How 2M+ Professionals Stay Ahead on AI
AI is moving fast and most people are falling behind.
The Rundown AI keeps you ahead of the curve.
It's a free AI newsletter that keeps you up-to-date on the latest AI news, and teaches you how to apply it in just 5 minutes a day.
Plus, complete the quiz after signing up and they’ll recommend the best AI tools, guides, and courses — tailored to your needs.
BTC $80K ට කිට්ටු වෙලා ආපහු $82K. ETF සල්ලි ලොකුවට එළියට
SL Trading Academy Daily Crypto Brief
2026 ඔක්තෝබර් 9, සිකුරාදා

සුභ දවසක්!
ඊයේ අපි කිව්වා BTC වල ප්‍රධාන line එක $82.5K කියලා. Daily close එක ඒකට පහළින් ගියොත් ඊළඟ zone එක $81K ගාව කියලා.
ඊයේ ඒක වුණා. BTC ඊයේ රෑ $80,315 දක්වා වැටුණා. අද උදේ 5.30 daily close එක $81,693. දැන් $82K විතර. ගිය අඟහරුවාදා $86.7K ට තිබුණ BTC දවස් දෙකක් ඇතුළත $6,000 කට වඩා වැටුණා.
ETH ඊට වඩා නරකයි. $2,405 දක්වා ගිහින් දැන් $2,485 ගාව.
අද කෙටියෙන්
BTC low $80,315. අද උදේ close එක $81,693. දැන් $82K විතර.
බදාදා BTC ETF වලින් $484.9M ක් එළියට. BlackRock IBIT එකෙන් විතරක් $207.7M.
පැය 24 ක් ඇතුළත crypto liquidations $1.1B කට වඩා. ගොඩක්ම longs.
Hormuz වල tanker ප්‍රහාර නිසා Brent oil $105 ට උඩට.
ETH $2,405 දක්වා. ETH ETF වලින් දවස් දෙකක් ඇතුළත $363M ක් එළියට.
BTC dominance 59.5% ට උඩ ගියා. Gold $4,150 ගාව.
ETF: සතියේ ලොකුම outflow එක

බදාදා number එක දැන් සම්පූර්ණයි. Bitcoin ETF වලින් $484.9M ක් එළියට ගියා. BlackRock IBIT එකෙන් $207.7M, Fidelity FBTC එකෙන් $105.1M.
ඊයේ (බ්‍රහස්පතින්දා) number එක තවම සම්පූර්ණ නෑ. IBIT තවම නෑ. ඒත් FBTC එකෙන් විතරක් $197.1M ක් ගිහින්. ඉතුරු funds වලිනුත් සල්ලි ගිහින්.
මේ සතියේ BTC ETF flows: සඳුදා $90M ක් එළියට, අඟහරුවාදා $119M ක් ඇතුළට, බදාදා $485M ක් එළියට. ඊයේ number එක එනකම් සතියේ එකතුව කියන්නේ නෑ. ඒත් ගිය සති තුනේම inflows ආපු එක මේ සතියේ නවතින්න ඉඩ වැඩියි.
ETH ETF වල තත්වය තවත් බරයි. අඟහරුවාදා $201.9M, බදාදා $160.9M එළියට. දවස් දෙකේ BlackRock ETHA එකෙන් විතරක් $318M.
ඇයි මේ තරම් වැටුණේ?
එක හේතුවක් නෙවෙයි. කීපයක් එකට ආවා.
Oil. Strait of Hormuz වල tanker ප්‍රහාර ආයෙත් වැඩි වුණා. Kpler data එකට අනුව සැප්තැම්බර් 28–ඔක්තෝබර් 4 සතියේ tankers 10 කට පහර දීලා. ඒක සතියක record එකක්. ඒ වගේම Hurricane Isaias US Gulf Coast එකේ refineries පැත්තට යනවා. Brent ඊයේ 5% කට වඩා උඩ ගිහින් $105 පැන්නා. සමහර වෙලාවට $107 ට ගියා.
Yields සහ Fed. බදාදා minutes වලින් තවත් hike එකක් ගැන කිව්වා. US 10-year yield 5.3% ගාව. 30-year yield අවුරුදු 24 ක ඉහළම මට්ටමට කිට්ටුවෙන්. Oil උඩ යනකොට inflation බය වැඩි වෙනවා, ඒකෙන් yields අඩු වෙන්නේ නෑ.
