Most founders are one system away from turning LinkedIn into their best sales channel.

Engagement is easy to mistake for pipeline. On Sep 30, watch how a founder turns LinkedIn content into real outreach. Live. You'll walk away with a repeatable system: what to post, who to reach out to, and how to sequence it.
Eligible startups also get the LinkedIn-to-Leads Toolkit: ad credits, Apollo, Captions, and HubSpot's Prospecting Agent.
BTC weekend එක $84K ගාව. මේ සතියේ ලොකු tests දෙකක්
SL Trading Academy Daily Crypto Brief
2026 සැප්තැම්බර් 28, සඳුදා

Bitcoin weekend එක පුරාම $84K ලග තිබුනෙ. ඉරිදා රෑ වෙද්දිත් තිබුනෙ $84.5K වගේ. ETH $2,700 ලග තිබුනෙ.
එච්චර quiet වෙච්ච weekend එකකට පස්සේ සාමාන්‍යයෙන් එන්නේ ලොකු move එකක්. හැබැයි ඒක උඩටද පහළටද කියලා කවුරුත් දන්නේ නෑ.
මේ සතියේ ඒක තීරණය කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. අද ඒ ටික කෙටියෙන් බලමු.
අද කෙටියෙන්
BTC $84.5K විතර. Weekend range එක ගොඩක් පටුයි.
ETF flows අද රෑ ආපහු එනවා. ගිය සතියේ $2.39B, 2025 ඔක්තෝබර් එකෙන් පස්සේ හොඳම සතිය.
Bitget BTC withdrawals අද දවල් 1.30 ට. CEO AMA එක දවල් 1.00 ට.
බදාදා PCE inflation. සිකුරාදා US jobs report.
සැප්තැම්බර් 30 Q3 ඉවර වෙනවා.
ETF streak එක: අද රෑ පළවෙනි test එක
ගිය සතියේ Bitcoin ETF වලට $2.39B ආවා. 2025 ඔක්තෝබර් එකෙන් පස්සේ ETF වලට හොඳම සතිය ඒක. දවස් හතක් දිගටම inflow.
හැබැයි දවසින් දවස ගාණ අඩු වුණා. සඳුදා $999M ඉඳන් සිකුරාදා $135M ට.
අද රෑ US market එක open වුණාම මේ සතියේ පළවෙනි ETF number එක එනවා. අපිට ඒක හෙට උදේ newsletter එකෙන් කියන්න පුළුවන්. Inflow එක දිගටම ආවොත් BTC $84K ට යටින් support එකක් තියෙනවා කියන එක ශක්තිමත් වෙනවා. Outflow දවස් කීපයක් එකට ආවොත්, $82K zone එක ආයෙත් test වෙන්න පුළුවන්.
Bitget: අද BTC withdrawals
Bitget එකේ BTC withdrawals අද ලංකාවේ වෙලාවෙන් දවල් 1.30 ට පටන් ගන්නවා. ETH හෙට, USDT බදාදා, අනිත් ඒවා සිකුරාදා.
Bitget ගේ අලුත්ම official update එකට අනුව hack එකට හේතු වුණු දුර්වලතාවය හදලා ඉවරයි. ඊට පස්සේ අලුතෙන් unauthorized transfers වෙලා නෑ. Cold wallets සහ private keys safe. Users ලාගේ balances Protection Fund එකෙන් cover කරනවා. හොරකම් කරපු සල්ලි ආපහු ගන්න උදව් කරන කෙනෙක්ට, ආපහු ලැබෙන ගාණෙන් 5% ක bounty එකකුත් දෙනවා කියලා කියනවා.
CEO Gracy Chen ගේ live AMA එක අද දවල් 1.00 ට.
Bitget එකේ BTC තියෙනවා නම්, අද පළවෙනි පැය කීපයේ ගොඩක් අය withdraw කරන්න try කරන්න පුළුවන්. ඉවසලා ඉන්න. Official app එකෙන් විතරක් withdraw කරන්න. මුලින් පොඩි ගාණක් test කරන්න.
මේ සතියේ macro calendar

බදාදා, සැප්තැම්බර් 30, හවස 6ට (ලංකාවේ වෙලාවෙන්): August PCE inflation. Fed එක වැඩියෙන්ම බලන inflation number එක.
ඔක්තෝබර් 28 Fed hike එකක් එයි කියන chance එක දැනටමත් 70% ගාව. US 10-year yield 5.18%. PCE එක බලාපොරොත්තු වුණාට වඩා වැඩියෙන් ආවොත් yields තවත් උඩ යන්න පුළුවන්. ඒක BTC ට pressure එකක්. අඩුවෙන් ආවොත් bitcoin වලට එක හොද දෙයක්.
සිකුරාදා, ඔක්තෝබර් 2, හවස 6ට: US September jobs report. August එකේ jobs 162,000 ක් ආවා. මේ පාර බලාපොරොත්තුව 100,000 විතර. Jobs strong වුණොත් Fed එකට hike කරන්න තවත් හේතුවක්.
බදාදා: Q3 ඉවර වෙනවා. Quarter එකේ අන්තිම දවස්වල funds ලා positions හදාගන්න නිසා සමහර වෙලාවට අමුතු moves එනවා.
BTC levels
ගිය සතියේ levels තවම එහෙමමයි.
පහළින්: $82K–$83K. ගිය සතියේ දෙපාරක් test වෙලා hold කළා.
උඩින්: $87K. ගිය සතියේ high එක $87.3K.
Weekend range එක $83.8K–$84.6K විතර පටු වුණා. එහෙම පටු range එකකින් එළියට ගියාම, ඒ direction එකට ඉක්මන් move එකක් එන එක සාමාන්‍යයි. හැබැයි පළවෙනි breakout එකම fake එකක් වෙන්නත් පුළුවන්. Candle එක close වෙනකම් ඉවසන එක වටිනවා.
අද Takeaway එක
Weekend එකේ BTC quiet වුණත්, මේ සතිය quiet වෙන එකක් නෙවෙයි. ETF flows, PCE, jobs report, quarter end. ඔක්කොම එක සතියක.
මේ වගේ සතියකට කලින් කරන්න තියෙන හොඳම දේ, price එක කොහෙට යයිද කියලා අනුමාන කරන එක නෙවෙයි. එක එක පැත්තට ගියොත් ඔයා මොකද කරන්නේ කියලා කලින්ම හිතලා තියාගන්න එක.
— SL Trading Academy
මෙම newsletter එක educational සහ informational purposes සඳහා පමණි. Financial advice හෝ buy/sell signal එකක් නොවේ.

