Up to $1M in identity theft recovery
If identity theft happens, Coveron doesn't leave you alone. Get dedicated case managers, legal support, and up to $1M in recovery assistance. We handle the mess so you don't have to.
One scam can cost you everything - protect yourself now. The first 100 users get 20% off with code beehiivenewsletter.
30-day money-back guarantee. Terms and conditions apply.
Oil සහ yields ආයෙත් උඩට. BTC $83K ගාවට, altcoins වැඩියෙන් වැටුණා
SL Trading Academy Daily Crypto Brief
2026 සැප්තැම්බර් 29, අඟහරුවාදා

සුභ දවසක්!
ඊයේ අපි කිව්වා මේ සතිය quiet වෙන්නේ නෑ කියලා. පළවෙනි දවසේම ඒක පෙනුණා.
Bitcoin සඳුදා $84.5K ඉඳන් $82.6K විතර දක්වා බැස්සා. දැන් තියෙන්නේ $83.2K ගාව. ETH $2,670 විතර.
මේ පාරත් හේතුව crypto එක ඇතුළේ නෙවෙයි. Trump, Iran යෝජනා කරපු deal එක reject කළා. Oil ආයෙත් උඩ ගියා. US bond yields 2007 න් පස්සේ ඉහළම තැනට ආවා.
අද විශේෂයෙන් බලන්න ඕන දෙයක් තියෙනවා. Bitcoin 2% ක් විතර වැටුණු දවසක, altcoins ගොඩක් ඊට වඩා වැටුණා. ඒ ගැන අද අලුත් section එකකින් කතා කරනවා.
අද කෙටියෙන්
BTC $83.2K විතර. සඳුදා low එක $82.6K වගේ.
Brent oil $106 ට settle වුණා. US 10-year yield 5.24%.
Crypto market එකේ top 100 coins වලින් 91 ක්ම සඳුදා පහළට. Liquidations $500M විතර.
සඳුදා ETF number එක තවම සම්පූර්ණ නෑ. IBIT data එක තවම ඇවිත් නෑ.
Bitget එකේ BTC withdrawals ඊයේ පටන් ගත්තා. ETH අද දවල් 1.30 ට.
හෙට හවස 6 ට US PCE inflation. ඔක්තෝබර් Fed hike chance එක 72% විතර.
Iran deal එක reject කළා. Oil සහ yields උඩට
Iran යෝජනා කළේ දවස් හතක් ඇතුළත Strait of Hormuz එක ආපහු open කරන්න. ඒකට කොන්දේසි තිබුණා. US naval blockade එක අයින් කරන්න ඕන, Iran oil sanctions ඉවත් කරන්න ඕන, ceasefire එකකට එකඟ වෙන්න ඕන.
Trump ඒක කෙලින්ම reject කළා. "That deal would not be acceptable" කියලා තමයි එයා කිව්වේ. කතාබහ මේ සතියේ ආයෙත් පටන් ගන්නවා කියලත් කිව්වා.
ඒ ආරංචියත් එක්ක Brent oil $106 ට settle වුණා. දවසේ ඉහළම මට්ටමට වඩා අඩුවෙන් තමයි දවස ඉවර වුණේ. US 10-year yield 5.24% ට ගියා, 2007 න් පස්සේ ඉහළම මට්ටම. 30-year yield 5.56%.
US stocks 0.7%–0.9% අතර පහළට. Gold එකත් 3% ක් විතර වැටුණා.
ඒ කියන්නේ මේක crypto වලට විතරක් ආපු pressure එකක් නෙවෙයි. Yields මෙච්චර ඉහළ වෙලාවට, පොලියක් නොදෙන assets වලින් සල්ලි ටිකක් එළියට යනවා. Bitcoin, gold දෙකම ඊයේ ඒ විදියට react කළා.
ETF: සඳුදා number එක තවම සම්පූර්ණ නෑ
ගිය සතියේ Bitcoin ETF වලට $2.39B ආවා. සඳුදා ඒ streak එක දිගටම ගියාද කියන එක තමයි ඊයේ අපි බලන් හිටියේ.
හැබැයි අද උදේ වෙද්දිත් Farside එකේ BlackRock IBIT number එක ඇවිත් නෑ. IBIT නැතුව අනිත් funds ටික එකතු කළාම flat වගේ, පොඩි outflow එකක්. IBIT තමයි ගිය සතියේ ලොකුම buyer. ඒ නිසා ඒක එනකම් සඳුදා ගැන තීරණයක් දෙන්න බෑ. හෙට newsletter එකේ සම්පූර්ණ number එක දාන්නම්.
Ethereum ETF වලට ගිය සතියේ $690M විතර ආවා. හැම දවසකම inflow. Solana ETF වලටත් සතියකට record $188M ක් ආවා කියලා CoinDesk වාර්තා කරනවා.
Altcoin පැත්තෙන්