Profit taking. CryptoQuant data එකට අනුව ගිය සතියේ BTC holders ලා 25,700 BTC ක ලාභ ගත්තා. 2026 ඉහළම ප්‍රමාණය. Traders ලාගේ unrealized profit 33% ට ගියා, 2024 දෙසැම්බර් න් පස්සේ ඉහළම.
Leverage. CoinGlass data එකට අනුව පැය 24 ක් ඇතුළත $1.1B කට වඩා liquidations. ඒකෙන් $1.05B ම longs. වැඩිම ETH වල ($333M).
Bitfinex coins ගැන කතාවක්. US government එක Bitfinex hacker ගෙන් අල්ලගත්ත $1B ක BTC Coinbase Prime එකට move කළා කියලා කතාවක් ගියා. Analysts ලා කියන්නේ ඒවා විකුණුවා කියලා කිසිම සාක්ෂියක් නෑ කියලා.
US stocks වලත් pressure එක තිබුණා. OpenAI එකේ revenue බලාපොරොත්තු වුණාට වඩා $20B කින් අඩුයි කියලා report එකක් ආවා. Tech stocks පහළට.
BTC levels
ඊයේ BTC $82.5K කැඩුවා. $81K පැනලා $80,315 ට ගියා. Daily close එක $81,693.
Analysts ලා දැන් කතා කරන levels:
$81,000–$82,000: ගොඩක් analysts ලා බලන zone එක. මේක $81K "neckline" එකක් කියලා සමහරු කියනවා.
$80,000: Psychological level එක. ඊයේ low එක ඊට $315 ක් උඩින්.
$78,000: Analyst Ted Pillows මේ මාසයට කියන level එක.
$75,000: $81.5K–$82K zone එක fail වුණොත් සමහර analysts ලා කියන downside එක.
උඩ පැත්තෙන් $83K ආපහු resistance. ඊට උඩින් $85K.
CoinMarketCap Fear and Greed Index එක 53 ට ආවා. Neutral. අගෝස්තු අග ඉඳන් "greed" පැත්තේ තිබුණේ.
Altcoin පැත්තෙන්
ETH ඊයේ එක වෙලාවක 6% කට වඩා පහළට ගියා. Low එක $2,405. Solana 9% කින් විතර, $106 ට. XRP 6% කින්, $1.32 ට.
BTC dominance 59.0% ඉඳන් 59.5% ට උඩ ගියා. ETH dominance 10.9%. මුළු crypto market එක $2.77T.
Market එක වැටෙනකොට සල්ලි යන්නේ Bitcoin පැත්තට. Altcoins වලින් එළියට. ETH ETF outflows ($363M දවස් දෙකේ), BitMine buying එක නවතින්න ළඟ වීම, ETH order books තුනී වීම, මේ ඔක්කොම එකට බැලුවම ETH දැන් BTC වලට වඩා දුර්වලයි.
Gold සහ macro
Gold $4,150 ගාව. බදාදා $4,070 දක්වා ගිහින් ආපහු උඩට. මේ පාර BTC සහ gold වෙන වෙන පැත්තට ගියා. Oil සහ geopolitics බය වැඩි වෙනකොට gold hold කළා, BTC risk asset එකක් විදියට වැටුණා.
US weekly jobless claims 197,000. බලාපොරොත්තුව 200,000. Jobs පැත්තෙන් ලොකු දුර්වලකමක් නෑ.
Iran ගැන Trump කිව්වේ "productive discussions" තියෙනවා, නොවැම්බර් 3 election එකට කලින් පහර දෙන්නේ නෑ කියලා. ඒත් blockade එක දිගටම.
ඉස්සරහට (ලංකාවේ වෙලාවෙන්)
අද, සිකුරාදා, රෑ 7.30: University of Michigan consumer sentiment සහ inflation expectations.
සඳුදා උදේ: BTC weekend close එක (5.30) සහ සිකුරාදා ETF numbers.
ඔක්තෝබර් 14, බදාදා, හවස 6: US September CPI. Headline inflation 3.7% ක් වෙයි කියලා බලාපොරොත්තුව. August 3.4%. Oil prices නිසා headline එක උඩ යන්න ඉඩ තියෙනවා. Core inflation මාසෙට 0.2% විතර බලාපොරොත්තුව.
