Run Your First ChatGPT Ad Test
ChatGPT has more than 1 billion weekly users. The free ChatGPT Ads for Startups guide covers how targeting works, how to write a card with about 16 characters of headline and 32 of copy, and five steps to launch a test you can track from click to pipeline.
Pick one high-intent topic. Launch. Measure.
Stocks rocket, BTC fades: rally එක විකුණුවා
SL Trading Academy Daily Crypto Brief
2026 නොවැම්බර් 24, අඟහරුවාදා

සුභ අඟහරුවාදාවක්!
ඊයේ Wall Street එකට ගොඩක් ලොකු දවසක්. Nvidia එකේ CEO Jensen Huang ආපහු ආවා. Nasdaq 6% ට වැඩියෙන් උඩට.
BTC ත් මුලින් උඩට ගියා, පැය දෙකකින් $3,500 ක් විතර. ඒත් ඊට පස්සේ ඒ gain එක ඔක්කොම නැති වුණා. දවස close වුණේ උදේ තිබුණ තැනමයි.
අද උදේ BTC $60K ටත් පහළට ගියා. Stocks වලට හොඳ දවසක් BTC ට උදව් නොකරපු එක මේ සතියේ ලොකුම signal එක.
අද කෙටියෙන්
Nvidia board එක Jensen Huang ආපහු CEO කළා. Nvidia shares 31% ක් උඩට. Nasdaq +6.5%, S&P 500 +4.7% (FinanceFeeds).
BTC ඊයේ රෑ ලොකු spike එකක් එක්ක උඩට ගිහින් ආපහු පහළට. Crypto liquidations $762M, BTC වල ගොඩක්ම shorts (Bitcoin Magazine).
BTC ETFs ගිය සතියේ −$1.79B. ජූනි අග ඉඳන් ලොකුම සතිය, පිට පිට හතරවෙනි outflow සතිය (SoSoValue via The Block).
එක analyst කෙනෙක් කියන්නේ මේ ETF outflows දැන් "structural" කියලා (LVRG Research via The Block).
Strategy ගිය සතියේ BTC 457 ක් ගත්තා. Preferred buyback එකට ඊට වඩා ගොඩක් වියදම් කළා (The Block).
අද උදේ 8.30–9.30 අතර (SL) BTC $59.4K ට.
Market dashboard

