාපොරොත්තුව 0.2%. Headline inflation අවුරුද්දට 3.7%.

  • BTC $84,062 ට ගිහින් හැරුණා, CPI එකෙන් පස්සේ $81,332 ට. අද උදේ close එක $81,566.

  • ඔක්තෝබර් 28 Fed hike එකකට chance එක CPI එකට කලින් 20% විතර. දැන් 37% විතර.

  • අඟහරුවාදා BTC ETF වලට $175.7M ක් ආවා. ඊයේ Fidelity FBTC වලින් $152.7M ක් ගියා.

  • පැය 24 ට $455M liquidations, 87% ක් longs.

  • Gold 1.5% ක් වැටිලා $4,100 ගාවට. Dollar එක ආයෙත් ශක්තිමත් වුණා.

  • US stocks: Nasdaq 1.9% පහළ, S&P 500 1.1% පහළ.

  • අද හවස 6 ට US PPI, retail sales. හෙට උදේ 9 ට Fed Chair Warsh.

Market dashboard

BTC

$81,566 (අද උදේ close) · ඊයේ −1.8%

ETH

$2,419 (අද උදේ close) · ඊයේ −3.1%

Funding rate (OKX, 8h)

— (අද data එක ගන්න බැරි වුණා)

Liquidations (24h, CoinGlass)

$455M · longs $398M

Open interest

— (අද data එක ගන්න බැරි වුණා)

BTC ETF flow

අඟහරුවාදා +$175.7M · ඊයේ තවම සම්පූර්ණ නෑ (FBTC −$152.7M)

ETH ETF flow

අඟහරුවාදා +$24.8M · ඊයේ තවම සම්පූර්ණ නෑ

Stablecoins (USDT + USDC)

— (අද data එක ගන්න බැරි වුණා)

Whale line

අලුත් confirmed move එකක් නෑ · Mt. Gox ~34K BTC, ඔක්. 31 deadline

Fear & Greed

53 (neutral) · 62 ඉඳන් (TokenPost)

DXY · US 10Y · Brent · Gold

102.86 · 5.28% · ~$108 · ~$4,100

Dashboard එකෙන් පේන දේ: CPI එකෙන් පස්සේ dollar, yields දෙකම උඩට, BTC සහ gold දෙකම පහළට. සඳුදා වගේම, මේකත් crypto ප්‍රශ්නයක් නෙවෙයි, macro ප්‍රශ්නයක්. Fear & Greed එක greed වලින් neutral වලට ආවා. අද funding, open interest සහ stablecoin data ගන්න බැරි වුණා, ඒ නිසා ඒවා හිස්ව තියෙනවා.

CPI: core එක 0.3%

September CPI ඊයේ ආවා. Headline එක මාසෙට 0.6%, බලාපොරොත්තුව වගේමයි. අවුරුද්දට 3.7%, බලාපොරොත්තුව 3.6%. August 3.4%.

Market එක බලන්නේ core එක. Core එක (food සහ energy නැතුව) මාසෙට 0.3%, බලාපොරොත්තුව 0.2%. අවුරුද්දට 2.6%, බලාපොරොත්තුව 2.5%. ඊයේ අපි කිව්වා banks වල forecasts 0.16%–0.24% අතර කියලා. 0.3% ඒ හැම එකකටම වඩා වැඩියි.

Gasoline මාසයකට 9.1% ක් උඩ ගියා. Monthly inflation එකෙන් භාගයකට වඩා ආවේ ඒකෙන්. ඒත් core එකත් උඩ යන්නේ shelter සහ used car prices නිසා. ඒ කියන්නේ oil නිසා විතරක් නෙවෙයි.

Capital Economics එකේ Stephen Brown කිව්වා මේ number එක Fed එකට මේ මාසයේම තවත් hike එකක් කරන්න හේතුවක් වෙන්න පුළුවන් කියලා. CME FedWatch අනුව ඔක්තෝබර් 28 hike එකකට chance එක CPI එකට කලින් 20% විතර. CPI එකෙන් පස්සේ ටික වෙලාවකට 50% ට ගියා, දවස අන්තිමේ 37% විතර.

