Protect your identity now with Coveron comprehensive coverage
Identity theft is the fastest-growing crime in America. Criminals don't wait to steal everything, they test stolen identities with small charges before launching major fraud. By the time you notice, they've opened credit cards, taken out loans, or claimed tax refunds in your name.
Coveron watches your credit 24/7, monitors the dark web, and alerts you immediately when suspicious activity is detected. We watch, we warn, we help recover:
Up to $1M to cover identity theft recovery costs.
Up to $10K for losses from online scams.
Up to $50K to cover eligible costs, including payments made in response to the threats.
And with dedicated case managers to handle the legal and financial mess.
One scam can cost you everything - protect yourself now. The first 100 users get 20% off with code beehiivenewsletter.
30-day money-back guarantee. Terms and conditions apply.
Jobs report weak. BTC $87K දක්වා ගිහින් ආපහු $86K ගාවට
SL Trading Academy Daily Crypto Brief
2026 ඔක්තෝබර් 3, සෙනසුරාදා

සුභ සෙනසුරාදාවක්!
ඊයේ අපි කිව්වා jobs report එක තමයි මේ සතියේ අන්තිම ලොකු event එක කියලා. ඒක ආවා. බලාපොරොත්තු වුණාට වඩා ගොඩක් weak.
US එකේ September මාසයේ අලුතෙන් එකතු වුණේ jobs 29,000 යි. බලාපොරොත්තු වුණේ 90,000 ක් විතර.
Bitcoin ඒ වෙලාවේ $87K ට ගියා. සතියකට වඩා කාලෙකින් ඉහළම මට්ටම. හැබැයි ඊට පස්සේ $1,600 ක් විතර ආපහු ආවා. අද උදේ තියෙන්නේ $85.9K විතර. ETH $2,670 ගාව.
සතියක් පුරා BTC හිටපු $82K–$85K range එකේ උඩ සීමාව දැන් පැනලා. ඒක ඇත්ත breakout එකක්ද නැද්ද කියන එක තමයි weekend එකේ බලන්න තියෙන්නේ.
අද කෙටියෙන්
US jobs 29,000 යි. Unemployment rate 4.2% ට වැඩි වුණා.
ඔක්තෝබර් Fed hike chance එක 70% ඉඳන් 15% විතරට වැටුණා.
US 10-year yield 5.17% ට අඩු වුණා. Oil $100 ට පහළට ආවා.
BTC $87K ට ගිහින් ආපහු ආවා. දැන් $85.9K විතර.
බ්‍රහස්පතින්දා Bitcoin ETF වලට $103M ක් ආවා. Outflows දවස් දෙකකින් නැවතුණා.
BTC dominance 59.2%. දවස් කීපයක් දිගටම උඩට. Gold $4,214.
Jobs report එක: ලොකු surprise එකක්
September jobs 29,000 යි. ඒ විතරක් නෙවෙයි, ජූලි, අගෝස්තු numbers දෙකම පහළට revise කළා. ජූලි මාසයේ jobs අලුතෙන් එකතු වුණා නෙවෙයි, 10,000 කින් අඩු වුණා කියලා දැන් පෙන්නනවා. Unemployment rate එක 4.1% ඉඳන් 4.2% ට වැඩි වුණා.
සරල විදියට ගත්තොත්, US jobs market එක මාස කීපයක් තිස්සේ හිතුවාට වඩා දුර්වලයි.
ඒ නිසා Fed එක ඔක්තෝබර් 28 rates වැඩි කරයි කියන බය ගොඩක් අඩු වුණා. CME FedWatch එකට අනුව ඒ chance එක සතියට කලින් 70% විතර තිබුණා. ඊයේ දවස ඉවර වෙද්දි 13%–18% අතර.
US 10-year yield එක 5.17% ට අඩු වුණා. කලින් දවසේ ඒක 5.33% යි, 2002 න් පස්සේ ඉහළම මට්ටම. US stocks උඩ ගියා. Nasdaq 1.35% කින්.
BTC: $85K wall එක කැඩුණා, ඒත් $87K ගාව නැවතුණා
ගිය දවස්වල අපි කිව්වා $85K–$85.5K ගාව Binance එකේ ලොකු sell orders තියෙනවා, ඒක range එකේ උඩ සීමාව කියලා.
ඊයේ jobs report එකට කලින්ම ඒ sell orders ටිකෙන් කොටසක් fill වුණා, ඉතුරු ටික අයින් කළා. BTC $86K පැන්නා. Report එක ආවට පස්සේ $87,086 දක්වා ගියා.
