Become An AI Expert In Just 5 Minutes
If you’re a decision maker at your company, you need to be on the bleeding edge of, well, everything. But before you go signing up for seminars, conferences, lunch ‘n learns, and all that jazz, just know there’s a far better (and simpler) way: Subscribing to The Deep View.
This daily newsletter condenses everything you need to know about the latest and greatest AI developments into a 5-minute read. Squeeze it into your morning coffee break and before you know it, you’ll be an expert too.
Subscribe right here. It’s totally free, wildly informative, and trusted by 600,000+ readers at Google, Meta, Microsoft, and beyond.
Fed minutes hawkish. BTC $82.7K දක්වා ගිහින් දැන් $83.2K
SL Trading Academy Daily Crypto Brief
2026 ඔක්තෝබර් 8, බ්‍රහස්පතින්දා

සුභ දවසක්!
ඊයේ newsletter එක යද්දි BTC $83.9K ගාව තිබුණා. අපි කිව්වා Fed minutes එනකම් direction එකක් ගැන නිගමනයකට එන්න එපා කියලා.
ඊයේ දවල් BTC $82,717 දක්වා වැටුණා. රෑ 11.30 ට minutes ආවා. ඒවා hawkish. ගොඩක් Fed officials ලා හිතන්නේ අවුරුද්ද ඉවර වෙන්න කලින් තවත් rate hike එකක් එන්න ඕන කියලා.
අද උදේ 5.30 ට BTC daily close එක $83,275. දැන් $83.2K විතර. ETH $2,580 ගාව.
අද කෙටියෙන්
Fed minutes: ගොඩක් officials ලා අවුරුද්ද ඉවර වෙන්න කලින් තවත් hike එකක් බලාපොරොත්තු වෙනවා.
US 10-year yield ඊයේ උදේ 5.35% ට ගියා. 2002 න් පස්සේ ඉහළම. දවස ඉවර වුණේ 5.29% ගාව.
Strait of Hormuz වල Iran ප්‍රහාර ආයෙත්. Brent oil $101 ට උඩට.
BTC low $82,717. දැන් $83.2K. ETH දවසට 4.6% කින් පහළට.
අඟහරුවාදා BTC ETF වලට $118.8M ක් ආවා. ඊයේ number එක තවම සම්පූර්ණ නෑ.
Gold ඊයේ $4,070 දක්වා වැටිලා දැන් $4,100 ට උඩින්.
Fed minutes වල තිබුණේ මොනවද?
ඊයේ ආවේ September 15–16 Fed meeting එකේ minutes. ඒ meeting එකේ Fed එක rates 0.25% කින් වැඩි කළා, 3.75%–4.00% ට. ඒකට හැමෝම එකඟ වුණා.
Minutes වල වැදගත්ම වාක්‍යය මේකයි: ගොඩක් officials ලා හිතනවා අවුරුද්ද ඉවර වෙන්න කලින් තවත් hike එකක් "සුදුසු වෙයි" කියලා.
Fed officials ලා 18 දෙනෙක්ගෙන් 16 දෙනෙක්ම මේ අවුරුද්ද ඉවර වෙද්දි rate එක දැන් තියෙන මට්ටමට වඩා ඉහළින් තියෙයි කියලා projection එකක් දීලා තිබුණා. ජූනි මාසෙ එහෙම හිතුවේ 6 දෙනයි.
හේතු මොනවද? Inflation එක තවමත් 2% ට වඩා ඉහළයි. Energy prices ඉහළයි. AI investment නිසා demand එක වැඩි වෙලා prices උඩ යන්න පුළුවන් කියලත් කීප දෙනෙක් කිව්වා.
හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේ meeting එක වුණේ jobs report එකට (29,000) කලින්. ඊට පස්සේ ආපු data ටිකක් දුර්වලයි.
Market එක දැන් ඔක්තෝබර් 28 hike එකකට දෙන chance එක 17%–20% විතර. ඒත් අවුරුද්ද ඉවර වෙන්න කලින් අඩුම තරමින් එක hike එකක් එන chance එක 85% ක් විතර. ඒ කියන්නේ market එක දැන් බලන්නේ දෙසැම්බර් meeting එක දිහා.