BTC: range එකේ පහළ කෙළවර

CPI එකට කලින්, ඊයේ දවල් BTC $84,062 ට ගියා. දවස් හතරක් එකම $84K zone එකෙන් හැරුණා.

CPI ආපු පැයේදී $83.4K ඉඳන් $82.5K ට වැටුණා. ඊට පස්සේ දවස පුරාම පහළට ගියා. ඊයේ daily candle එකේ low එක $81,332, අද පාන්දර $81,281. ඒත් Glassnode පෙන්නපු Binance buy orders ($81,000–$81,250) ට උඩින් නැවතුණා.

ඒ කියන්නේ hot CPI එකක් ආවත් BTC තවම range එක ඇතුළේ. ඒත් ඒ range එකේ පහළ කෙළවරේ. Wincent එකේ Paul Howard කියන්නේ BTC ළඟදී $80K–$88K අතර ඉඳියි කියලා, ඒත් $80K ට පහළට ගියොත් $75K ට ඉඩ තියෙනවා කියලා.

TradingKey කියන විදියට $80K ගාව BTC වල 50-day moving average එක තියෙනවා. ඊළඟට බලන්න ඕන ඒ level එක.

ETF: අඟහරුවාදා +$176M, ඊයේ Fidelity එකෙන් −$153M

අඟහරුවාදා number එක දැන් සම්පූර්ණයි. BTC ETF වලට $175.7M ක් ආවා. BlackRock IBIT එකට $65.9M, Fidelity FBTC එකට $103.1M.

ඊයේ (CPI දවස) number එක තවම සම්පූර්ණ නෑ, IBIT data එක නෑ. ඒත් Fidelity FBTC වලින් $152.7M ක් ගියා. අඟහරුවාදා ආපු සල්ලි ටිකට වඩා ලොකුයි. IBIT number එක ආවම total එක හෙට කියන්නම්.

ETH ETF වලට අඟහරුවාදා $24.8M ක් ආවා. ඊයේ number එකත් තවම සම්පූර්ණ නෑ.

Dollar, yields, gold සහ stocks

CPI එකෙන් පස්සේ 10-year yield 5.33% ට ගියා, close වුණේ 5.28% ට. Dollar index (DXY) 102.86 ට ගියා, 2025 අප්‍රේල් වලින් පස්සේ ඉහළම.

Gold 1.5% ක් වැටිලා $4,100 ගාවට ආවා. දවස ඇතුළේ $4,075 ට ගියා. Gold දවස් තුනක් පහළට. Dollar සහ yields උඩ යනකොට gold වලට pressure එක, BTC වලට වගේමයි.

Brent oil $108 ගාව. Oil අඩු නොවී inflation අඩු වෙන්නේ නෑ කියන එක ඊයේ CPI එකෙන් තවත් පැහැදිලි වුණා.

US stocks වැටුණා. Nasdaq 1.88%, S&P 500 1.11%, small caps (Russell 2000) 1.93%. Bank of America results බලාපොරොත්තුවට අඩුයි, ඊට අමතරව $1.2B ට වැඩි regulatory penalty එකක්. BlackRock results හොඳයි.

Altcoin පැත්තෙන්

ETH 3.1% ක් වැටුණා, BTC 1.8%. ETH අද පාන්දර $2,401 ට ගියා. ගිය සතියේ low එක ($2,405) ට $4 ක් විතර පහළට wick එකක්, ඒත් close එක ($2,419) ඊට උඩින්. තුන්වෙනි test එක. මේක ETH වල ලොකුම level එක දැන්.

Liquidations වලත් ETH positions ($80M) BTC positions ($78M) වලට වඩා වැඩියි. Hot CPI එකකදී altcoins BTC වලට වඩා වැටෙන එක සාමාන්‍යයි.