අද Takeaway එක
ETF සල්ලි එළියට, oil $105 ට උඩින්, yields අවුරුදු 24 ක ඉහළම මට්ටම ගාව, leverage $1B කට වඩා flush වුණා. ඒ ඔක්කොම එකම සතියේ.
BTC $80K ට කිට්ටු වුණත් ඒ level එක තවම කැඩුවේ නෑ. Weekend එකේ volume අඩුයි. සඳුදා close එකයි, ETF numbers ආපහු ඇතුළට එනවද කියන එකයි තමයි ඊළඟට බලන්න ඕන.
Premium readers ලාට ඊයේ plan එකේ scorecard එකයි, weekend එකට සහ CPI එකට plan එකයි පහළින් තියෙනවා.

ඊයේ අපි ලිව්වේ ලබන සතියේ CPI වෙනකම් plan එකක්. පළවෙනි දවසේම Scenario C වුණා.
Parameter 1, BTC daily close: Scenario C. අපි කිව්වා $82.5K ට පහළ close එකක් ආවොත් C කියලා. අද උදේ close එක $81,693.
Parameter 2, ETF flows: Scenario C. බදාදා $484.9M outflow. ඊයේත් outflow පැත්තට.
Parameter 3, 10-year yield: C එකට ඕන තරමට ගියේ නෑ. 5.3% ගාව. 5.35% පැන්නේ නෑ.
Parameter 4, oil: Scenario C. අපි ලිව්වා "Hormuz ප්‍රශ්නය නිසා oil තවත් උඩ ගියොත්" කියලා. Brent $101 ඉඳන් $105+ ට ගියා.
BTC zone: හරි. අපි කිව්වා C එකේ ඊළඟ zone එක $81K ගාව, ඊට පස්සේ low $80Ks කියලා. BTC $81K පැනලා $80,315 ට ගියා.
ETH: direction එක හරි, zone එක අඩුයි. අපි කිව්වා $2,500 zone එක, ඒක කැඩුණොත් altcoins වල liquidations වැඩි වෙයි කියලා. ඒක හරි. ETH liquidations $333M, වැඩිම. ඒත් $2,500 ට පහළින් ඊළඟ zone එකක් අපි දුන්නේ නෑ. ETH $2,405 දක්වා ගියා.
Gold: වැරදියි. අපි C එකට කිව්වා gold $4,070 ට පහළට කියලා. Gold $4,150 ගාව hold කළා.
ප්‍රතිඵලය: Scenario C. Trigger වුණේ yields වලින් නෙවෙයි, oil සහ ETF outflows වලින්.
ඉගෙන ගත්ත දේ දෙකක්:
එකක්, oil spike එකක් ආවම gold සහ BTC එකම පැත්තට යන්නේ නෑ. Geopolitics බය එනකොට gold safe asset එකක් විදියට hold කරනවා. BTC risk asset එකක් විදියට වැටෙනවා. මින් ඉස්සරහට oil-driven scenarios වල gold direction එක වෙනම ලියනවා.
දෙක, හැම scenario එකකම, real chart level එකක් තියෙනවා නම් "ඊළඟ zone එක" දෙකක් දෙනවා. නැත්නම් ඒක නෑ කියලා කෙළින්ම කියනවා.

ආයෙත් කියන්නම්. මේවා predictions නෙවෙයි, buy/sell calls නෙවෙයි. "මෙහෙම වුණොත්, මේ zones බලන්න" කියන conditional plan එකක්.
Parameters හතර:
1. BTC daily close. $80K ට පහළද, $83K ට උඩද. වැදගත්ම close එක සඳුදා උදේ 5.30 (weekend close එක).
2. ETF flows. ඊයේ සම්පූර්ණ number එක, අද (සිකුරාදා), සඳුදා. Outflows නවතිනවද.
3. Oil. Brent $100 ට පහළට එනවද, $110 දක්වා යනවද. Hormuz සහ hurricane news.
4. CPI (බදාදා හවස 6). Headline 3.7% ට උඩද පහළද. Core මාසෙට 0.2% ද 0.3% ද.
Scenario A: "Relief bounce"
Oil $100 ට පහළට ආවොත්, ETF outflows නවතිලා inflows ආවොත්, CPI බලාපොරොත්තුවට අඩුවෙන් ආවොත්:
BTC $83K zone එක ආපහු test වෙයි. ඒක daily close එකකින් පැන්නොත් $85K. ගිය සතියේ range එකේ පහළ කොටස.