Yields සහ oil: තවත් pressure
ඊයේ minutes වලට කලින්ම bond market එකේ pressure එකක් තිබුණා.
Strait of Hormuz වල Iran ප්‍රහාර ආයෙත් පටන් ගත්ත නිසා Brent oil $101 ට උඩ ගියා. US 10-year yield උදේ 5.35% ට ගියා. 2002 න් පස්සේ ඉහළම මට්ටම. 30-year yield 5.7% ට උඩින්. France සහ UK bond yields වලත් ලොකු වැඩිවීමක් තිබුණා.
දවල් US 10-year bonds auction එකෙන් පස්සේ yield ටිකක් අඩු වෙලා 5.27%–5.29% ගාව දවස ඉවර කළා.
US stocks පොඩ්ඩක් පහළට. S&P 500 0.2% කින්. ඒත් crypto stocks ගොඩක් වැටුණා. Strategy (MSTR) 6% ක් විතර.
BTC: ඊයේ මොකද වුණේ?
ඊයේ අපි කිව්වා BTC $84.4K level එක කැඩුණා, ඊළඟ zone එක $82K–$83K කියලා. BTC ඒ zone එකට ආවා. Low එක $82,717.
CoinGlass data එකට අනුව පැය 24 ක් ඇතුළත crypto market එකේ $546M ක leveraged positions liquidate වුණා. ඒකෙන් 88% ක් longs. ඒ කියන්නේ price එක උඩ යයි කියලා leverage දාලා හිටපු අය.
Wintermute එකේ Jasper De Maere කියන්නේ BTC වල වැදගත්ම පහළ level එක $82,500 කියලා. ඊයේ low එක ඒකට පොඩ්ඩක් උඩින්.
Minutes ආවට පස්සේ BTC $83,065 දක්වා ගිහින් ආපහු $83.3K ට ආවා. Minutes වලින් ලොකු අලුත් move එකක් ආවේ නෑ. ගොඩක් pressure එක minutes එන්න කලින්ම price එකට ඇවිත් තිබුණා.
ETF

අඟහරුවාදා number එක දැන් සම්පූර්ණයි. BTC ETF වලට $118.8M ක් ආවා. BlackRock IBIT එකට $122M.
ඊයේ (බදාදා) number එක තවම සම්පූර්ණ නෑ. IBIT තවම නෑ. Fidelity FBTC එකෙන් විතරක් $105.1M ක් එළියට ගියා. ඒක ලොකු outflow එකක්. IBIT ආවම සම්පූර්ණ number එක කියන්නම්.
Ethereum ETF වල අඟහරුවාදා number එකත් තවම සම්පූර්ණ නෑ.
Altcoin පැත්තෙන්
ඊයේ ETH 4.6% ක් වැටුණා. Low එක $2,535. BTC 2.6% ක් විතර. XRP 5.4%, DOGE 6.6%, SOL 3.9% කින් පහළට. Liquidations වලින් වැඩිම ප්‍රමාණය ($175M) ETH වල.
ETH වලට තව news එකක් ආවා. ගිය මාස කීපයේ ETH ලොකුවට ගත්ත BitMine company එක ETH supply එකෙන් 5% ට ආවම ගන්න එක නවත්වනවා කියලා Tom Lee කිව්වා. එයාලට ඒකට ඕන තව ETH 100,000 ක් විතරයි. ETH market එකේ ලොකුම buyer කෙනෙක් ලඟදීම ගන්න එක නවත්වනවා කියන එක.
Crypto market එක $2.83T. BTC dominance 59.0%, ETH dominance 11.1%. Market එක වැටෙනකොට BTC වලට වඩා altcoins වැඩියෙන් වැටෙන එක ඊයෙත් වුණා.
Gold සහ macro
Gold ඊයේ 2% කට වඩා වැටිලා $4,070 දක්වා ගියා. දැන් ආපහු $4,100 ට උඩින්. Yields සහ dollar එක ශක්තිමත් වෙනකොට gold වලටත් pressure එක එනවා. ඊයේ gold සහ BTC දෙකම එකම පැත්තට ගියා.
