In partnership with

Don’t lose overseas candidates while setting up a local entity.

Found the right person, but they live in a country where you have no entity? Setting one up can take months, and great candidates have other options. 

Remote’s Employer of Record (EOR) lets you hire without setting up a local entity. We become the legal employer for your new hire, with an average onboarding time of 3 days. 

Fast doesn’t mean cutting corners. As the legal employer, we handle employment contracts, benefits and payroll taxes in line with local requirements, and our in-house local experts across employment law, payroll and HR stay on top of changes. 

Say yes to your candidate. We’ll get them started.

Stocks correction එකට, BTC $57K ට පහළට

SL Trading Academy Daily Crypto Brief
2026 නොවැම්බර් 21, සෙනසුරාදා

සුභ සෙනසුරාදාවක්!

ඊයේ රෑ US market එක open වෙනකොට ලොකු selling එකක් ආවා. AI stocks කඩාවැටුණා, Nasdaq දවසකින් 5% ට වැඩියෙන් පහළට. BTC එකම පැයේ $2,000 ට වඩා වැටුණා.

අපි දවස් ගාණක් බලන් හිටපු $60K buy crowd එක (orders 2,885) පැය කිහිපයකින් fill වුණා. ඒ විතරක් නෙවෙයි, ඊට පහළ crowds ඔක්කොම.

අද උදේ BTC තවත් පහළට ගියා. 2024 සැප්තැම්බර් ඉඳන් අඩුම මට්ටම.

අද කෙටියෙන්

  • S&P 500 −3.7%, Nasdaq −5.3%. S&P 500 දැන් "correction" එකක, ඔක්තෝබර් record එකට වඩා 10% ට වැඩියෙන් පහළින් (AP).

  • Nasdaq සතියට −10%. 2020 ඉඳන් stocks වලට නරකම සතිය (AP, CNBC).

  • VIX (fear gauge) 36 ට. Gold පවා 4.6% ක් පහළට. "හැමදේම එකට විකුණනවා" කියන එකේ ලකුණක් (Capp Notes, AI-assisted).

  • පැය 24 ක crypto liquidations $1.53B. ඒකෙන් 92% ක් longs (CoinGlass via TokenPost).

  • BTC ETFs බ්‍රහස්පතින්දා −$582M. මේ මාසේ ලොකුම outflow දවස. ඒකෙන් ගොඩක්ම IBIT (SoSoValue, Farside).

  • Strategy (MSTR) shares සතියට 30% ක් විතර පහළට, Coinbase 20% ක් විතර (Bloomingbit via Bitcoin.com).

Market dashboard

BTC

$58,815 (අද උදේ 5.30 close) · සිකුරාදා −5.0% · අද උදේ $56,747 දක්වා

BTC සතිය

−13% විතර (ගිය ඉරිදා close එකේ ඉඳන්, අද උදේ price එකට)

ETH

$1,619 (අද උදේ 5.30 close) · සිකුරාදා −7.8%

BTC ETF flow

බ්‍රහස්පතින්දා −$582.2M (SoSoValue) · සිකුරාදා pending

ETH ETF flow

බ්‍රහස්පතින්දා −$131.2M (SoSoValue)

Stocks

S&P 500 −3.7% · Nasdaq −5.3% · Dow −1.9%

Yields · gold

10-year 4.92% · 2-year 4.63% · Gold −4.6%

VIX

35.9, මාර්තු ඉඳන් ඉහළම

Fed දෙසැම්බර්

25bp hike 90% (Kalshi via Capp Notes)

Funding / OI

— (අද data එක ගන්න බැරි වුණා)

ඊයේ රෑ මොකද වුණේ

ඊයේ දවල් 1.30 options expiry එක වෙනකොට BTC $61.8K ගාව. කිසිම ලොකු move එකක් නෑ.

රෑ 8.30–9.30 අතර (SL), US market එක open වුණාට පස්සේ, AI stocks වලට ලොකු selling එකක් ආවා. ඒ පැය ඇතුළේ BTC $61.9K සිට $59.3K ට. $61K සහ $60K buy crowds දෙකම fill.

පාන්දර 12.30–1.30 අතර low $57,655. ජූනි low එකත් ($58.5K විතර) කැඩුණා. අද උදේ 8.30–9.30 අතර තවත් පහළට, $56,747.

ඇයි හැමදේම එකට වැටෙන්නේ?

ඊයේ stocks, gold, BTC ඔක්කොම එකට වැටුණා. සාමාන්‍යයෙන් gold සහ bonds risk-off දවසක උඩට යනවා.

මේ වගේ දවසක් සාමාන්‍යයෙන් කියන්නේ forced selling. Leverage එක්ක trade කරපු funds සහ traders ලාට margin calls ආවම, විකුණන්න පුළුවන් ඕනම දෙයක් විකුණනවා. Gold සහ BTC ත් ඒ ලිස්ට් එකේ.