BTC | $61,190 (අද උදේ 5.30 close) · සඳුදා +0.04% · range $60,287–$64,534 |
ETH | $1,709 (අද උදේ 5.30 close) · සඳුදා −0.8% · high $1,844 |
BTC ETF flow | ගිය සතිය −$1.79B (SoSoValue) · සඳුදා pending |
ETH ETF flow | ගිය සතිය −$314M, අටවෙනි outflow සතිය (The Block) |
Stocks | Nasdaq +6.51% · S&P 500 +4.73% · Dow +3.01% |
Nvidia | +31.5%, $165.05 |
Yields · dollar | 10-year 4.94% · DXY 104.40 (+0.65%) |
VIX | 26.6 (−25.8%) |
Funding / OI | Aggregate OI peak එකෙන් 10% ක් විතර පහළට (crypto.news) |
Jensen Huang ආපහු: Wall Street ගේ relief rally
ගිය සතියේ Nvidia CEO Jensen Huang අස්වුණා. Board එක එදා කිව්වේ එයාව ආපහු ගේන්නේ නෑ කියලා. ඊයේ ඒ තීරණය වෙනස් කළා.
Market එකට ඒක ලොකු relief එකක්. Nvidia shares දවසකින් 31% ක් උඩට. ගිය සතියේ AI stocks crash එකෙන් පස්සේ Nasdaq ලොකු කොටසක් ආපහු ගත්තා (FinanceFeeds).
VIX (fear gauge) 25% කට වඩා පහළට.
BTC: $64.5K ට, ඊට පස්සේ ආපහු
ඊයේ රෑ 6.30–7.30 අතර (SL), Nvidia news එකත් එක්ක BTC $61K සිට $63.8K ට. US market එක open වුණාට පස්සේ $64.5K. ඒ ගමනේ shorts ගොඩක් liquidate වුණා (Bitcoin Magazine).
ඊට පස්සේ පැය කිහිපයක් ඇතුළේ BTC ආපහු පටන් ගත්ත තැනට. Stocks දවස පුරාම උඩින්ම තිබුණා.
ඇයි? Bitcoin Magazine කියන්නේ Huang අස්වුණ දවසේ ඉඳන් US hours වල BTC දිගටම විකුණනවා කියලා. Daan Crypto කියන්නේ short squeeze එක ඉවර වුණාම spot buying එකක් ආවේ නෑ කියලා (crypto.news).
තවත් හේතුවක්: stocks උඩට යනකොට dollar එකත් උඩට ගියා. Fed hike බලාපොරොත්තු වැඩි වුණා (Bitcoin Magazine).
මේකේ තේරුම: ගිය සතියේ stocks වැටෙනකොට BTC ත් වැටුණා. ඊයේ stocks ලොකුවට උඩට යනකොට BTC උඩට ගියේ නෑ. ඒ කියන්නේ BTC ට විශේෂ selling pressure එකක් තියෙනවා. ඒක ETF outflows වලට ගැළපෙනවා.
ETF: "structural" outflows
ගිය සතියේ BTC ETF outflows (dashboard එකේ) ජූනි 26 සතියෙන් පස්සේ ලොකුම සතිය. ඒකෙන් ගොඩක්ම BlackRock IBIT (SoSoValue via The Block).
LVRG Research එකේ Dan Khus කියන්නේ සති හතරක outflow streak එක "more structural" වගේ පේනවා කියලා (The Block). ඒ කියන්නේ කෙටි කාලීන panic එකක් නෙවෙයි, institutions ලා BTC exposure අඩු කරනවා.
ETH ETFs වලටත් පිට පිට අටවෙනි outflow සතිය.
සටහන: ඊයේ අපි SoSoValue daily figures එකතු කරලා සතියේ එකතුව ගණනය කළා. The Block report කරපු figure එකත් ඒකමයි.
Strategy: BTC ටිකක්, buyback ලොකුවට
Strategy ගිය සතියේ BTC 457 ක් $29.6M ට ගත්තා, average $64,898 ට. STRC preferred shares ආපහු ගන්න $211.8M (The Block).
Michael Saylor කිව්වා "The dots aren't done" කියලා (The Block).
මේ සතිය (SL time)
අද රෑ 8.30: US consumer confidence.
බදාදා රෑ 7.00: GDP (Q3) සහ PCE inflation (ඔක්තෝබර්). Core PCE consensus මාසයට 0.3% (AskTraders).
බ්රහස්පතින්දා: US Thanksgiving. US markets වහලා.
සිකුරාදා දවල් 1.30: Deribit මාසික options expiry, $6.6B විතර (Coinotag). US markets භාග දවසක්.
Altcoin පැත්තෙන්
ETH ඊයේ $1,844 ට ගියා, BTC ට වඩා ලොකු spike එකක්. ඒත් close එක ගිය ඉරිදා low එක ($1,709) ගාවමයි.
අද risk rule එක: ඊයේ BTC ට පැය කිහිපයකින් ලොකු up and down එකක්. PCE එනකම් එවැනි whipsaws තවත් එන්න පුළුවන්. Spike එකකට පස්සේ "chase" කරන්න එපා.
අද Takeaway එක
ඊයේ BTC ට අවස්ථාවක් තිබුණා: stocks ලොකුවට උඩට, shorts squeeze, fear අඩු. ඒත් BTC ඒ gains රඳවා ගත්තේ නෑ.
ETF outflows "structural" නම්, stocks ස්ථාවර වුණත් BTC ට ඉක්මන් recovery එකක් අමාරුයි. මේ සතියේ ETF figures, බදාදා PCE, සිකුරාදා expiry තමයි ඊළඟ signals.

ඊයේ plan එකේ result: Scenario B. Range එක ඇතුළේ close. ඒත් A zones ඔක්කොම intraday hit.
අද premium එකේ:
Scorecard (සඳුදා): A zones තුනම, ඒත් close එක B.
Book එක bid පැත්තට තුන් ගුණයක්, ඒත් ask algo එක අතුරුදහන්.
Shorts ආපහු ලොකුවට: $62K–$62.4K ලොකුම cluster එක.
අලුත් confluence map එක.
PCE plan එක.
🔒 Scenario A: BTC $6█,███ ට උඩින් daily close → shorts $1██M squeeze, ඊළඟ $6█K
Premium readers ලාට මේ ඔක්කොම පහළින් 👇
Premium plan එක කියවන්න SLTA Premium reader කෙනෙක් වෙන්න
හැම දවසකම "මෙහෙම වුණොත්, මේ zones බලන්න" scenario plan එක, source එකත් එක්ක key levels, options සහ whale data, සහ ඊයේ plan එකේ හරි වැරදි දෙකම. Buy/sell calls නෑ. Educational purposes සඳහා පමණි.
UpgradeAlready a subscriber? Sign in
Premium එකේ හැම දවසකම:
- Scenario plan: CPI, Fed, ETF flows වලට අනුව BTC, ETH, gold zones
- Key levels: හැම level එකකටම source එකක් (liquidations, cost basis, weekly/monthly opens)
- Options data: expiries, max pain, implied volatility
- Whale watch: exchange flows සහ ලොකු wallet moves, තහවුරු කරපු ඒවා විතරයි
- Scorecard: ඊයේ plan එකේ හරි, වැරදි දෙකම, හංගන්නේ නෑ