හැබැයි $87K ගාව ආයෙත් sellers ලා හිටියා. Price එක $85.4K විතර දක්වා ආපහු ආවා. දැන් ඒ දෙක අතරේ.
තව දෙයක් බලන්න ඕන. ඊයේ BTC futures open interest එක $2.3B කින් වැඩි වුණා. Funding rates උඩ ගියා. ඒ කියන්නේ traders ලා leverage දාලා price එක උඩ යයි කියලා bet කරනවා. එහෙම වෙලාවට price එක ටිකක් ආපහු ආවොත්, long positions liquidate වෙලා ඉක්මන් පහළ moves එන්න පුළුවන්.
ETF සල්ලි ආපහු

ඊයේ අපි කිව්වා බ්‍රහස්පතින්දා ETF number එක සම්පූර්ණ නෑ, BlackRock IBIT data එක එනකම් ඉන්න ඕන කියලා. දැන් ඒක ආවා.
IBIT එකට ඒ දවසේ $196M ක් ආවා. Fidelity එකෙන් $61M ක් ගියත්, දවසේ එකතුව $103M ක inflow එකක්. බදාදා $149M outflow එකට පස්සේ සල්ලි ආපහු ආවා.
සිකුරාදා number එක තවම සම්පූර්ණ නෑ. IBIT තවම නෑ. සඳුදා newsletter එකේ ඒක දාන්නම්.
Ethereum ETF වලින් නම් බ්‍රහස්පතින්දාත් $55M ක් එළියට ගියා. දවස් තුනක් දිගටම outflow.
Altcoin පැත්තෙන්
ඊයේ Bitcoin 1.5% ක් විතර උඩ ගියා. ETH 0.6% ක් විතරයි. අනිත් altcoins වලත් ලොකු move එකක් නෑ.
Bitcoin dominance එක 58.5% ඉඳන් 59.2% ට දවස් කීපයක් දිගටම උඩ ගියා. CoinDesk වාර්තා කරන්නේ 60% ට කිට්ටු වෙනවා කියලා. ඒ කියන්නේ market එකට එන අලුත් සල්ලි යන්නේ Bitcoin පැත්තට. Altcoins වලට නෙවෙයි.
ETH ETF outflows දිගටම එන එකයි, dominance එක උඩ යන එකයි එකට බැලුවම, හොඳ macro news එකක් ආවත් altcoins වලට ඒකෙන් ලැබෙන්නේ පොඩි කොටසක්.
Altcoins වල risk එක පෙන්නන තව උදාහරණයක් ඊයේ ආවා. Blast කියන Ethereum layer-2 project එක shut down කරනවා කියලා announce කළා. එක කාලෙක $2B ක් වටිනා project එකක්. එයාලගේ token එක 98% ක් වැටිලා. Hype එකෙන් උඩ ගිය projects වලට එහෙම වෙන්න පුළුවන් කියන එක මතක තියාගන්න.
Gold සහ macro
Gold jobs report එකට පස්සේ ටිකක් උඩ ගියා. හැබැයි දවස ඉවර කළේ 0.3% ක වැඩිවීමකින් විතරයි, $4,214 ට. සතියක් හැටියට බැලුවම gold දෙවෙනි සතියටත් පහළට.
Oil නම් ඊයේ 2%–4% කින් අඩු වුණා. Brent $100 ට පහළට ආවා. Oil අඩු වෙන එක inflation බය අඩු කරනවා. ඒක yields පහළට එන්න උදව් වුණා.
ලබන සතිය (ලංකාවේ වෙලාවෙන්)
සඳුදා, ඔක්තෝබර් 5, රෑ 7.30: US ISM services PMI. ඒ වගේම සිකුරාදා සහ සඳුදා ETF numbers.
බදාදා, ඔක්තෝබර් 7, රෑ 11.30: Fed එකේ September meeting එකේ minutes. Fed officials ලා ඊළඟ hike එක ගැන ඇතුළේ කතා කරපු දේ.
බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 8, හවස 6: US weekly jobless claims.
ඔක්තෝබර් 14 (ඊළඟ සතියේ බදාදා), හවස 6: US CPI inflation.
Bitget එකේ ඉතුරු withdrawals (fiat, P2P, අනිත් tokens) ඊයේ ආපහු open කරන්න schedule කරලා තිබුණා. Withdraw කරනකොට official app එක විතරක් පාවිච්චි කරන්න.