Oil: Brent $101–$102 ගාව, WTI $90 විතර.
ඉස්සරහට (ලංකාවේ වෙලාවෙන්)
අද, බ්‍රහස්පතින්දා, හවස 6: US weekly jobless claims.
සිකුරාදා රෑ 7.30: University of Michigan consumer sentiment.
ඔක්තෝබර් 14, බදාදා, හවස 6: US September CPI. Minutes වලින් පස්සේ මේක තමයි ඊළඟ ලොකු test එක.
අද Takeaway එක
Minutes වලින් Fed එක කිව්වේ inflation එක ගැන තවමත් බයයි, තවත් hike එකක් එන්න පුළුවන් කියලා. Yields 2002 න් පස්සේ ඉහළම මට්ටමේ. Oil $100 ට උඩින්.
මේ වගේ වෙලාවක BTC $82.5K–$83K ගාව hold කරනවද නැද්ද කියන එක, ලබන සතියේ CPI එනකම් බලන්න තියෙන ප්‍රධාන දේ.

Parameter 1, minutes tone: hawkish. "ගොඩක් officials ලා තවත් hike එකක් ගැන" කිව්වා. ඒක Scenario C පැත්ත.
Parameter 2, 10-year yield: දෙපැත්තටම. Minutes වලට කලින් 5.35% ට ගියා (C condition). Minutes වලින් පස්සේ 5.29% ට ආවා (B range එක ඇතුළේ). අපි කිව්වේ minutes වලින් පස්සේ yields බලන්න කියලා. ඒ විදියට බැලුවම B.
Parameter 3, BTC daily close: Scenario B. අද උදේ 5.30 close එක $83,275. Scenario A ට ඕන වුණේ $85K ට උඩ. Scenario C ට ඕන වුණේ $83K ට පහළ. ආවේ දෙක අතරේ.
BTC zone: B හරි, C zone එකත් touch වුණා. අපේ B range එක $82K–$85K. BTC මුළු දවසම ඒක ඇතුළේ. ඒත් intraday low එක $82,717, C zone එක ($82K–$83K) ඇතුළේ.
ETH: B හරි. අපි කිව්වේ $2,500–$2,650. ETH ගියේ $2,535–$2,620 අතර.
Gold: C පැත්තට. අපි C එකට කිව්වේ $4,150 ට පහළට කියලා. Gold $4,070 දක්වා ගියා.
"Minutes වලට කලින් $83K කැඩුණොත්, minutes soft නම් bounce" කියන එක: වුණේ නෑ. BTC minutes වලට කලින් $83K කැඩුවා. ඒත් minutes soft නෙවෙයි. ඒ නිසා bounce එකකුත් ආවේ නෑ.
ප්‍රතිඵලය: Scenario B ("$82K–$85K ඇතුළේ") තමයි close එකෙන් වුණේ. හැබැයි macro side එක (minutes, gold, intraday yields) C පැත්තට බර වුණා.
ඉගෙන ගත්ත දේ: ලොකු macro events වලට කලින් market එක price කරලා ඉවරයි. ඊයේ BTC drop එකෙන් ගොඩක් කොටසක් (උදේ $85.5K ඉඳන් $82.7K) minutes එන්න කලින්ම වුණා. Minutes ආවට පස්සේ ආවේ $83,065 ට පොඩි wick එකක් විතරයි. ඊළඟ plans වල, event එකට කලින් දවසේ move එක ගැනත් වෙනම scenario එකක් ලියනවා.

ආයෙත් කියන්නම්. මේවා predictions නෙවෙයි, buy/sell calls නෙවෙයි. "මෙහෙම වුණොත්, මේ zones බලන්න" කියන conditional plan එකක්.
Parameters හතර:
1. BTC daily close. $82.5K ට පහළද (Wintermute කියන key level එක), $85K ට උඩද.
2. ETF flows. ඊයේ සම්පූර්ණ number එක (FBTC එකෙන් $105M ගිහින් තියෙනවා) සහ අද, හෙට numbers.
3. 10-year yield. 5.35% (2002 න් පස්සේ high එක) පනිනවද, 5.20% ට පහළට එනවද.