ETH $2,500 ආපහු ගන්න ඕන. ඊට උඩින් $2,650. ETH ETF outflows නවතින්නේ නැත්නම් ETH bounce එක BTC වලට වඩා අඩුයි.
Gold: $4,150–$4,200 අතර. Oil අඩු වෙනකොට safe-haven demand ටිකක් අඩු වෙන්න පුළුවන්.
මේ scenario එක වැරදියි කියලා පේන්නේ: BTC $83K ගාව reject වෙලා $81K ට පහළට ආවොත්.
Scenario B: "$80K–$83K ඇතුළේ"
Oil $100–$110 අතර, ETF flows mixed, CPI බලාපොරොත්තුව වගේම ආවොත්:
BTC $80K–$83K අතර. Weekend එකේ volume අඩු නිසා දෙපැත්තටම wicks.
ETH $2,400–$2,550. Gold $4,100–$4,200.
Scenario C: "$80K කැඩෙනවා"
BTC $80K ට පහළින් daily close එකක් කළොත්, ETF outflows දිගටම ආවොත්, oil $110 දක්වා ගියොත් හරි CPI hot ආවොත්:
BTC වල ඊළඟ zone එක $78K. ඒකත් කැඩුණොත් $75K. මේ දෙකම analysts ලා කියන levels.
ETH ඊයේ low එක $2,405. ඒකට පහළින් daily close එකක් ආවොත් altcoins වල තවත් liquidations එන්න පුළුවන්. ඊට පහළින් අපි cite කරපු ශක්තිමත් chart level එකක් නෑ. ඒ නිසා අපි හිතලා zone එකක් දාන්නේ නෑ. අවශ්‍ය වුණොත් සඳුදා update කරන්නම්.
Gold: oil spike එකකදී gold hold කරන්න හරි උඩ යන්න හරි ඉඩ වැඩියි. CPI hot ආවොත් yields උඩ ගිහින් gold වලටත් pressure.
Combinations
Oil පහළට + ETF inflows + CPI soft: Scenario A ට ශක්තිමත්ම setup එක.
Oil පහළට ආවත් ETF outflows දිගටම: ලොකු buyers ලා තවම එළියේ. Bounce එකක් ආවත් $83K ගාව නවතින්න ඉඩ වැඩියි. Scenario B.
ETF outflows + oil $110 + CPI hot: Scenario C. $80K සහ $78K ඉක්මනට test වෙන්න පුළුවන්.
Weekend එකේ $80K කැඩුණොත්: Weekend volume අඩුයි. ගිය සති වල වගේ weekend move එක සඳුදා ආපහු හැරෙන්න පුළුවන්. මම නම් සඳුදා close එකයි සඳුදා ETF numbers එකයි එනකම් confirm කියලා ගන්නේ නෑ.
CPI එකට කලින් දවසේ: ගිය සතියේ minutes වගේ, ලොකු move එක CPI එකට කලින් අඟහරුවාදා රෑම එන්න පුළුවන්. CPI එකට කලින් $83K ගත්තොත්: CPI hot ආවොත් ආපහු වැටෙන්න ඉඩ. CPI එකට කලින් $80K කැඩුණොත්: CPI soft ආවොත් ඉක්මන් bounce එකකට ඉඩ.
මම නම් බලන් ඉන්නේ
දවස් දෙකක් ඇතුළත $6,000 ක drop එකක් සහ $1.1B liquidations කියන්නේ leverage ගොඩක් එළියට ගියා කියන එක. ඒ වගේ වෙලාවට ඉක්මන් bounces එන්නත් පුළුවන්. ඒත් ETF සල්ලි ආපහු එනකම් ඒ bounces ගැන මම නම් විශ්වාස කරන්නේ නෑ.
Weekend එකේ මම බලන්නේ සඳුදා උදේ 5.30 close එක $80K ට උඩද කියලා විතරයි.
මේ වගේ volatile වෙලාවට leverage දාලා ඉන්නවා නම්, stop එකක් නැතුව ඉන්න එපා. Position size එක අඩු කරන එකත් risk management එකක්.
සඳුදා newsletter එකේ මේ plan එකේ weekend scorecard එක එන්නම්.
— SL Trading Academy
මෙම newsletter එක educational සහ informational purposes සඳහා පමණි. Financial advice හෝ buy/sell signal එකක් නොවේ.