සඳුදා Bitcoin 2% ක් විතර වැටුණා. ඒ වෙලාවේ CoinDesk 100 index එක 2.6% ක් පහළට ගිහින් තිබුණා. ඒ index එකේ coins 100 න් 91 ක්ම පහළට ගිහින් තිබුණා. DeFi coins ගොඩක් තියෙන index එක 6% ට වඩා වැටුණා.
සිකුරාදා ලොකුවට උඩ ගිය coins තමයි ඊයේ වැඩියෙන්ම පහළට ආවේ. ඒ කියන්නේ ඉක්මනට ආපු ලාභ ටික ඉක්මනටම ආපහු ගියා.
ETH නම් Bitcoin වගේම 2% ක් විතර වැටුණා. SOL, XRP වගේ ලොකු altcoins 2%–5% අතර පහළට.
මුළු crypto market එකේ වටිනාකම දැන් $2.9T ට ටිකක් අඩුයි. Bitcoin dominance එක CoinMarketCap එකේ 58.5% ගාව. සැප්තැම්බර් 22 ඒක 59.7% යි. ඒ කියන්නේ ගිය සතිය පුරා altcoins, Bitcoin ට වඩා ටිකක් හොඳට perform කරලා තියෙනවා.
CoinMarketCap Altcoin Season Index එක 65 යි. මාස තුනකට වඩා කාලෙකින් ආපු ඉහළම reading එක ඒක. හැබැයි මේ index එක බලන්නේ පහුගිය දවස් 90 ක performance එක. ඊයේ වගේ එක දවසක් ඒකෙන් පේන්නේ නෑ. 75 පනිනකම් එයාලගේම definition එකට අනුව altseason එකක් නෙවෙයි.
මතක තියාගන්න ඕන දේ මේකයි. Macro pressure එකක් ආවම, altcoins සාමාන්‍යයෙන් Bitcoin ට වඩා වැඩියෙන් වැටෙනවා. Leverage දාලා altcoins trade කරන අයට තමයි ඒක වැඩියෙන්ම දැනෙන්නේ. ඊයේ liquidations $500M විතර වුණා. ඒකෙන් වැඩි කොටසක් long positions.
Bitcoin ETF වලට සල්ලි ආවා කියලා ඒ සල්ලි ඔක්කොම altcoins වලට එන්නේ නෑ. Dominance එක දිගටම පහළට යනවද, නැත්නම් macro pressure එකත් එක්ක ආපහු Bitcoin පැත්තට හැරෙනවද කියන එක තමයි මම නම් මේ සතියේ බලන් ඉන්නේ.
Bitget: BTC withdrawals ඊයේ පටන් ගත්තා
Bitget එකේ BTC withdrawals ඊයේ දවල් 1.30 ට schedule එකට පටන් ගත්තා. Bitget කියන විදියට ඊයේ දවල් 2.30 වෙද්දි withdrawal orders 9,585 ක් process කරලා තිබුණා. ඒ BTC 4,098 ක් විතර.
අද දවල් 1.30 ට ETH withdrawals පටන් ගන්නවා. Ethereum, BSC, Arbitrum, Base, Optimism networks වලින්. USDT හෙට. අනිත් tokens, fiat සහ P2P සිකුරාදා.
Mandiant සහ SlowMist කියන security firms දෙක investigation එක කරනවා. Attack එක කළේ state-backed group එකක් කියලා Bitget සැක කරනවා. ඒක තවම තහවුරු වෙලා නෑ.
ETH withdraw කරනවා නම්, network එක හරියටම තෝරන්න. වැරදි network එකකට යැව්වොත් සල්ලි නැති වෙන්න පුළුවන්. මුලින් පොඩි ගාණක් යවලා බලන්න.
BTC levels
ගිය සතියේ ඉඳන් අපි බලන් හිටියේ $82K–$83K zone එක. ඊයේ BTC $82.6K ට බැස්සා. ඒ zone එක test වුණු තුන්වෙනි වතාව. තවම hold කරනවා.
උඩින් $85K–$85.8K ගාව resistance එකක් තියෙනවා. ඊට උඩින් ගිය සතියේ high එක $87K.
Futures open interest එක මාර්තු මාසෙන් පස්සේ අඩුම මට්ටමේ. Funding rates negative. ඒ කියන්නේ traders ලා leverage අඩු කරලා, ටිකක් short පැත්තට බර වෙලා.
$82K ට යටින් daily candle එකක් close වුණොත්, ඊළඟට බලන්න තියෙන්නේ $81K ගාව තියෙන 365-day moving average එක. එතකම් මම නම් range එක ඇතුළේ බලන් ඉන්නවා.
හෙට සහ සිකුරාදා

හෙට (බදාදා), හවස 6 ට: US August PCE inflation. Headline PCE මාසෙට 0.4% කින්, core PCE 0.3% කින් වැඩි වෙයි කියලා තමයි බලාපොරොත්තුව. ඔක්තෝබර් 28 Fed hike එකක් එයි කියන chance එක දැනටමත් 72% විතර.
සිකුරාදා, හවස 6 ට: US September jobs report. බලාපොරොත්තුව jobs 100,000 ක්, unemployment 4.2%.
හෙට Q3 එකත් ඉවර වෙනවා.
අද Takeaway එක
ගිය සතියේ oil සහ yields ඉහළ ගියත්, ETF වලට ආපු සල්ලි නිසා Bitcoin $82K ට උඩින් තිබුණා.
මේ සතියේ ප්‍රශ්නය, oil $106, yields 5.24%, හෙට PCE කියන ඔක්කොම එකට ආවම ඒ support එක ඇතිද කියන එක. ඊයේ නම් altcoins, Bitcoin ට වඩා වැඩියෙන් වැටුණා.
— SL Trading Academy
මෙම newsletter එක educational සහ informational purposes සඳහා පමණි. Financial advice හෝ buy/sell signal එකක් නොවේ.
Sources: Farside – BTC ETF flows · Farside – ETH ETF flows · Coinbase BTC spot · Yahoo Finance – BTC/ETH Sep 28 · CoinDesk – altcoins unwind Friday's rally · CoinDesk – live updates Sep 28 · CoinDesk – BTC levels, Iran · CoinMarketCap – BTC dominance · Cointelegraph – dominance 59.7% (Sep 22) · Investing.com – oil settle, Iran proposal · Yahoo Finance – Sep 28 close, yields · TheStreet – Sep 28 close, gold · TheStreet – Fed odds, PCE & jobs forecasts · The Block – Bitget phased withdrawals · The Coin Republic – Bitget BTC withdrawals processed