4. Oil සහ Hormuz. Brent $100 ට උඩින් තියෙනවද. Oil ඉහළ තියෙනකම් inflation බය සහ yields අඩු වෙන්නේ නෑ.
Scenario A: "Range එකට ආපහු"
ETF inflows ආපහු ආවොත්, 10-year yield 5.25% ට පහළට ආවොත්, BTC $85K ට උඩින් daily close එකක් කළොත්:
BTC $85K–$87K range එකට ආපහු. ඊළඟ test එක ආයෙත් $87K–$87.4K.
ETH $2,650 ආපහු ගන්න ඕන. BitMine buying එක නවතින්න ළඟ නිසා, ETH BTC වලට වඩා හෙමින් recover වෙන්න ඉඩ තියෙනවා.
Gold $4,150–$4,200.
මේ scenario එක වැරදියි කියලා පේන්නේ: $85K ගාව reject වෙලා $83K ට පහළට ආවොත්.
Scenario B: "අලුත් පහළ range එක"
ETF flows mixed, yields 5.20%–5.35% අතර, oil $95–$105 අතර නම්:
BTC $82.5K–$85K අතර. $85K දැන් resistance.
ETH $2,500–$2,650. Gold $4,070–$4,200.
Scenario C: "$82.5K breakdown"
BTC $82.5K ට පහළින් daily close එකක් කළොත්, 10-year yield 5.35% පැන්නොත් හරි Hormuz ප්‍රශ්නය නිසා oil තවත් උඩ ගියොත්, ETF outflows දිගටම ආවොත්:
BTC වල ඊළඟ zone එක $81K ගාව, 365-day moving average එක. ඒකත් කැඩුණොත් analysts ලා කියන්නේ low $80K වලට ඉඩ තියෙනවා කියලා.
ETH $2,500 zone එක. ඒක කැඩුණොත් altcoins වල liquidations තවත් වැඩි වෙන්න පුළුවන්.
Gold: $4,070 ට පහළට.
Combinations
ETF inflows + yields පහළට + $85K close: Scenario A ට ශක්තිමත්ම setup එක.
Yields 5.35%+ ඒත් BTC $82.5K hold කරනවා: Market එක macro pressure එක දැනටමත් price කරලා. Scenario B. ඇත්ත test එක CPI.
$82.5K close එකක් පහළින් + ETF outflows + oil spike: Scenario C. $81K zone එක ඉක්මනට test වෙන්න පුළුවන්.
CPI වලට කලින් BTC $85K ආපහු ගත්තොත්: CPI hot ආවොත් "sell the news" reaction එකකට ඉඩ තියෙනවා.
CPI වලට කලින් BTC $82.5K කැඩුණොත්: CPI soft ආවොත් ඉක්මන් bounce එකකට ඉඩ තියෙනවා. ඊයේ වගේ, CPI එකත් hot ආවොත් bounce එකක් එන්නේ නෑ.
CPI එකට කලින් දවසේ: ඊයේ වගේ, ලොකු move එක data එකට කලින් දවසේම එන්න පුළුවන්. ඒ නිසා අඟහරුවාදා රෑ (13 වෙනිදා) price එකත් බලන්න.
මම නම් බලන් ඉන්නේ
මම බලන්නේ BTC daily close එක $82.5K ට උඩද කියලා. Intraday wicks නෙවෙයි, 5.30 close එක.
$546M liquidations එකට පස්සේ leverage ටිකක් අඩු වෙලා තියෙනවා. ඒත් yields සහ oil මේ තරම් ඉහළ තියෙනකොට තවත් ඉක්මන් moves එන්න පුළුවන්. Leverage දාලා ඉන්නවා නම් stop එකක් නැතුව ඉන්න එපා.
හෙට newsletter එකේ ඊයේ ETF number එකයි, මේ plan එකේ පළවෙනි check එකයි එන්නම්.
— SL Trading Academy
මෙම newsletter එක educational සහ informational purposes සඳහා පමණි. Financial advice හෝ buy/sell signal එකක් නොවේ.