Bonds විතරයි උඩට ගියේ. 10-year yield 4.92% ට පහළට (Capp Notes, AI-assisted). ඒත් Fed දෙසැම්බර් hike එකේ probability එක තවම 90% විතර.

මේකේ තේරුම: BTC ගේ මේ සතියේ වැටීම crypto විතරක් ප්‍රශ්නයක් නෙවෙයි. මුළු market එකේම deleveraging එකක්. ඒ වගේ moves ඉක්මනට ඉවර වෙන්නත් පුළුවන්, තව දවස් කිහිපයක් යන්නත් පුළුවන්.

ETF: මාසේ ලොකුම outflow දවස

බ්‍රහස්පතින්දා BTC ETFs වලින් $582M ක් එළියට. ඒකෙන් IBIT ම $541M ක් විතර (Farside via The Coin Republic). Morgan Stanley ගේ MSBT එකට විතරක් inflow එකක්.

ETH ETFs වලිනුත් එදා $131M ක් එළියට.

Strategy සහ crypto stocks

Strategy (MSTR) shares සතිය $77.80 ට ඉවර කළා, ගිය සතියේ $111.62 සිට. Coinbase (COIN) අවුරුදු තුනක අඩුම මට්ටමේ (Bloomingbit via Bitcoin.com).

Strategy ගේ BTC average cost එක $75,452. BTC දැන් ඊට 25% ක් විතර පහළින්.

Weekend එක සහ ඉදිරි සතිය (SL time)

  • සෙනසුරාදා සහ ඉරිදා: Weekend. US markets වහලා. Crypto විතරක් trade වෙනවා, liquidity තුනීයි.

  • සඳුදා උදේ 5.30: Weekly close. ගිය සතියේ close එක $65,315.

  • සඳුදා රෑ: Strategy weekly filing එක.

  • ලබන සතිය: US Thanksgiving (බ්‍රහස්පතින්දා) නිසා US markets කෙටි සතියක්. නොවැ. 27 මාසික options expiry එක (CryptoTicker, AI-assisted).

Altcoin පැත්තෙන්

ETH ඊයේ BTC ට වඩා වැඩියෙන් වැටුණා. ගිය ඉරිදා low එකත් ($1,709) කැඩුණා. $1,600 ට ළඟින්.

අද risk rule එක: මේ මාසේ හැම weekend එකකම ලොකු moves. දැන් market එක forced selling mode එකක. Leverage එපා, "dip එක අල්ලන්න" කලබල වෙන්න එපා. මේ මාසේ buy crowds 12 ක් කැඩුණා.

අද Takeaway එක

ඊයේ තිබුණේ crypto crash එකක් නෙවෙයි, මුළු market එකේම crash එකක්. BTC එක්ක stocks, gold ඔක්කොම.

මේ වගේ දවස් වලින් පස්සේ bounces එනවා. ඒත් ඒ bounce එක trend change එකක්ද කියලා කියන්න නම් ETF outflows නවතින්න ඕන, stocks ස්ථාවර වෙන්න ඕන. ඒකට කලින් ඉවසීම තමයි ලොකුම skill එක.

අද Premium එකේ

ඊයේ plan එකේ result: Scenario C, ඊටත් එහා. C zones තුනම පැය කිහිපයකින් hit.

අද premium එකේ:

  • Scorecard (සිකුරාදා): Crowds හයක් එක රෑකින්.

  • අලුත් buy crowds: $55K ගාව orders 2,983.

  • Shorts දැන් උඩ, longs ගොඩක් flush වෙලා.

  • අලුත් confluence map එක.

  • Weekend plan එක සහ weekly close එක.

🔒 Scenario C: BTC $5█,███ ට පහළ daily close → ඊළඟ $55K crowd (orders 2,███), ඊට පස්සේ $5█K

Premium readers ලාට මේ ඔක්කොම පහළින් 👇

logo

Premium plan එක කියවන්න SLTA Premium reader කෙනෙක් වෙන්න

හැම දවසකම "මෙහෙම වුණොත්, මේ zones බලන්න" scenario plan එක, source එකත් එක්ක key levels, options සහ whale data, සහ ඊයේ plan එකේ හරි වැරදි දෙකම. Buy/sell calls නෑ. Educational purposes සඳහා පමණි.

Upgrade

Already a subscriber? Sign in

Premium එකේ හැම දවසකම:

  • Scenario plan: CPI, Fed, ETF flows වලට අනුව BTC, ETH, gold zones
  • Key levels: හැම level එකකටම source එකක් (liquidations, cost basis, weekly/monthly opens)
  • Options data: expiries, max pain, implied volatility
  • Whale watch: exchange flows සහ ලොකු wallet moves, තහවුරු කරපු ඒවා විතරයි
  • Scorecard: ඊයේ plan එකේ හරි, වැරදි දෙකම, හංගන්නේ නෑ