අද Takeaway එක
මේ සතියේ Fed hike බය 70% ඉඳන් 15% ට වැටුණා. ETF සල්ලි ආපහු ආවා. BTC $85K wall එක පැන්නා.
ඒත් $87K ගාව ආයෙත් sellers ලා හිටියා. Leverage එකත් වේගයෙන් වැඩි වෙනවා. ඇත්ත breakout එකක්ද කියලා කියන්න නම් weekend එකෙන් පස්සේත් BTC $85K ට උඩින් තියෙනවද බලන්න ඕන.
Premium readers ලාට ඊයේ jobs report scenario plan එකේ scorecard එකයි, weekend එකටයි ලබන සතියටයි අලුත් scenario plan එකයි පහළින් තියෙනවා.

ඊයේ අපි scenarios හතරක් ලිව්වා. Jobs 29,000 (50,000 ට අඩු) ආවා. 10-year yield 5.17% (5.25% ට අඩු) ට ආවා. ඒ කියන්නේ වුණේ Scenario C, "Soft" එක.
BTC: හරි. අපි කිව්වා $85K–$85.5K zone එක ආයෙත් test වෙයි, ඒක පැන්නොත් ඊළඟ zone එක $87K කියලා. BTC $87,086 ට ගිහින් හරියටම ඒ තැනින් ආපහු හැරුණා.
Scenario එක වැරදියි කියන condition එක: trigger වුණේ නෑ. අපි කිව්වා BTC $85.5K පනින්නේ නැතුව $84K ට පහළට ආවොත් scenario එක වැරදියි කියලා. දවසේ low එක $84,068 යි. දැන් $85.5K ට උඩින්.
Gold: direction එක හරි, move එක පොඩියි. Gold උඩ ගියා. ඒත් දවස ඉවර වුණේ 0.3% කින් විතරක් උඩින්.
Altcoins: වැරදියි. අපි කිව්වා altcoins Bitcoin ට වඩා වැඩියෙන් bounce වෙයි, ETH $2,775–$2,825 zone එකට යයි කියලා. ETH ගියේ 0.6% ක් විතරයි, BTC 1.5%. ETH ETF outflows සහ dominance එක උඩ යන එක අපි ඒ scenario එකට හරියට ගණන් ගත්තේ නෑ.
"මුල් මිනිත්තු 15–30 විශ්වාස කරන්න එපා" කියන එක: හරි. BTC $87K ට ගිහින් පැය කීපයක් ඇතුළත $1,600 ක් ආපහු ආවා.
මේකෙන් අපි ගත්ත පාඩම් දෙක:
එකක්, move එකෙන් කොටසක් data එක එන්න කලින්ම වුණා. BTC report එකට කලින්ම $86K පැනලා තිබුණා. ඊළඟ scenario plans වල, data එකට කලින් level එක කැඩුණොත් ඒකේ තේරුම මොකක්ද කියලත් ලියනවා.
දෙක, "altcoins Bitcoin ට වඩා වැඩියෙන් move වෙනවා" කියන rule එක හැම වෙලාවෙම වැඩ කරන්නේ නෑ. ETH ETF outflows එනකොට, dominance එක උඩ යනකොට, හොඳ news එකකින් altcoins වලට ලැබෙන්නේ අඩුවෙන්. මින් ඉස්සරහට altcoin zones දෙන්නේ ETF flows සහ dominance එකත් එක්කම.

ආයෙත් කියන්නම්. මේවා predictions නෙවෙයි, buy/sell calls නෙවෙයි. "මෙහෙම වුණොත්, මේ zones බලන්න" කියන conditional plan එකක්.
මේ පාර parameters තුන:
1. Weekend එකේ BTC $85K ට උඩින් hold කරනවද. සඳුදා උදේ 5.30 ට daily close එක බලන්න.
2. සඳුදා, අඟහරුවාදා ETF flows. බ්‍රහස්පතින්දා වගේ IBIT inflows දිගටම එනවද, නැත්නම් outflows ආපහු එනවද.
3. ලබන සතියේ yields. ISM services (සඳුදා) සහ Fed minutes (බදාදා) වලින් පස්සේ 10-year yield එක 5.25% ට උඩ යනවද, 5.10% ට පහළට එනවද.