Regulation පැත්තෙන්, South Korea 2027 ජනවාරි 1 ඉඳන් අවුරුද්දකට won 2.5 million ට වැඩි crypto profits වලට 22% ක tax එකක් ගහනවා. සවිස්තර rules නොවැම්බර් එනවා.

මේ සතියේ ලොකු token unlocks: ARB (හෙට, ඔක්. 16, $18M විතර), CRO (ඔක්. 17, $70M විතර), ASTER (ඔක්. 17, $32M විතර).

අද සහ හෙට (ලංකාවේ වෙලාවෙන්)

අද, බ්‍රහස්පතින්දා, හවස 6: US PPI (මාසෙට 0.5% බලාපොරොත්තුව, core 0.3%). US retail sales (මාසෙට 0.3%, autos නැතුව 0.5%). Jobless claims.

හෙට, සිකුරාදා, උදේ 9: Fed Chair Warsh, IMF එකේ Georgieva එක්ක කතාවක්. CPI එකෙන් පස්සේ Warsh මුලින්ම කතා කරන්නේ මෙතන.

ඔක්. 28, රෑ 11.30: Fed decision.

ඔක්. 30, දවල් 1.30: Deribit monthly BTC options expiry.

අද risk rule එක: CPI වගේම PPI එකත් හවස 6 ට. ඊයේ moves දැකලා අද data එකට කලින් leverage එක්ක ඉක්මන් trade එකකට පනින්න හිතෙනවා නම්, ඒක මම නම් කරන්නේ නෑ.

අද Takeaway එක

CPI hot ආවා. Dollar උඩට, yields උඩට, BTC සහ gold පහළට.

ඒත් BTC තවම $81K ට උඩින්. අද PPI සහ හෙට උදේ Warsh. ඒ දෙකෙන් බලන්න පුළුවන් මේ hot CPI එක Fed එක ඔක්තෝබර් hike එකක් දක්වා තල්ලු කරනවද කියලා.

අද Premium එකේ

ඊයේ plan එකේ ප්‍රතිඵලය: CPI hot ආවා, Scenario C. BTC $82.5K කැඩුණා, $81K buy wall එක hold කළා. ETH $2,405 ට ගියා. Gold $4,150 ට පහළට ගියා. ඒ ඔක්කොම C plan එකේ ලියපු විදියටමයි. 10-year yield "5.30% ට උඩ close" condition එක නම් ආවේ නෑ.

අද premium එකේ:

  • CPI scorecard එක, condition එකින් එක.

  • PPI, retail sales සහ Warsh plan එක. අද PPI hot ආවොත් BTC වල ඊළඟ zone එක කොහෙද?

  • BTC key levels 10 ක්, හැම එකකම source එක. $80K 50-day MA එක සහ $75K zone එකත් එක්ක.

  • ETH $2,405 කැඩුණොත් ඊළඟ zones මොනවද? දෙපැත්තටම.

🔒 Scenario C: PPI hot + BTC $8█,███ ට පහළ daily close → ඊළඟ zones $8█,███, $8█K

Premium readers ලාට මේ ඔක්කොම පහළින් 👇

logo

Premium plan එක කියවන්න SLTA Premium reader කෙනෙක් වෙන්න

හැම දවසකම "මෙහෙම වුණොත්, මේ zones බලන්න" scenario plan එක, source එකත් එක්ක key levels, options සහ whale data, සහ ඊයේ plan එකේ හරි වැරදි දෙකම. Buy/sell calls නෑ. Educational purposes සඳහා පමණි.

Upgrade

Premium එකේ හැම දවසකම:

  • Scenario plan: CPI, Fed, ETF flows වලට අනුව BTC, ETH, gold zones
  • Key levels: හැම level එකකටම source එකක් (liquidations, cost basis, weekly/monthly opens)
  • Options data: expiries, max pain, implied volatility
  • Whale watch: exchange flows සහ ලොකු wallet moves, තහවුරු කරපු ඒවා විතරයි
  • Scorecard: ඊයේ plan එකේ හරි, වැරදි දෙකම, හංගන්නේ නෑ