Scenario 1: "Breakout confirm"
BTC weekend එක $85K ට උඩින් ඉවර කරලා, ETF inflows දිගටම ආවොත්, yields 5.10%–5.20% ගාව හරි ඊට පහළින් තිබුණොත්:
BTC වල බලන්න ඕන ඊළඟ zone එක $87K–$87.4K. ඊයේ reject වුණේ ඒ තැනින්. ඒක daily close එකකින් පැන්නොත්, ඊළඟට analysts ලා කියන resistance එක $90K ගාව.
Altcoins: dominance එක 60% ට උඩ ගියොත්, altcoins Bitcoin ට පස්සෙන් එන්න පුළුවන්. ETH වල $2,775–$2,825 zone එක ආයෙත් බලන්න. ඒත් ETH ETF outflows නවතින්නේ නැත්නම් ඒ zone එකට යන්න අමාරුයි.
Gold: yields පහළට එනකොට $4,200 ට උඩින් තියෙන්න ඉඩ වැඩියි.
මේ scenario එක වැරදියි කියලා පේන්නේ: BTC $87.4K ළඟට ගිහින් ආයෙත් reject වෙලා $85K ට පහළට ආවොත්.
Scenario 2: "Range ඇතුළේ"
ETF flows පොඩියි, yields ලොකුවට වෙනස් වෙන්නේ නෑ නම්:
BTC $85K–$87K අතර ඉන්න ඉඩ වැඩියි. Weekend එකේ volume අඩු නිසා දෙපැත්තටම ඉක්මන් wicks එන්න පුළුවන්.
ETH $2,620–$2,775 අතර. Gold $4,150–$4,250 අතර.
Scenario 3: "Failed breakout"
BTC $85K ට පහළට ආවොත්, ETF outflows ආපහු ආවොත්, හරි Fed minutes වලින් hike බය ආපහු ආවොත් (yields 5.25% ට උඩට):
මේක තමයි leverage නිසා ඉක්මන් වෙන්න පුළුවන් scenario එක. ඊයේ open interest $2.3B කින් වැඩි වුණා. Price එක පහළට එනකොට ඒ longs liquidate වෙලා move එක තවත් වේගවත් වෙන්න පුළුවන්.
BTC වල බලන්න ඕන zone එක $82K–$83K. සතියක් පුරා hold කරපු තැන. ඒක කැඩුණොත් $81K, 365-day moving average එක.
Altcoins Bitcoin ට වඩා වැඩියෙන් වැටෙන්න පුළුවන්. ETH $2,620 ට පහළට ගියොත් $2,500 zone එක.
Gold: yields උඩ ගියොත් $4,150 ගාව recent low එක ආයෙත් test වෙන්න පුළුවන්.
Combinations
$85K hold + ETF inflows + yields පහළට: Scenario 1 ට තියෙන ශක්තිමත්ම setup එක.
$85K hold, ඒත් ETF outflows: Price එක range එකේ උඩ තිබුණත් ඇත්ත demand එක දුර්වලයි. මම නම් මේක breakout confirm එකක් විදියට ගන්නේ නෑ.
$85K කැඩිලා + open interest තවමත් ඉහළ: Liquidation wick එකකට ඉඩ තියෙන setup එක. $82K–$83K zone එක ඉක්මනට test වෙන්න පුළුවන්.
මම නම් බලන් ඉන්නේ
Weekend moves මම නම් විශ්වාස කරන්නේ නෑ. Volume අඩුයි, leverage වැඩියි. මම බලන්නේ සඳුදා උදේ 5.30 ට BTC daily close එක $85K ට උඩද පහළද කියලා, ඊට පස්සේ සඳුදා රෑ ETF numbers.
මේ වගේ වෙලාවට leverage දාලා ඉන්නවා නම්, stop එකක් නැතුව ඉන්න එපා.
සඳුදා newsletter එකේ මේ plan එකේ scorecard එකත් එක්ක එන්නම්.
— SL Trading Academy
මෙම newsletter එක educational සහ informational purposes සඳහා පමණි. Financial advice හෝ buy/sell signal එකක් නොවේ.
Sources: Farside – BTC ETF flows · Farside – ETH ETF flows · CoinDesk – live updates, jobs report · The Block – $85K sell wall clears · Cryptoticker – BTC after jobs report · CoinDesk – headlines: open interest, dominance, Blast · TheStreet – Oct 2 close, oil, gold, FedWatch · CNBC – gold weekly · CoinMarketCap – dominance · Coinbase BTC spot · investingLive – week ahead · Cryptoticker – Bitget schedule




